සෞන්දර්ය හා බුදුදහම


    සුන්දරත්වය යනු සෞන්දර්යට කියන සමාන වචනයකි. සුන්දර දේවල් අගය කිරීම රසාස්වාදනයයි. මිනිසා රසාස්වාදනය ආරම්භකර ඇත්තේ

සාදු සාදු සමිදේ නුඹ වඳිනෙමි

සැලෙන බෝපත් කියයි නුඹෙ ගුණ අඩුවක් නැතිවම               සමිදුනේ
ගැටෙන සුදු වැලි සුපින්වත් බව හෙලි කරයි නුඹෙ දම්                  අගේ
මිලාන මල් පෙති නුඹෙ ලග වැතිරී අනියත කියනා බව               හැගේ
පහන් වැටක් සේ නුඹ අබියස හිත පිරී යයි බුදු                        සමිදුනේ

දළඳා සමිදු ඇයි තවමත් සසරේ අපි?

    අපි මනුෂ්‍යන් ලෙස මෙලොව පහළ වූවෝ වෙමු. පෙර සංස්කාර මත කුමක් හෝ සංඛත ධර්මයක් මත අප ලංකාව නැමති පින් බිමෙහි, සිංහල බෞද්ධයන් ලෙස මතු වීමු. බෞද්ධාගමට අනුව මිනිස් අත්බැව්හි වටිනාකම උදම් අනමු. අවසන දැනට පරමායුෂය වන වසර 65 කට ආසන්නව ආයු වලඳා මිහිදන් වෙමු.
බෞද්ධයකු වී ඔබ දැනට ලබාගෙන ඇති හරය කුමක්දැයි ඔබ සිතුවේද? මදක් හැරී බලන්න, දැනට පවතින තත්වය අනුව වසංගතයෙන් ඔබගේ මරණය සිදු වුවහොත්? ඔබ කුමක් කරන්නේද?

බක් පුන් පොහොය දිනය



මියන්මාරයේ චෛත්‍ය වනාන්තරය - බගාන්


     අග්නිදිග ආසියාතික රාජ්‍යයක් වන මියන්මාරය නොඑසේ නම් පැරණි බුරුමයද ශ්‍රී ලංකාව මෙන්ම ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිතව පවත්නා එක් කේන්ද්‍රස්ථානයක් ලෙස සුප්‍රසිද්ධියක් උසුලයි.

කොතනක සිටියද පවින් නොමිදිය හැකි බව

න අන්තලික්ඛෙ න සමුද්ද මජ්⁣⁣ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතො මුඤ්චෙය්‍ය පාපකම්මා

    අහසෙහි විසුයේ ද, සමුද්‍රමධ්‍යයට ගියේ ද, පර්වත විවරයකට පිවිසියේ ද, කර්මයෙන් නො මිදේ. යම් තැනක වෙසෙන තැනැත්තේ පාපකර්මයා ගේ විපාකය නො ලබා ඉන් මිදේ ද එබදු භුමි ප්‍රදේශයක් නැත.

අවසර දෙනවාද අම්මේ

සසරෙහි බව ගැඹුර
දැනුණා අම්මේ කලක සිට
ඔබට පවුලට ගැති සිත
බැදී තිබුණි යදමක් ලෙසට...
ඇතිවන නැතිවන බැදීම් මැද
දැනෙනා සිත් තැවුල් වේදනාවන් නොමද
ගිලන් වූ කල ගත සිත
ගෙනදෙයි පීඩා නිරන්තර...
නසන්නට සසර දුක
පුරනා පාරමී දමක් ලෙස
දරන්නට කසාවතදෙනවාද අම්මේ අවසර...

සසර අපි....

බව කතර
බොහෝ දුර
පැමිණි මග බලන කල....
සසර මග සැරිසරන
අපි තාම අසරණය..

උතුම් වූ නිවන් මග
දකින්නට මතු සසර
පින් වඩමු හැකි පමණ
එය වේවි සැනසුමම.......

ඉතින් අවසර....

වෙඬරු පිඩ සේ හදක් දුටි නම්,
    ඒ නුඹේ හද ම විය.
මිහිකත ද සේ හදක් දුටි නම්,
    ඒ නුඹේ හද ම විය.
වෙහෙර පරදන හදක් දුටි නම්,
    ඒ නුඹේ හද ම විය.
බෝ සෙවණ සේ හදක් දුටි නම්,
    ඒ නුඹේ හද ම විය.

අනුරුවක් අභියස

විස්මයකි හුදු ශෛලමය පර්වතයක පරිවර්තනය බවට,
දියතක් අමා දම් සිසිලෙන් නිවා සනහා මෝහාන්දකාරයේ තිමිර පට ඉරා ලූ, ලොව්තුරා සම්‍යක් සම්බුදු අමාමෑණියන් වහන්සේගේ අනුරුවක්....
ලත් පමණකින් දැකුම් මාත්‍රයකුදු.......
අවිද්‍යාවෙන් කිළිටි ගත් තුන් සිත වෙඩරු පිඩක් ද්‍රවණය වන්නා සේම මෘදුව,
අසුරු ගසන ක්ෂණයකින් එක්තැන් වී ඒකාලෝක කරන්නට සමත් ඒ මහා බුද්ධ පෞරුෂය විදහා පානා ප්‍රතිමා වහන්සේ...

කතුවැකිය

ඔබේ පරම ලාභය, ඔබේ දෑත මතයි.
කොවිඩ්-19, ඔබටත් මටත් ලෝකයේ රටවල් දෙසිය ගණනක වෙසෙන මිනිසුන්ටත්, මේ වචනය අළුත් නැතැයි සිතමි. එය ශ්‍රීඝ්‍රයෙන් ලෝක ජනගහනය ගිල ගනිමින් පවතී. මිනිසා වරින් වර සොබාදහමට සිදු කල හානි වල සමස්තය, පාරාවළල්ලක් ලෙස ප්‍රතිප්‍රහාරයේ යෙදී සිටියි. ලොව 88,505 කට ආසන්න පිරිසකට මේ වන විට ජීවිත අහිමි වී ඇති ප්‍රස්තුතයක මේ ලිපිය ලියන අවස්ථාවේදී, හත්වන කොවිඩ් මරණය අප රටින් වාර්තා විය.

යශෝදරා

දනිමි සොදලෙසමදිනොවූ මගේ ආලය
නමුදු පස් වී
අලු වී දැවී එය
ලෝ අමා කරුණා දයාවට