බෝසතාණන් වහන්සේගේ උප්පත්තියේදී සිදුවූ ආශ්චර්යයන්

    බුදුන් වහන්සේ නමකගේ බුද්ධෝත්පත්තිය ඉතා දුර්ලභ සිදුවීමකි. එම බුද්ධෝත්පත්තියේදී අසිරිමත් කරුණු රැසක්ම සිදුවෙයි.
    බෝසතාණන් වහන්සේ මිනිස් මව් කුසින් ලෝකයට බිහිවී දින හතකින් බෝසත් මව කළුරිය කර තුසිත දෙව් ලොව උපත ලබයි. බෝසත් මව්වරුන් විසින් බෝසත් දරුවා බිහි කරන්නේ මාස දහයක් මව් කුස පෝෂණය කිරීමෙන්අනතුරුවය. මෙහිදී බෝසත් මව දරුවා බිහිකරන්නේ සිටගෙන සිටින ඉරියව්වෙන්මය. බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහිවන විට පළමුව බෝසත් කුමරු පිළිගනු ලබන්නේ දෙවියන් විසිනි. මිනිසුන් අතට පත් වන්නේ ඉන් පසුවයි. දෙවියන් විසින් බෝසත් කුමරු පිළිගෙන සතර වරම් දෙවියන් බෝසත් කුමරු අතට ගෙන " අත්තම්මනා දේව් හෝතු අභිසන්ට්තො පුත්තෝ උප්පන්නෝ" " දෙවියනි සතුටු වුව මැනවි මහේශාකය පුත් කුමරෙක් උපන්නා යැයි පවසති. බෝසතාණන් වහන්සේ මිනිස් මව් කුසින් ලෝකයට බිහිවන්නේ ඉතාමත් පිරිසිදු ලෙසටයි. මෙසේ උපදින විට ඇල් දිය හා උණුදිය දහරා දෙකක් මතු වී බෝසතාණන් වහනිසේ හා බෝසත් මව පිරිසිදු වේ.
බෝසතාණන් වහන්සේලා ඉපදුණ පසු උතුරු දිශාවට පියවර හතක් ඉදිරියට ගමන් කිරීමේදී නෙලුම් මල් හතක් පොළොවෙන් පහල විය. පියවර හත ගමන් කිරීමෙන් අනතුරුව පහත ගාථාව පවසති.

අග්ගෝ හමස්මි ලෝකස්ස - සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස - අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ

                මම ලොවට අග වෙමි, මම ලොවට ශේෂ්ඨ වෙමි, මම ලොවට ජේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපතයි. නැවත ඉපදීමක් නැත.
බෝසතාණන් වහන්සේ මිනිස් මව් කුසින් බිහිවීමත් සමග දස දහසක් ලෝක ධාතුව පුරා මහත් වූ ආලෝකයක් පැතිරී යයි. පෙරමෙන් ඝන අන්ධකාරයේ පවතින ලෝකාන්තරික නිරය පවා එයින් ආලෝකමත් වේ.


ලක්මිණි කපුහෙන්නායක
16 වසර කණ්ඩායම

No comments:

Post a Comment