බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පුරා වසර 45ක කාලයක් මුළුල්ලේ ලෝ සතුන්ගේ හිත සුව පිණිස තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් ධර්මය ලෝ සතුන්ට දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය නිසි අයුරින්ම ඉෂ්ට කල සේක. තථාගතයානන් වහන්සේ වයස අවුරුදු 80දී ආනන්ද ස්වාමින් වහන්සේ අමතා “පින්වත් ආනන්දය , මගේ ශරීරය දැන් දිරාගිය කරත්තයක් වැනිය” ලෙස පැවසු බව ධර්මයේ සදහන් වේ.
ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ තම අවසාන වස් කාලය ගත කිරීම සදහා බේලුව ගම්මානයට වැඩම කල සේක. ඒ ආනන්ද ස්වාමින් වහන්සේ සමගන්. එහිදී උන් වහන්ස්සේට මාරාන්තික උදරාබාදයක් වැළදෙන ලදී. ඒ අනුව තථාගතයාණන් වහන්සේ තමන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න බව අවටහ ගත්තහ.
රෝගපීඩා උත්සන්න වීමත් සමගම පරිනිර්වාණය සදහා කුසිනාරා නුවර බලා තාථාගතයාණන් වහන්සේ පයින්ම වැඩි සේක. අතරමගදී බොහෝ ශාරීරික අපහසුතාවන්ට පත්වූ බව ධර්මයේ සදහන් වේ. ඍද්ධි බල නොමැති සාමාන්‍ය අයෙක් වුවද රැගෙන අහසින් වැඩමවීමට හැකියාව ඇති තථාගතයාණන් වහන්සේ මෙසේ සිදු කරන ලද්දේ බුදු කෙනෙකුගේ ශරීරය වුවත් පඨවී ආපෝ තේජෝ වායෝ වන සතර මහා ධාතුන් ගෙන් සැදුම්ලත් බවත් එයද ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙන බවත් ලෝක සත්වයාට පසක් කර දිමටය.
එසේ තථාගතයාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනට වැඩම කල පසු ආනන්ද හිමියන් අමතා සල් ගස් දෙකක් පෙන්වා එම සල් ගස් දෙක අතර උතුරට හිස ලා සිහාසෙය්යාවෙන් සැතපෙනු පිණිස ආසනයක් පනවන ලෙස පැවසු පසු ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගේ සගල සිවුර එලා ආසනයක් පැනවුහ.
එහි තථාගතයාණන් වහන්සේ සීහා සෙයියාවෙන් සැතපෙනවාත් සමගම සාල වනොද්‍යානයේ අවට සල් ගස් වල සල් මල් අකලට පිපි තථාගතයාණන් වහන්සේ දෙසට කඩා වැටෙන්නට විය. ඒ සමගම මදාරා පරසතු මල්ද ඇදහැලෙන්නට විය. නමුත් මදාරා මල් දක්නට ලැබුනේ බුදුරජාණන්වහන්සේට හා මහරහතන් වහන්සේලාට පමණි. ඒ එය දෙවියන් විසින් කරන ලද පුෂ්පෝපහාර නිසාවෙනි.
එත් සමගම සුභද්‍ර නම් තරුණයෙක් තථාගතයාණන් වහන්සේ හමුවී තමාට පැනනැගී ඇති ගැටලු කීපයක් විසදා ගැනීමට අවශ්‍ය බව ආනන්ද හිමියන්ට දැන්වීය. එවිට ආනන්ද හිමියන් තථාගතයාණන් වහන්සේ බොහෝ වෙහෙසට පත්ව සිටින නිසා ඉල්ලීම ඉටුකළ නොහැකි බව සැලකළහ. එය සවනට වැකුණු බුදුරජාණන් වහන්සේ සුභද්‍රට තමා හමුවට පැමිණිමට ඉඩ ලබා දෙන ලෙසට ආනන්ද හිමියන්ට දන්වා සිටියහ. සුභද්‍ර තථාගතයාණන් වහන්සේ අසලට පැමිණ “ ස්වාමිනි, විවිධාකාර ශාස්තෘවරු විවිධාකාර ධර්මයන් දේශනා කරති, අප පිළිගත යුත්තේ කුමක්ද? යයි අසා සිටියේය. එවිට තථාගතයානන් වහන්සේ
“සුභද්‍ර , යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතීද, ඒ මාර්ගය වඩන පිරිසක් සිටීද, පළමුවන, දෙවන , තෙවන, සිව්වන ශ්‍රමණයා, එනම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්,යන ශ්‍රාවකයන් පහල වේ.එම නිසා ආර්ය අෂ්ටාංගික මර්ගයම වඩන්න යයි සුභද්‍රට නිවන් මග විස්තර කරමින් ධර්මය දේශනා කල සේක. අනෙකුත් කෙලෙස් සහිත මිනිසුන් දෙවිවරුන් තථාගත පරිනිර්වාණය හේතුවෙන් වැලපෙමින් සිටියදී සුභද්‍ර වහා වහා ධර්මය මෙනෙහි කරමින් උතුම් වූ අරිහත්වය සාක්ෂාත් කර ගත්හ.
තථාගතයාණන් වහන්සේ පිරිනිවන් මංචකදිම සුභද්‍ර දෙසට ශ්‍රී හස්තය දිගුකොට
“ මහණෙනි මේ ධර්මය ස්වක්ඛාත වේ. මනා කොට දේශනා කර ඇත. ඒම නිසා සසුන් බඹසර හැසිරෙන්න”
යයි පවසා එහිභික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දෙන ලදී. එය සිවුරු පාත්‍ර දරව ඍද්ධිමත් පැවිදි කරවීමකි. තථාගතයාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ අරිහත්වය සාක්ෂාත් කරගත් අවසාන භික්ෂුව ලෙස සුභද්‍ර මහරහතන් වහන්සේ ඉතිහාසගත වන බව ධර්මයේ සදහන් වේ.
තථාගතයාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී, තම වහන්සේ අවට වුන් සියල්ල අමතා අවසාන වශයෙන් තමන් වහන්සේගෙන් විමසාදැන ගතයුතු යමක් වේදැයි විචාළහ. නමුත් තථාගතයාණන් වහන්සේ ගිලන්ව සිටින හෙයින් කිසිවෙක් තථාගතයාණන් වහන්සේ වෙහෙසීමට අකමැති වුවත් තථාගතයාණන් වහන්සේ නැවතත් පවසා සිටියේ තමා ගිලන්ව සිටින හෙයින් ගැටළු විචාලීමට අකමැතිනම් වෙන අයෙකු හරහා හෝ අසන ලේසයි, ඒ අවථාවේදී දිවස් ලාභීන් අතරන් අග්‍රස්ථානය ලැබූ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැසින් බලා මේතැන සිටින්නාවුන් සියල්ලන් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් පසුවන බව තථාගතයාණන් වහන්සේට දනවා වදාළ සේක. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අවසාන බුද්ධ වචනය දේශනා කල සේක
“ මහණෙනි , අවසාන වතාවට මම ඔබ අමතමි. සියලු සංස්කාරයන් අනිත්‍යයි. නොපමාව කුසලයෙසි හැසිරෙන්න.”
එසේ සුපටිපන්න වූ මහා සංඝරත්නය දෙස යොමු වූ මහා කරුණාවේ දෑස් එසේ අඩවන් වී වැසි ගියේය. තථාගතයාණන් වහන්සේ පිලිවෙලින් පලවන, දෙවන, තෙවන, සිව්වන ධ්‍යානයන්ට සමවැදුනහ. අරුප ධ්‍යානයන්ට සමවැදී, නිරෝධ සමාපත්තියට සමවැදීමත් සමගම තථාගත ශ්‍රී දේහය ගල් ගැසුණාක් මෙන් විය. ආශ්වාස ප්‍රශ්වාසය නිරුද්ධ විය. තවමත් කෙලෙස් සහිත වූ ආනන්ද ස්වාමින් වහන්සේ තම හට අනුකම්පාවෙන් වැඩ විසු තථාගතයාණන් වහන්සේ පිරිනිවන් පෑහායි හැඩු කදුලින් සිටින්නට විය. එවිට අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අසලට පැමිණ තථාගතයාණන් වහන්සේ තවමත් පිරිනිවී නොමැති බවත්, නිරෝධ සමාපත්තියට සමවැදීම පමණක් සිදුව ඇති බවත් පසක් කළ සේක. මෙසේ නිරෝධ සමාපත්තියේ මොහොතක් ගතකළ තථාගතයාණන් වහන්සේ නැවත පිලිවෙලින් ප්‍රථම ධ්‍යානයට පැමිණ නැවත චාතුරථධ්‍යානයට පැමිණ එයින් නැගී සිටිනවත් සමගම තතාගතයාණන් වහන්සේ අනුපාධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ පරිනිර්වාණයත් සමගම දසදහසක් ලෝක ධාතු කම්පා වන ලදී. එසේ සියලු පෘථග්ජන දෙව් මිනිසුන්ගේ සෝ සුසුම් මැද තිලෝඅග තිලක ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වන ලදී.
තථාගතයාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු තථාගතයාණන් වහන්සේගේම බුද්ධ අධිෂ්ඨානයක් අනුව සත්දිනක කාලයක් නොවෙනස්ව පවතින උන්වහන්සේගේ ශ්‍රි දේහය පරිනිර්වාණ මංචකයේ එම ඉරියව්වෙන්ම දෙව් මිනිසුන්ගෙ පූජෝපහාරය උදෙසා තබන ලදී. සත්දින අවසානයේ සුවද පැන් හා සදුන් වතුරෙන් දෝවනය කරන ලදී. කපු පුළුන් පටල පන්සියයකින්ද, සිවුරු පන්සියයකින් මාරුවෙන් මාරුවට වෙලන ලද ශ්‍රී දේහය රන් දෙනක තැම්පත් කරන කොට සක්විති රජකෙනෙකුගේ දේහය ආදාහනය කරන්නක් මෙන් සදුන් දර සෑයක ආදාහනය කිරීමට සියල්ල සුදානම් කරන ලදී.
තථාගතයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ මොහොතේ එය දිවෙසින් දුටු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතැන් පටන් පාගමනින් දරන හතක මුළුල්ලේ කුසිනාර නුවරට පැමිණෙමින් සිටියහ. ඒ අතර මගදී තම වසන්සෙට අවසන් වතාවට තථාගත සිරිපතුල් වැද පුදාගැනිමටඅවස්ථාව ලැබේවායි ප්‍රර්ථනා කරමින් වැඩියහ. චිතකයට ගිනිදල්වීමට ගිනිසිළු රැගත් මල්ල රජදරුවන් සිවිදෙනෙක් පැමිණ ගිනිසිළු චිතකයට ලං කරත්ම නිවී ගියේය. රජදරුවන් ප්‍රමාණය දෙගුන කරමින් තෙවරකදී උත්සහ කාලද චිතකයට ගිනිදල්විමට මල්ල රජදරුවන්ට නොහැකි විය. මෙයට හේතුව මහා කාශ්‍යප මහරහතන් වහ්සේගේ ප්‍රාර්ථනාව වෙනුවෙන් පෙනී හුන් සම්‍යක් දෘෂ්ටික දේවතාවන්ගේ ක්‍රියා කලාපයක් බව දිවැසින් දුටු අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ බව මල්ල රජදරුවන්ට ඒ බව සැල කල හෙයින් සියල්ල මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියහ.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව සිදුවූ මහා ආශ්චර්යක් ගැන ධර්මයේ සදහන් වේ එනම් සදුන් සැයක් තුල රන්දෙනක බහා කපූපුළුන් පටල පන්සියයකිනුත් සිවුරු පන්සියයකින් වෙලා තිබූ තථාගත ශ්‍රී දේහයේ සිරිපතුල් මහා කස්සප මහරහතන් වහන්සේගේ නමස්කාරය උදෙසා පිටතට පැන නැගුණු බවත් උන්වහසේගේ වන්දනාවෙන් පසුව දේවානුභාවයෙන් චිතකයට ගිනි ඇවිලුණු බවත් මෙසේ සදුන් දර සහිත චිතකයේන් නැගුනු ගිනිදැල් රන් දෙනේ වූ සිදුරු කිපයක් හරහා ගොස් තථාගත ශ්‍රී දේහය වෙඩරු පිඩක් මෙන් පිලිස්සී ගිය බවත් ධර්මයේ සදහන් වේ.
තථාගත ශ්‍රී දේහය ආදාහනය වෙමින් පවතින විට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගෝල හිමිනමක් වූ මහා ඍද්ධි බල සම්පන්න සරභූ මහරහතන් වහන්සේ තේජෝ කසිනයට සමවැදී ඍද්ධි බලයෙන් තථාගත ශ්‍රී ග්‍රීවා ධාතු රැගෙන පන්සියයක් හිමිවරුන් සමග ලංකාද්වීපයට වැඩමැකොට මහියංගන චෛත්‍යයයේ තැම්පත්කොට පෙරලා දඹදිවට වැඩම කරන ලදහ. එසේම ඍද්ධි බලසම්පන්න ඛේම මහරහතන් වහන්සේද තේජෝ කසිනයට සමවැදී ඍද්ධි බලයෙන් තථාගත ශ්‍රී වාම යටි දළදා වහන්සේ රැගෙන කලිගු රට බ්‍රහ්මදත්ත රජුට ලබාදුන් සේක.
චිතකය දැල්වී අවසන් වූ පසු වැස්ස වලාහක දෙවිවරුන්ගේ දේවානුභාවයෙන් චිතකය තිබූ ස්ථානයට පමණක් වැසි ඇදහැලී ශේෂ වූ ගිනිදැල් නිවි ගියේය. පසුව නුවර වාසින්ගේ වන්දනාව උදෙසා සර්වඥ ධාතු රැගත් රන්දෙන සර්වාභරණයෙන් සරසන ලද ඇතෙකුගේ පිටින් වීදිසංචාරය කරවන ලදී , එම අවස්ථාවේදී බන්ධුල මල්ලිකාව තම අමිල මේල පලදනාව රන්ඳෙන වෙත පුජා කරන ලද්දාය. සර්වඥ ධාතු රැගත් කරඩුව ඇතෙකු පිට වීදි සංචාරය කිරීමේ සම්ප්‍රදායත් සධාතුක කරඩු රන් ආභරණ වලින් පිදීමේ සම්ප්‍රදායත් ආරම්භ වුයේ මේ අවස්ථාවේදීය
මේ අතර තථාගත ශ්‍රී සර්වඥ ධාතුන් සදහා අයිතිවාසිකම් කියමින් රාජ්‍යයන් හතක රජවරු කුසිනාරා නුවර වටා කදවුරු බැද යුධ ප්‍රකාශ කළහ. නමුත් මල්ල රජදරුවන් සර්වඥ ධාතුන් දීමට අකමැති වුයෙන් මහා කෝලාහලයක් ඇති විය. මෙහිදී රජදරුවන්ගේ ඇදුරුදු වූ ද්‍රෝන බමුණා ද්‍රෝන ඝර්ජනාවක් සිදුකොට පිරිස නිශෂබ්ද කොට සංසිදුවන ලද බව ධර්මයේ සදහන් වේ.
ද්‍රෝන බමුණා තමන් විසින් සර්වඥ ධාතු නිසි ආකාරයෙන් බෙදා දෙන බව පවසා රන් ඳෙන විවර කල පසු මහා ආශ්චර්යමත් දෙයක් දක්නට ලැබුණි. එනම් තථාගත ශ්‍රී දේහය වෙලා තිබූ පළමු සිවුරත් අවසාන සිවුරත් නොදැවී සර්වඥ ධාතු ආරක්ෂා කරමින් තිබුණි. සිවුරු මෑත් කල ද්‍රෝන බමුණට දක්නට ලැබුනේ උතුම්වූ ලළාට ධාතුන් වහන්සේ, දළදාවාහන්සේ තෙනම අකු ධාතුන් වහන්සේ හා මුන් පියලි, කඩ සහල් තරම් අබ ඇට තරම් වූ විසිරි පවතින සර්වඥ ධාතුන් වහන්සේලායි. ප්‍රථමයෙන් තමන්ගේ වන්දනාව උදෙසා හොර රහසේම ද්‍රෝන බමුණා විසින් දළදා වහන්සේ තෙනම හිසෙහි, ඉනෙහි, පාදයෙහි සගවා ගත්තේය. ඉන්පසු තම රන් නැලිය අතට ගති ද්‍රෝන බමුණා අබ ඇට තරම් නැලී හයකුත්, මුන් පියලි තරමේ නැලි පහකුත් , කඩසහල් තරමේ නැලි පහකුත් වෙනකොට නැලී සොළොස දෙක බැගින් ද්‍රෝන අටකට වෙනකොට රාජ්‍යන් අටට පවරන ලදී.
අජාසත් රජතුමා මගධ රාජ්‍යයේ රජගහ නුවර , ලිච්චවී රජවරු විශාලා මහනුවර, ශාක්‍ය රජවරු කපිලවස්තුපුර, බුලය රජවරු අල්ලකප්ප නුවර , කෝලිය රජවරු රාමග්‍රාමයේ, මල්ල රජවරු පාවා නුවර, කුසිනාර නුවර මල්ල රජවරු කුසිනාරා නුවර, වේටදිප නුවර නගරාධිපතිතුමා වෙටදිප ග්‍රාමයේද ස්තුප කරව මෙම ද්‍රෝන අටක් වූ සර්වඥ ධාතුන් වහන්සේලාට පුද පුජා දැක්වූ බව ධර්මයේ සදහන් වේ.
ද්‍රෝන බමුණා විසින් සගවාගන්නා ලද දළදා වහන්සේ දුටු සක්‍ර දෙවියන් හිසෙහි සගවාගෙන සිටි දළදාව රැගෙන ගොස් සිළුමිණ සෑය සාදවා පුද පුජා පවත්වන ලදහ. ඉනෙහි සගවාගෙන සිටි දළදාව ගාන්ධර්ව දේශයේ සිට පැමිනි තරුණයෙක් රැගෙන ගිය බවත්, පාදයේ සගවාගෙන සිටි දළදාව ජයසේන නම් නාග රජතුමා රැගෙන ගොසි පුද පුජා පවෙත්වූ බවත් ධර්මයේ සදහන් වේ. එසේ හෙයින් ද්‍රෝන බමුණා ධාතු ස්ඵර්ශය ලද තම රන් නැලිය තැම්පත් කොට ස්ථුපයක් කරව පුද පුජා පවත්වන ලදී. තවද පිප්ඵලී නුවර මෞර්යය ය රජවරු ආදාහන කළ තැනින් ගෙන අගුරු තැම්පත් කොට ස්ථුපයක් කරව පුදපුජා පවත්වන ලදී.

ඔවිනි හේවගේ
16 වසර කණ්ඩායම
16 වසර කණ්ඩායම
No comments:
Post a Comment