ලෝසතුන් සැම එතෙර කරවා අමා නිවනට පෑ නිසා
නොහැක වයනට උතුම් ගුණ කඳ උන්වහන්සේ පෑ එදා
ගෙනැර පෑමට ඉතින් අවසර ගුණය නව අරහදි කුලුනිනා
පුද කලේ නිති දැක්ම නිවැරදි අනිසි මිසදිටු මත මකා
සුදුසු සේකය උතුම් පිදුමට ගුණය අරහං මේ ලෙසා
නිමල නොකැලැල් දහම චතුසත් තනිව අවබෝධය නිසා
ගුණය සම්මා සම්බුද්ධ ලෙස ලෝ සතුන් නිති පවසනා
අෂ්ට විද්‍යා සමග පසළොස් චරණ දහමෙන් යුතු නිසා
දුරැර ගණදුර නම් අවිද්‍යා විජ්ජා චරණය ගුණ විදා
අතැර අන් මග මැදින් පිලිවෙත අනුව නිවනට පෑ නියා
අමා මෑණී බුදු පියාණන් සුගත ලෙස නම් වූ නියා
සත්ව සංඛාර ලෝක ඕකස ලෙසින් අතැඹුල දත් නිසා
ලෝකවිදු ලෙස ගුණය ලෝසත වෙතට පෑ සේකය එදා
සැවොම පරයන උසස් ගුණයෙන් උන්වහන්සේ හෙබි නිසා
අනුත්තර ලෙස නම් ලබා ඇත අපේ බුදු හිමියන් මෙදා
තෙරුන් දෙව්දත් අලව් යක් හා ජටිල තුන්බෑයන් එදා
කලේ දමනය සියලු ලෝ සත පුරිස දම් සාරථී විදා
මෙලොව පරලොව නිවන ලෙස යන ත්‍රිවිධ අර්ථය පාමිනා
දෙව් මිනිස් යන සෑම දෙනටම ශාස්තෲවරයන්_ වුවා
මෙනෙහි කරනට නොතිත් බුදුගුණ ධරණිතලයට පෑ නියා
ගුණය සත්ථා දෙව් මනුස්සා වීය බුදු සමිදුන් මෙදා
දහම චතුසත් එලෙසින්ම සැම නොහැර බිදුවක් හෝ එදා
ගුණය බුද්ධෝ ලොව පතළ විය දනන් අවබෝධය නිසා
කල්පෙකින්වත් කියා නිමකල නොහැකි ගුණයන් ඇති නිසා
වීය භගවා නමින් හිමිසද මහා ගුණකද පාමිනා
අනුව දහමට ලෙසින් ආමිස_ප්‍රතිපත්ති නිති පුදමිනා
හැකිය මොක් මග සොයා යන්නට_ඔබට මෙන් මට මෙලෙසිනා
තමෝදා දිල්හාරි
17 වසර කණ්ඩායම
17 වසර කණ්ඩායම
සංක සුභාශන 17වසර කණ්ඩායම |
No comments:
Post a Comment