තෘශ්ණාව , මානය , මිත්‍යා දෘශ්ඨිය යන තෙවැදැරුම් කෙලෙසුන් හා නොගැටුණු සිත් කිලිටි නොවූ , කරුණාවෙන් හා උපාය වූ නුවණින් සිත මනාව රැක ගෙන දාන දී ගුණ ධර්මයන්හි නිරතවීම පාරමී නම් වේ. මෙම දස පාරමිතා; පාරමිතා , උප පාරමිතා හා පරමත්ත පාරමිතා ලෙස ධර්ම ග්රන්ථයන්හි වර්ග කරයි. සම්මා සම්බුද්ධත්වය පතන මහ බෝසත්වරයෙකු එකී සමතිස් පෙරුම්දම් සපුරාලීම අත්‍යවශ්‍ය වෙයි.
බෞද්ධ සාහිත්‍යයට අනුව අප මහා භාග්‍යවතුන්වහන්සේ ද බුද්ධත්වය ලැබීමට පෙර සාරා සංඛේය කල්ප ලක්ශයක් මුළුල්ලේ මෙම සමතිස් පෙරුම්දම් පිරුහ. මහා කල්පය ඉතා දීර්ඝ කාල පරිච්ඡ්චේදයකි. බුදු රජාණන් වහන්සේ විසින් දේශිත සාසප සූත්‍රයෙහි මහා කල්පයක දීර්ඝතාවය මැනවින් විස්තර කර ඇත.
මේ තරම් සුවිශාල කාල පරිච්ඡේදයක් පුරා අප මහා බෝසතාණන් බුදු බව පතා දස පාරමිතා පුරා ඇති බැව් බෞද්ධ සාහිත්‍යයේ සදහන් වෙයි. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් සම්පූර්ණ කරනු ලබන උතුම් පිලිවෙත් දහයකි. “නිවනට පමුණු වන උත්තම පිලිවෙත්” යන අර්ථයෙන් මෙම පාරමීදම් පහත ගාථාවෙන්් විස්තර වේ.
දානං සීලංච නෙක්ඛම්ම
ප්‍රඥා විරියේන පංචමං
ඛන්ති සච්ච මදිඨ්ටානං
මෙත්තුපෙක්ඛා ඉමේ දසා
එලෙසින් දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතව, ශාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව හා උපේක්ෂා පාරමිතාව ලෙස පෙරුම් දම් දස වැදෑරුම් වේ.
ආරම්භක පාරමිතාව දාන පාරමිතාවයි. දාන පාරමිතාව ලෙස සැලකෙන්නේ කරුණා සිත් පෙරදැරිව දෙලොව යහපත පතා තමා සතු දේ පූජා සිතින් යුක්තව අනුන්ට දීම හා එම නිසාවෙන් ඇති වන අලෝභ චේතනාව වේ. සස , වෙස්සන්තර , මහා සුදස්සන හා අකිත්ත වැනි ජාතක කතා මගින් බෝසතුන් පිරූ දාන පාරමි දම් මැනවින් නිරූපණය වෙයි. සස ජතකයේදී බෝසතුන් තම ජීවිතය පවා දන් දී පරමිතා පූර්ණය කිරීමට කටයුතු කළේය.
කරුණා සිතින් යුතුව මනා සිහි නුවණින් යුතුව තිදොර සංවරව පවත්වාගෙන යමින් භවයේ සැරිසැරීම ශීල පාරමිතාවයි. චාරිත්‍ර හා වාරිත්‍ර ලෙස ශීල පාරමිතාව දෙවැදෑරුම් වේ. මාතු පෝසක , සාම , නන්දිය , අසාතමත්ත , ජව , සකුණු හා කාට දස්සන වැනි කතා වත්තු මගින් ශීල පාරමිතාව සම්පූර්ණ කල ආකාරය මැනවින් පෙන්නුම් කරයි.
දෙලොව යහපත උදෙසා මනා සිහි නුවණින් හා කරුණා සිතින් යුතුව කාමයන්ගේ ආදීනවයන් දැක එකී කාමයන්ගෙන් නික්මීම නෙක්ඛම්ම පාරමිතාවයි. අඹුදරුවන් , දේපල , ඉඩම්කඩම් ආදී සියල්ල අතහැර දැමූ අයුරු චුල්ල , සුතසෝම , චුල්ලබෝධි , සෝමනස්ස ආදි ජාතක කතා වලින් නිරූපණය කරයි. ඇස් , හිස් , මස් , ලේ ආදිය පිළිබද ආශාව අත්හැර දමා නෙක්ඛම්ම උප පාරමිතා ද , ජීවිත ආශාව අත හැර නෙක්ඛම්ම පරමත්ත පාරමිතව ද බෝසතණන් වහන්සේ සම්පූර්ණ කරන ලදී.
ප්‍රඥා පාරමිතාව යනු කරුණා සිතින් යුතුව මෙලොව හා පරලොව යහපත පතා මනා සිහියෙන් යුතුව නාමරූප ධර්මයන්ගේ යථා ස්වභාවය දන්නා නුවණයි. භාවනාමය ඇසුරෙන් තෙවැදෑරුම් ලෙස ප්‍රඥා පාරමිතාව බෝසතාණන් පූර්ණය කරන ලදී. කරුණා සිත් පෙරදැරිව මනා සිහියෙන් යුක්තව සිතින් හා කයින් සෙසු අයට පරෝපකාරය කෙරෙහි තිබෙන උත්සහය වීර්ය පාරමිතාවයි. සිතේ පවත්නා කැමත්ත , උද්යෝගය නිසා කිසියම් කාර්යයක් ආරම්භ කිරීමත් , එය සදහා ඉදිරිපත් විමත් හා එය සඵල වනතුරු දිගින් දිගටම සිදු කරගෙන යාමත් මෙහි දී සම්පූර්ණ කෙරෙයි. සිතේ පවත්නා කැමත්ත , උද්යෝගය නිසා කිසියම් කාර්යයක් ආරම්භ කිරීමත් , එය සදහා ඉදිරිපත් විමත් හා එය සඵල වනතුරු දිගින් දිගටම සිදු කරගෙන යාමත් මෙහි දී සම්පූර්ණ කෙරෙයි.
මනා සිහි නුවණින් යුතුව හේතු ප්‍රත්‍යයන් මුල්කොට හටගත් සියළු දේ පිලිබදව වූ නිවැරදි උපේක්ශාවෙන් යුතුව ඉවසීමෙ ගුණය ශාන්ති පාරමිතාවයි. බාහිර කරුණු නිසා ඇති වන කෝපය සන්සිදුවා ගැනීම , තමන් නිසා ඇති වන නුරුස්සන ගතිය ඉවසීම හා අනුන්ගෙන් සිදුවන හිරිහැර මැදිහත් සිතින් ඉවසීම ලෙස තුන් ආකාරයකින් බෝසතාණන් වහන්සේ ශාන්ති පාරමිතාව සම්පූර්ණ කරන ලදී. දෙලොව යහපත උදෙසා මනා සිහි කල්පනාවෙන් යුක්තව බොරු කීමෙන් වැළකීම , පොරොන්දු කඩ කිරීමෙන් වැළකීම ආදී නොරැවටීමේ ගුණය සත්‍ය පාරමිතාවයි. සැම විටම සත්‍ය පමණක් කතා කිරීම මෙහි මහගු ගුණයයි.
අධිෂ්ඨාන පාරමිතාව යනු යහපත් අධිෂ්ඨානයෙන් නොවෙනස්ව පවත්නා ධර්මතාවයි. තමන් දුකට පත් වන විටත් , තම ධන ධාන්‍ය අහිමිව යද්දීත් දන් දීම ආදී ගුණ දම් නොසැලී පුරුදු පුහුණූ කිරීම මෙම පාරමිතාවයි. තමා කෙරෙහි දක්වන ලෙන්ගතුකම ම කිසිදු භේදයකින් තොරව සියළු සතුන් කෙරෙහි පතුරවාලීම මෛත්‍රී පාරමිතාවයි. මෙය සිත , කය , වචනය යන තිදොරින්ම ක්‍රියාවට නංවයි.
උපේක්ශා පාරමිතාව යනු පක්ශපාති වීම , ක්රෝදයෙන් විරුද්ධ වීම යන අන්ත දෙකෙන් බැහැරව කටයුතු කිරීමයි. ලාභ , අලාභ , යස , අයස, නින්දා, ප්‍රශංසා , සැප, දුක යන අටලෝ දහමෙන් අකම්පිතව කටයුතු කිරීමයි. බෝසත් සිරිතේ එන විවිද කතා හා සිදුවීම් මගින් මෙය මනාව නිරූපණය වෙයි.
මේ ලෙස බෝසතාණන් වහන්සේ නමක් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා පාරමි දම් සම්පූර්ණ කර, අනන්ත කැපකිරීම් සිදුකර සියළු සත්වයන්ගේ හිත සුව පිණිස බුද්ධත්වයට පත් වෙයි.

බිමාෂා උපාලිරත්න
17 වසර කණ්ඩායම
No comments:
Post a Comment