සැලෙන බෝපත් කියයි නුඹෙ ගුණ අඩුවක් නැතිවම සමිදුනේ
ගැටෙන සුදු වැලි සුපින්වත් බව හෙලි කරයි නුඹෙ දම් අගේ
මිලාන මල් පෙති නුඹෙ ලග වැතිරී අනියත කියනා බව හැගේ
පහන් වැටක් සේ නුඹ අබියස හිත පිරී යයි බුදු සමිදුනේ
පරම සත්‍ය සුමියුරු දම්පද ඇසුමට පෙරුමන් පුරන් ඇතී
එනමුදු සමිදුනි නුඹව දැකුමට කලපින් මා මද වෙන්න ඇතී
දඹදිව් තලයට නුඹ පෑයූ දා දෙවියොත් මේ ලොව වදින්න ඇතී
සමිදු ඔබේ බණ එදා මිනිසුන් මුදුනත් බැද පිළිගන්න ඇතී
නුඹෙ ගුණ වැයුමට උපමා මට නැත මේ ලොව එතරම් වස්තු නැතී
නුඹ කියූ සත්‍ය නැමති දහම් ලගු අනෙකුත් ආගම් දෙවෙනි වෙතී
අනන්ත බුදුගුණ ගලනා නුඹෙ මුව හා සමවන ලොව පිළිම නැතී
හිමියනි නුඹෙ බණ අසා සැනසුන දෙනා ගණනය කරනු බැරී
හිමියනි නුඹ ගිය මග මා යන්නෙමි මතු දිනයකදී බවුන් වඩා
සමිද ඔබ මෙන් එතෙර කරමි මා දෙගුරුන් සසරේ සිවුරු දරා
බණ පද ඇසුමට කල පින රැකගමි හිමියනි නුඹ මග යමින් සදා
පෙරුම් පුරමි මා සැමදා නුඹ කී පරම සුවය ලැබෙනා තුරා
වචන නැහැ මට ලියන්න ඔබෙ ගුණ සමිද ඒ ගුණ අපරිමිතයි
බුදු වන්නට නුඹ කල ඒ වෑයම මගේ පැතුමන් දිරි ගන්වයි
සිත එකතැන් කල නුඹෙ බණ පද යලි යලිත් නිති සිහි ගැන්වෙයි
සාධු! සාධු! සමිදෙ නුඹ වදිනෙමි ඒ හැමවිට සිත සුපහන් වෙයි
H.M.Y.T.චන්ද්‍රසිරි
17 වසර කණ්ඩායම
No comments:
Post a Comment