දනිමි සොදලෙසමදිනොවූ මගේ ආලය
නමුදු පස් වී
අලු වී දැවී එය
ලෝ අමා කරුණා දයාවට
සන්සාරිනි මා ඔබේ
පසුපසින් ආ
සෙවනැල්ල එදවස
සපත වෙනුවස්
ඔබේ අරමුණ
හෙලූ මා උණු කදුලු
පරයැයි සප්ත සමුදුර
ඉදින් නිහඩව කිමද
නොදනීද ඒ
වේදනා හිමිසද
අකැපයිලූ අද
ස්පර්ශයට ඔබ
කුමන වූ අවනඩුවක්ද එය
ඉදින් උහුලනු කොහොම
නැත ඉතිරි කිසිත් තව
අහිමි වීමට
ඔබත් අහිමිව
ගියපු දා සිට
නැත කිසිදු සරණක්
ඔබෙන් පිට මට
බැලූ අත සිත්තම්ව
ඔබේ රුව වීය
ඇසුනි සවනත පුරා
ඔබේ හඩ ගෙත්තම
දැනේ තාමත් හිමි සුවද
යහන්ගැබ වත්තම්ව
හැරුනුවිට කිරිසුවද
සසර බැමි පසක් කල
ආලයේ නාමෙන්ද
ඔබ හැර ගියද
මා අත නොහල
පතිවෘතා බලයෙන්ද
ළය පැලී වේදනා
දිවි නිමවෙන්ට මත්තෙන්ද
යශෝදරා මා
අසමි ඔබගෙන්
දෙපා රත්කමලත
සිපගන්ට අවසරද
විදුසරී විජේසේකර
16 වසර කණ්ඩායම
No comments:
Post a Comment