ශතවර්ෂ ගණනාවකට පෙර සිටම බුදුදහමට මියන්මාරය තුළදී ලැබුණු ගෞරවය මෙන්ම රාජ්‍ය අනුග්‍රහය විද්‍යමාන කරන ඉපැරණි විහාරාරාම සුවිසල් ප්‍රමාණයක් අදටත් නොනැසී පවතී.
මෙහිදී මියන්මාර් වැසියන්ගේ ඉමහත් ගෞරවයට මෙන්ම නිරන්තර වන්දනාමානයට පාත්‍ර වන බගාන් හෙවත් පගාන් විහාරාරාම සංකීර්ණය කිසිසේත්ම අමතක කළ නොහැකි සිද්ධස්ථානයකි. පගාන් යනු මෙම නගර සීමාව හැදින්වූ පැරණි නාමයයි. පගාන් නුවර_ බුරුමයේ 9 වන සියවසේ සිට 13වන සියවස තෙක් සමෘද්ධිමත්ව පැවති "පගාන්" රාජ්‍යයේ අගනුවර ලෙස පැවතිණ. වර්තමාන මියන්මාරයේ අගනුවර වන යැංගොන් සිට සැතපුම් 400 ක් දුරින් හා මණ්ඩලේ නගරයේ සිට සැතපුම් 170 ක් දුරින්, ඉරවඩි නදියේ නැගෙනහිර ඉවුර දෙසිට වන්නට_ පිහිටි මෙම මනරම් චෛත්‍යාරාම සංකීර්ණය චෛත්‍ය වනාන්තරය ලෙස අන්වර්ථ නාමයක්ද දරයි.
ඊට හේතු වී ඇත්තේ සංඛ්‍යාත්මකව ගත් කල 4500 කට ආසන්න ස්ථූප සහ විහාරස්ථාන සමූහයක් සැතපුම් 26 ක භූමි භාගයක් තුළ එක පොකුරක් ලෙස දැකගත හැකි වීමයි. එයින් 3822 ක් මේ වන විටත් පූර්ණ සුරක්ෂිත තත්වයෙන් පිහිටා ඇත. මේ අතුරින් 2200 කට අධික සංඛ්‍යාවක් ස්ථූප වීම මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය ලෙස සැළකේ. අතීතයේදී ස්ථූප හා විහාර ගොඩනැගිලි 13,000ක් පමණ පැවති බව ඉතිහාස වාර්තා හා පර්යේෂණ මගින් සනාථ කර තිබුණද නිරන්තරයෙන් ඇතිවන භූ කම්පන නිසා ස්ථූප හා ගොඩනැගිලි විනාශ වීම මෙම සංඛ්‍යාවේ අඩු වීමට හේතුවී ඇත.
බගාන් විහාරාරාම සංකීර්ණය ගොඩනැගීම ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේ සිට 13 වන සියවස දක්වා සිදුවූ බවට ඉතිහාසගත වාර්තා සාක්ෂ්‍ය දක්වයි. මෙහි ස්ථූප 'පැගෝඩා'('Pagoda')ලෙසද හැදින්වේ. (මියන්මාරයේ හා තායිලන්තයේ ස්ථූප හැදින්වෙන්නේ මේ නමිනි.)
අහස් ගැබ ස්පර්ශ කරන දහස් සංඛ්‍යාත පැගෝඩාවල කොත් නේත්‍රාකර්ෂණීය දර්ශනයක් මවාලයි. ඒ අතර විවිධ ගෘහ නිර්මාණ ශිල්ප සම්ප්‍රදායන්ට නෑකම් දක්වන පැගෝඩා දක්නට ඇත._ අර්ධ ගෝලාකාර ගර්භයකින් සමන්විත ස්ථූප, සොහොන්කොත් ආකාරයෙන් නිර්මිත ස්ථූප, මොන් නමැති බුරුමයේ දේශීය සම්ප්‍රදායේ ස්ථූප, ශ්‍රී ලාංකික සම්ප්‍රදායේ ස්ථූප හා ඉන්දීය සම්ප්‍රදායේ ස්ථූප ඉන් ප්‍රමුඛ වේ.
පගාන් රාජ්‍යයේ රජකළ විවිධ රජවරුන් තමන්ගේ ධාර්මික බව ඉස්මතු කිරීම පිණිස මෙන්ම ශ්‍රද්ධාවේ සංකේතයක් වශයෙන් මෙලෙස දහස් ගණන් පැගෝඩා සහ විහාරාරාම ඉදිකළ බවට ඉතිහාසඥයන් අදහස් පළ කර තිබේ. මෙසේ ඉදිකරන ලදුව ඒවා ජනතාවගේ වන්දනාමානයන් සහ භික්ෂූන් වහන්සේලාගෙ බණ භාවනාදී කටයුතු සදහා සම්බුද්ධ_ශාසනයට පූජා කරන්නට යෙදිණ.
මෙම ස්ථූප නොඑසේ නම් පැගෝඩා ඉදිකිරීම පිණිස අමුද්‍රව්‍ය වශයෙන් ගඩොල්, වැලිගල් සහ ශක්තිමත් දැව යොදාගෙන ඇති අතර සුළු ප්‍රමාණයක් පමණක් යකඩ සහ වානේ භාවිතයෙන්ද ගොඩනංවා තිබේ. බගාන් ඓතිහාසික නගර ප්‍රදේශය නිතර භූ කම්පන තත්වයන්ට මුහුණ දුන්නද මේ චෛත්‍යාරාම සංකීර්ණය මුළුමනින්ම විනාශ නොවීම මේ ඉදිකිරීම් වල ඇති ශක්තිමත් භාවය සනාථ කරවන්නකි. 2016 වසරේදීද රික්ටර් පරිමාණයේ 6.8 ක භූකම්පනයකටද මෙම ප්‍රදේශය ලක්වූ බව වාර්තා වේ.
ඓතිහාසික බගාන් නගරය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව සිදු කරන ලද්දේ 1995 දී වුවද එවකට මියන්මාරයේ පැවති හමුදා රජය විසින් සිදුකරන ලද නටබුන් ප්‍රතිසංස්කරණයන් UNESCO නිර්ණායකයන්ට අනුකූල නොවීම හේතුවෙන් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප විය. එහෙත් UNESCO සංවිධානය විසින් දී 2019 වසරේදී නිල වශයෙන් මෙම ඓතිහාසික නගරය ලෝක උරුමයක් බවට ප්‍රකාශ කරන ලදි.
මියන්මාර් වැසියන්ට පමණක් නොව ලෝකවාසී බෞද්ධ ප්‍රජාවටම ශාසනික වශයෙන් ගත් කළ ඉමහත් වටිනා පෞරාණික දායාදයක් ලෙස බගාන් චෛත්‍ය වනාන්තරය හැදින්විය හැකිය. මීට අමතරව පුරාවිද්‍යාත්මක ,සංචාරක මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය අතින් සැළකූ විටද බගාන් නගරය ලෝකවාසී සියලු දෙනාටම හිමිවූ අසමසම දායාදයක් ලෙස සැළකීම වරදක් නොවේ.
ඉතින් ඔබත් යම් දිනක සංචාරයක නිරත වී මෙම චෛත්‍යාරාම සංකීර්ණය වැදපුදාගන්නේ නම් එහි ගෞරවය ආරක්ෂා වන පරිදි_ වන්දනාමාන කරගෙන කුසල් සිත් උපදවා ගැනීම වඩාත් අරුත්බර වනු ඇත.
ප්‍රදීප් නිමන්ත
17 වසර කණ්ඩායම
17 වසර කණ්ඩායම
No comments:
Post a Comment