Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

තුන් බැ ජටිල දමනය

තුන් ලොව අඳුරු දුරු කළ බුදු හිමි    වසන
කුළුදුල්  වස්සානේ  කරලිය සිරි   ගෙනෙන
නව උණුහුමේ  පිපි වන මල්  සුවඳ   ගෙන
දඹදිව් තලය නව  පුහුඹෙන්  එකලු    විණ

බුදු හිමිගේ පුරිසදම්ම සාරථී ගුණය

දුනුවායන් බෝ              එවා
අසමත් වූ කල               පවා
බුදු රදුන්ට ගල්            පෙරලා
දෙව්දත් තෙර වින           කළා

නව අරහාදී බුදුගුණ වැයුම

පුරා කප් ලක්ෂයක් පාරමි උතුම් බුද්ධත්වය             පතා
ලෝසතුන් සැම එතෙර කරවා අමා නිවනට පෑ         නිසා
නොහැක වයනට උතුම් ගුණ කඳ උන්වහන්සේ පෑ          එදා
ගෙනැර පෑමට ඉතින් අවසර ගුණය නව අරහදි    කුලුනිනා

සාදු සාදු සමිදේ නුඹ වඳිනෙමි

සැලෙන බෝපත් කියයි නුඹෙ ගුණ අඩුවක් නැතිවම               සමිදුනේ
ගැටෙන සුදු වැලි සුපින්වත් බව හෙලි කරයි නුඹෙ දම්                  අගේ
මිලාන මල් පෙති නුඹෙ ලග වැතිරී අනියත කියනා බව               හැගේ
පහන් වැටක් සේ නුඹ අබියස හිත පිරී යයි බුදු                        සමිදුනේ