න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා
අහසෙහි විසුයේ ද, සමුද්රමධ්යයට ගියේ ද, පර්වත විවරයකට පිවිසියේ ද, කර්මයෙන් නො මිදේ. යම් තැනක වෙසෙන තැනැත්තේ පාපකර්මයා ගේ විපාකය නො ලබා ඉන් මිදේ ද එබදු භුමි ප්‍රදේශයක් නැත.
අද ලෝකයේ වාසයට සුදුසු යැයි සම්මත ප්රදෙයන් සැබැවින්ම වාසයට සුදුසුම දැයි සිතෙනවාදොයි මාහට කුකුසක් ඇතිවෙයි. ඒක පුද්ගල ආදායම ඉහළ, භෞතික සම්පත් අනූණ, තාක්ෂනණයෙන් කෙළ පැමිණි, සෞඛ්‍ය පහසුකම් මැනවින් ඇති ජාතින් අද එවැනි තත්ත්වයන් නොමැති ජාතින් මෙන්ම එකසේ රෝග විවසනයන්ට හසු වී ඇත. මා මෙ ලිපිය ලියන්නේ කිසිදු රටක ජාතියකට චොදනා කිරිමට හෝ පැසසීමට නොව සියල්ල උපෙක්ෂාවෙන් දකිමින්ය.
වර්තමාන තත්ත්වයන් ගැන සිතන විට ඉහත පාඨය මාහට මතක් විය. මෙම උතුම් පාඨය කෙතරම් කලෝචිත දැයි ඕනැම කෙනෙකුට සිතෙනවා නොඅනුමානයි. මෙලොව උපත ලබන සැම මිනිසෙක්ම කර්මය නැ කොට ඇත්තේ ය. සියල්ල සිදුවන්නේ කර්මය මත පදනම් කොට නොහෙන නමුත් කර්මය අප සියල්ලන්ගේම ජීවිත වලට සැළකිය යුතු බලපෑමක් සිදු කරයි.
අප කරන ක්‍රියාවන්ට අනුරුපව ඵල කවදා හෝ ලැබෙනනු ඇත. මේ ක්‍රියාවන්ට සමාව අයැද අහොසි කරගැනිමක් කළ නොහැක. ස්වභාව ධර්මයේ ක්‍රියාවලට කිසිවෙකුට වෙනස් කළ නොහැක. තිලොගුරු සම්මා සම්බුදු රාජාණන්වහන්සේ සද්ධර්මය දේශනා කොට වදාළේ ක්‍රියාවලිය තෙරුම් ගැනීමට ය. අප ක්‍රියාවන්ට අනුරූප ලැබෙන ප්‍රතිඵලයෙන් බේරීමට අප නොතැනකට ගියත් බැරිය.
අපට යහපත් ප්‍රතිඵල ලැබෙන ක්‍රියා පින් ලෙසත් අයහපත් ප්‍රතිඵල ලැබෙන ක්‍රියා පව් ලෙසත් අපි හදුන්වමු. පව් කම් අප සුළුකොට නොසැළකිය යුතුය. මන්දයත් පව් කොට අපට බෙරීමට නොහැක. අප කරනා වු පව් කම්වලට විපාක ලැබෙන විට සිතා ගන්නටවටත් නොහැකි වණු ඇත. මෙයට හොදම උදාහරණය නම් අද අප දෑස් ඉදිරියේ මෙ විද්‍යාමාන වි ඇති තත්ත්වයයි. භෞතික සම්පත් වලින් අනූණ ඉතා දියුණු පෙදෙස් වල උපත ලැබීමට පින් තිබු බොහො දෙනෙකුට ඇසටවත් නොපෙනෙන ඉතා කුඩා දෙයක් නිසා නොසිතු අයුරින් මරණයට පත් ව්මට සිදු වුණා. එබැවින් තමාට, අනුන්ට, තමාට හා අනුන්ට යන පාර්ශව තුනටම අයහපතක් වන ක්‍රියා නොකිරිමට අප වග බලා ගත යුතුයි. එසේම පෙර තමා අතින් පව් සිදු වුවද, මතුවට ඉතා උවමනාවෙන් පින් කම් හැකි උපරිමෙයන් කළ යුතුය. මෙසේ යහපත්ව සිටීමෙන් මෙ දිවියේ ද මතු ජීවිතවලදි ද සතුටින්, ආරක්ෂිතව දිවි ගැවීමට අප හට හැකිවණූ නොඅනුමානයි.
සාහිත කරපිටිය
16 වසර කණ්ඩායම
16 වසර කණ්ඩායම
No comments:
Post a Comment