වෙඬරු පිඩ සේ හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
මිහිකත ද සේ හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
වෙහෙර පරදන හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
බෝ සෙවණ සේ හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
මෙත්තාවේ උල්පත ද නුඹ විය.
මුදිතාවේ උල්පත ද නුඹ විය.
කරුණාවේ උල්පත ද නුඹ විය.
ආදරයේ උල්පත ද නුඹ ම විය.
අප නිසා විඳි දුක් අපමණයි නුඹ.
අප නිසා හෙලු කඳුළු අපමණයි නුඹ.
සසරෙ පෙරු පාරමී අපමණයි නුඹ.
අම්මේ,
ඉතින් අවසර - එතෙර කරන්නට
__________සසර ගමනින් නුඹ....
ලහිරු දිල්ශාන්
15 වසර කණ්ඩායම
No comments:
Post a Comment