සුන්දරත්වය යනු සෞන්දර්යට කියන සමාන වචනයකි. සුන්දර දේවල් අගය කිරීම රසාස්වාදනයයි. මිනිසා රසාස්වාදනය ආරම්භකර ඇත්තේ
ස්වාභාව ධර්මය තුළින් යැයි අවිවාදයෙන් තොරව සිතිය හැක. කුරුලු හඩවල්, සුළගට ලෙලදෙන ලා දළු, සද තරු පිරුණු රාත්‍රි අහස, වසන්තයේ පිපෙන පාට පාට මල් ඇතුළු සොබාදහමේ රස පිරුණු තැන් දකින්නට ඇසෙන්නට ලැබුණු එකල මිනිසාට ඉබේම කවි, ගීත, චිත්‍ර, ලියවෙන්න ඇත. මෙසේ එවැනි නිර්මාණයවල ආරම්භයත් සමගව විවේකය ඵලදායි ලෙස ගත කිරීමත් සමගම කලාව ඉපැදී වර්ධනය වී ඇත. පසුව ඒවා මහා ශිෂ්ඨාචාර, ඇතැම් ආගම් බිහිවීමටත් හේතුවී ඇත. එබැවින් කලා නිර්මාණය නොහැකි වූවත් කලා රසය විදීමක් සෑම පුද්ගලයකුට තිබියයුතු බව අද පිලිගනු ලැබේ. ඒ නිසා ඕනෑම රටක පාසල් විෂය නිර්දේශයට පවා ඇතුලත් කර ඇත.
ස්වාභාව ධර්මය තුළින් යැයි අවිවාදයෙන් තොරව සිතිය හැක. කුරුලු හඩවල්, සුළගට ලෙලදෙන ලා දළු, සද තරු පිරුණු රාත්‍රි අහස, වසන්තයේ පිපෙන පාට පාට මල් ඇතුළු සොබාදහමේ රස පිරුණු තැන් දකින්නට ඇසෙන්නට ලැබුණු එකල මිනිසාට ඉබේම කවි, ගීත, චිත්‍ර, ලියවෙන්න ඇත. මෙසේ එවැනි නිර්මාණයවල ආරම්භයත් සමගව විවේකය ඵලදායි ලෙස ගත කිරීමත් සමගම කලාව ඉපැදී වර්ධනය වී ඇත. පසුව ඒවා මහා ශිෂ්ඨාචාර, ඇතැම් ආගම් බිහිවීමටත් හේතුවී ඇත. එබැවින් කලා නිර්මාණය නොහැකි වූවත් කලා රසය විදීමක් සෑම පුද්ගලයකුට තිබියයුතු බව අද පිලිගනු ලැබේ. ඒ නිසා ඕනෑම රටක පාසල් විෂය නිර්දේශයට පවා ඇතුලත් කර ඇත.
කලාව රාගය දනවන සුලුයි. එම නිසා එය ඉදුරන් දමනය කර ගැනීමට වෑයම් කරන බෞද්ධයාට කලා රස විදීමට ඉඩක් තිබේදැයි කෙනෙක් ප්‍රශ්න කරයි. වරක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ගෙන් විමසුයේ
"මිනිසුන් වරදට පෙලබෙන්නේ ලෝකයේ ඇති විසිතුරු බව නිසාය." යැයි කියාය.
එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ
"මිනිසුන් වරදට පොළඹවන කාමය හටගන්නේ විසිතුරු වස්තූන්ගේ නොව මිනිස් සිතේය, විසිතුරු වස්තු එසේම තිබියදී නුවණැත්තෝ තම සිත රැකගනිත් " යනුවෙන් වදාළ සේක.
ධර්මයට අනුව දුකට හේතුව වන්නේ තදින් අල්ලා ගැනීමයි. එයට උපාදානය යැයි කියනු ලැබේ. ඒ අනුව තදින් අල්ලා ගැනීමකින් තොරව හෝ අයිතිකරගැනීමේ ආශාවකින් තොරව යථා තත්ත්වය සලකා කලා රස විදීමට බෞද්ධයාට ඉඩ තිබේ. බුදුරජාණන් වහන්සේත් කෙලෙස් නැසූ රහතන් වහන්සේලාත් එසේ සුන්දරත්වය අගය කළ අවස්ථා ද බෞද්ධ සාහිත්‍ය තුල හමුවේ.
සිදුහත් බෝසතානන් වහන්සේ භාවනා වැඩීමට උරුවෙලාව තෝරාගනු ලැබුවේ එහි තිබූ සුන්දරත්වය නිසාය. උන්වහන්සේ ඒ පිළිබඳ ව මෙසේ ප්‍රකාශ කල සේක.
"මේ බිම රමණීයයි. වනලැහැබ සිත් සතුටු කරවයි. සුදු වැලි තලා ඇති මහා තොටද රමණීයයි. වීර්යය වඩන කුල පුතෙකුහට භාවනා කිරීම ඉතාම මැනවි. මම මෙතැන නැවතී වීර්යය වඩමි".
බුදුරජාණන් වහන්සේ තමා ඇතුලු භික්ෂූන් කය වසාගෙන සිටින සිවුර සදහා කහ වර්ණය නිර්දේශය කලේ මගධයේ කරලින් බරවූ රමණීය කෙත්වතු වලට සමාන කරමිනි.
බුදුරජාණන් වහන්සේ තමා අවසන් වරට විසාලා මහනුවර දකින අවසන් අවස්ථාවේ දී නුවරේ ලස්සන අගය කල බව මහාපරිනිබ්බන සූත්‍රයේ මෙසේ සදහන්වේ.
"ආනන්දය, මේ විසාලා මහනුවර රමණීයයි, උදේනි චේතිය ද සිත් අලවන සුලුයි, චපාල චේතිය ද සිත් පිණවයි"
සොඳුරු සාල වනෝද්‍යානයක උපත ලබා ප්‍රසාද සුව එළවන රමණීය භූමි භාගයක දී සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වය සාක්ෂාත් කොටගෙන ඉසිපතන වන අරණෙහි දී චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත දහම් මඟ ලොවට විවර කොට සල් උයනක දී ම පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ජීවන චර්යාව ම රමණීය පරිසරය සමඟ තිබූ බව මැනවින් පිළිබිඹු වේ.
රතියෙන් තොරව ස්වාභාව ධර්මයේ සුන්දරත්වය විදීම සදහාත්, බාධාවකින් තොරව භාවනා කිරීම සදහාත් භික්ෂූන් වහන්සේලා අජන්තා වැනි ලෙන් විහාර, ඉසුරුමුණිය, මිහින්තලය, සිතුල්පව්ව වැනි ස්ථාන තෝරාගත්හ. එසේම ජල උල්පත් ආශ්‍රිතව තම ආරාම ඉදිකිරීමෙන් වළකින ලෙස බුදුරජාණන් වහන්සේ නීතියක් පනවා ඇත්තේ රමණීයත්වයට හානි වන බැවිනි.
තාලපුට, සාරිපුත්‍ර, ගිරිමානන්ද, සේල වැනි මහරහතන් වහන්සේලා පරිසරයේ සුන්දරත්වය අගය කල අයුරු ථේරී ගාථා වල සදහන් වේ. මහා පර්වතයක සුන්දරත්වය විදි වනවච්ජ නම් හිමි නමක් එහි සුන්දරත්වය විදි අයුරු ථේරී ගාථාවක සදහන් වේ.
(සිංහල අදහස)
පෑදි දිය රැදි ඇති
පුළුල් ගල් තලා ඇති
වදුරු මුව පිරී ඇති
දිය සෙවලින් බැදී ඇති
ඒ මහා පර්වතයො
මගේ සිත ඇදගනිත්
මල මැලවෙන්නේ කෙසේද එසේම මගේ ශරීරය ද විනාශයට පත්වීම අවබෝධ කරගනිමින් ලෝකයේ යථාර්ථය මලෙන් ද දකිමින් භාවනාවක යෙදීමට තරම් බෞද්ධයාට හැකියාවක් පවතී. ධාර්මික විනෝදාස්වාදය ලබමින් කුසල් රැස්කර ගැනීමට පෙළඹෙන බෞද්ධයා නැටුම් වැයුම් කලාවන් පෙරහැර සදහාද, බුද්ධ පූජා, කඨින පිංකම් සදහාත් යොදා ගන්නා ලදී.
බෞද්ධ කලාකරුවා හුදෙක් ජනයා හට දැනුම ලබා දීමටත්, ශ්‍රද්ධාව ජනිත කිරීමටත් කලාව මාධ්‍යක් වශයෙන් යොදාගෙන තිබුණි . ඒවායේ ප්‍රතිඵල වශයෙන් අජන්තා, එල්ලෝරා, ලෝකයේ ප්‍රකට චිත්‍ර බිහිවිය. අවුකන, තොලුවිල, මහමෙව්නා, මාලිගාවිල වැනි පිලිමත්, සාංචි, රුවන්වැලි, ජේතවන වැනි මහා දාගැබ් බිහිවිය. ගුත්තිල කාව්‍ය, සසදාවත, යශෝදරාවත වැනි පද්‍ය පන්ති කවීන් විසින් නැගූහ. ඇතැම් රාගාදී දේවල් ශ්‍රද්ධාව ජනිත වන අයුරින් ගොඩනැංවීමට තරම් බෞද්ධ කලාකරුවා බුද්ධිමත් විය.
මේ සියලු කරුණු මගින් පැහැදිලි වන්නේ බුදු දහම පැතිර ගිය කවර රටක වුවද බෞද්ධ කලා ශිල්ප සම්භාරයක් දැකගත හැකිවන්නේ එය කලාශිල්ප වර්ධනයට මහත් රුකුලක් වූ බැවිනි.
P.H අනුෂ්ක
15 වසර කණ්ඩායම
15 වසර කණ්ඩායම
No comments:
Post a Comment