කතුවැකිය

ඔබේ පරම ලාභය, ඔබේ දෑත මතයි.
කොවිඩ්-19, ඔබටත් මටත් ලෝකයේ රටවල් දෙසිය ගණනක වෙසෙන මිනිසුන්ටත්, මේ වචනය අළුත් නැතැයි සිතමි. එය ශ්‍රීඝ්‍රයෙන් ලෝක ජනගහනය ගිල ගනිමින් පවතී. මිනිසා වරින් වර සොබාදහමට සිදු කල හානි වල සමස්තය, පාරාවළල්ලක් ලෙස ප්‍රතිප්‍රහාරයේ යෙදී සිටියි. ලොව 88,505 කට ආසන්න පිරිසකට මේ වන විට ජීවිත අහිමි වී ඇති ප්‍රස්තුතයක මේ ලිපිය ලියන අවස්ථාවේදී, හත්වන කොවිඩ් මරණය අප රටින් වාර්තා විය.
රටේ පවතින වාතාවරණය එසේ වන විට, මේ මොහොතේ කොවිඩ් ආසාධිත යැයි සැකසහිත අයෙක්, රෝහලට ඇතුළු කරන ලදී. මන්ද යත් මමද මෙම මොහොතේ හදිසි අනතුරකට පත් අයකු වෙනුවෙන් රෝහලෙන් පිටත රැඳී සිටින බැවිනි. "මරුවා සමග වාසේ" කියමින් රැඳී සිටින මට බුද්ධ දේශනාවන්හි සත්‍ය කෙමෙන් වැටහෙන්නට ගති. කිසියම් හෝ තත්වයක් මත ආසාධනය වූයේ නම් "දේසේ හැටියට බාසේ" කියා සිටීමෙන් ඵලක් නැත. ස්වකීය ආරෝග්‍ය වෙනුවෙන්, අනෙකුන්ගේ පරම ලාභය වෙනුවෙන්, වහ වහා ප්‍රතිකාර සඳහා පිටත් විය යුත්තේය. සෞඛ්‍ය, ආරක්ෂක සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි නිළධරුවන් බලවත් ප්‍රයත්නයක, යෙදෙන විට ජාතික වගකීම ඉටු කරනු වෙනුවට ඇතැමෙක් කළු කඩ වෙළඳාමේ යෙදෙති, බූරුවා අදිති, "වෙල්ජීන්, කසානා" අනුවර්ත නමින් යුත් නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙති. පිරිහෙමින් පිරිහිමට යති. විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් වශයෙන්, මෙවන් ප්‍රස්තුතයක, අප සිදු කල යුතු දෑ බොහොමයක් පවතී. මේවා රටේ ඉදිරි කාර්‍ය සාධනයට වැදගත්, ආර්ථික සාමාජයික දේශපාලනික වෙනස් කම් බොහොමයක් ඇති කරන පෙරලිකාර කර්තව්‍යයන් විය යුතුය. කෙසේ වුවත් කළ යුත්තක් කළ යුත්තේ හිතවත් කම් අතේ දුරින් තබා, ස්වයං නිරෝධනයෙන්ම පමණි. සමහර විට ඔබේ චින්තනය සමාජ ගත කරන්න මෙය ඉතාම වටිනා කාලයක් යැයි උදක්ම දැක්විය හැකිය. එවන් ප්‍රයත්නයකි "සිත්මංසල". සිත්මංසලින්, ස්වයං නිරෝධනයට ලක් වන්නන්ගේ අස්ථාවර ආධ්‍යාත්මය ස්ථාවර කරගැනීමට, මානසික ආරෝග්‍ය පවත්වාගැනීමට දරණ කළ්‍යාණ මිත්‍ර වෑයම සැබැවින්ම අග්‍රගණ්‍යයි.

සිත් මංසල, ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණයෙහි ලා මහගු තෝතැන්නක්. අන්‍යාගමික බොහෝ දෙනෙක් බුදු දහම කර්මවාදයක්, දුක පිළිබඳව පමණක් සාකච්ඡාවට බඳුන් කරන ආගමක් ලෙස හංවඩු ගසති. එහෙත් ඒ නොදන්නා ඇත්තන්ටය. කරුණු දන්නා ප්‍රඥා වන්තයාට මෙය ගාම්භීරය, චාම්‍ ය, මටසිලිටිය, කෙලවරකින් එක් ධර්ම කරුණක් ගැටපද රැහැන් බිඳි කළ පරම සුන්දර නිර්වාණය කරා අසූ හාර දහසක ධර්මස්කන්ධ නුවණැස පහල වන්නේය. ඒ තරම් ධර්මය ඒහි පස්සිකය. අරුත් ගැට පද, අභිධම්මපකරණ, ආදී එකී මෙකී නොකී පත පොතෙහි අන්තර්ගත අභිධර්ම රසය නොතේරෙන අයෙකුට බුදුදහම යනු ආමිසය පමණක් කරණකොට ගත් "අන්තෝ ජටා - බහි ජටා"වකි. දැන් දැන් ධර්මය දත් ධර්මධර යතිවරු අවම වී යන්නා වූ යුගයක, ස්වල්ප වශයෙන් හෝ මේ දරණ වෑයම, වර්ණනා කටයුතුය.

කෙසේ නමුත්, ස්වයං නිරෝධායන සමය ඔබටත් රටටත් වැඩදායක ලෙස කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවයකි. බුද්ධ දේශනාවට අනුව, උන්වහන්සේගේ ප්‍රකාශ, අනාවැකි දෑස් ඉදිරිපිට අනාගත වංශය ලියවෙන තැන, ඉදිරියේ ඇතිවන සියලු ගැටලු වලට පූර්වයේ සූදානම්ව, ආධ්‍යාත්මික ගුණවගාවෙන් පෝෂණය වී රට දැය සමය වෙනුවෙන් වාත සමුට්ටානයෙන්, සෙම්මසමුට්ටානයෙන්, පිත්තසමුටානා යන ආබාධිකයන්ගෙන් ගිලානයට නොගොස්, චිත්තසමුට්ටානයෙන්, දිරි වඩා නැගිටිමු. නිර්මල දහම, පංකජය මතුයෙන් නැගි පුණ්ඩරීකය ලෙස රැකගනිමු.
සංස්කාරයෙන් අසංස්කාරය වෙත ඇදෙමු.
තෙරුවන් සරණයි!!!

උරේෂා රවිහාරි වීරක්කොඩි
16 වසර කණ්ඩායම

No comments:

Post a Comment