බුද්ධ නියමය අනුව වැසි සමයෙහි ද බෞද්ධ භික්ෂූන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන නිසා ඇතැම් අය ශ්‍රමණ භවත් ගෞතම ශ්‍රාවකයන් තණ පැලෑටි නසමින් කුඩා සතුන් මරමින් තැන තැන ඇවිදිතියි උන්වහන්සේට දෝෂාරෝපණය කිරීමට පටන් ගත්හ.
දිනක් බිම්බිසාර රජතුමා බුදුරදුන් බැහැදැකීමට ගොස් මෙසේ ප්‍රකාශ කළේය.
“ස්වාමිණී භාග්‍යවතුන් වහන්ස, මේ වැසි සමයයි, මෙකල විශේෂයෙන් ශ්‍රමණ පිරිස් එක් තැනකට වී කල් ගත කරති. පක්ෂීන් පවා මෙකල ගස් බෙනවල හෝ තම කැදළිවල හෝ විශේෂ කොට වාසය කරමින් වැසි කාලය ඉක්මවීම සිරිතයි. නමුත් බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ මේ වැසි කාලයෙහි ද ජනපදවල ගම්දනව්වල හැසිරෙති. ඒ නිසා අලුත් හටගත් ළා දළු පැලෑටි සහ කුඩා ප්‍රාණීහු නැසෙති. එයට මහජනතාව දොස් ගනති”
යි දන්වා සිටියේය. එබැවින් මේ සඳහා යම් පැනවීමක් කිරීම නුසුදුසු දැයි බුදුරදුන් ගෙන් විමසීය.
මෙම සිදුවීම වන විට බුදු වී වසර 12 ක් හෝ 20 ක් පමණ ගත වී තිබිණි. ශාසනික විනය රීති පැනවීම ආරම්භ වූ බව පිළිගැනෙන්නේ එම කාල සීමාවෙන් පසුවය. බුදුරජාණන් වහන්සේ විනය නීති රීති පනවා වදාළේ කරුණු 10 ක් අරභයාය. ඒ අතර මහජන මතයට ගරු කිරීමද එකකි. මහජන මතයට ගරු කිරීමක් වශයෙන් හා වෙනත් හේතු කාරණා කීපයක්ම සලකා බලා බුදු හිමියෝ වස් විසීමේ සිරිත භික්ෂූන් වහන්සේට අනුදැන වදාළහ. ‘අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං’ (මහණෙනි, ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස මම අනුදැන වදාරමි) යනුවෙනි.
වස් විසීම අවස්ථා දෙකකදී සිදු කළ හැකිය.
1. ඇසළ (ජූලි) අවපෑලවිය එනම් පසළොස්වකදාට පසු දින පෙර වස් විසීම.
2. නිකිණි (අගෝස්තු) අවපෑලවිය, එනම් පසළොස්වකදාට පසු දින පසුවස් විසීම.
වස් විසීම සඳහා භික්ෂූන් වහන්සේට ආරාධනා කිරීම පෙර පටන් පැවැති සිරිතකි. වේරඤ්ජාවේදී උදේනි බ්‍රාහ්මණයා බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට වස් විසීම සඳහා ආරාධනා කළේ පෙර පටන් එබඳු සිරිතක් තිබුණු නිසාය. වස් කාලය එළැඹි විට පෙර සැදැහැවත් බෞද්ධයෝ සුදුසු සෙනසුන් භික්ෂූන්ට සකසා දුන්හ. වහළක් ආවරණයක්, ආරක්ෂාවක් ඇති ස්ථාන වස් විසීමට යෝග්‍ය තැන්ය. ගස් බෙන, ගස් දෙබල්, සොහොන්, ඡත්‍ර යට, ආවරණයක් නැති එළිමහන් ආදි ස්ථාන, වස් විසීමට නොසුදුසු තැන්ය. එසේම වස් වසන ස්ථානවලට සතුරු භය, වගවලසුන්, සර්ප කරදර, ස්වභාවික විපත්, භූතදෝෂ, ආදි හිරිහැර පීඩා, විපත් තිබුණොත් එම ස්ථාන අතහැර දැමීමට භික්ෂූන් වහන්සේට අවසර දී ඇත. එබඳු තැන් වෙනස් කර වස් විසීම අඛණ්ඩව පවත්වා ගෙන යා හැකිය.
එදා තිබුණු චාරිත්‍ර අනුව යමින් වර්තමාන සැදැහැවත් බෞද්ධයන් වස් වැඩ විසීම සඳහා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේට බුලත් දැහැත් පිළිගන්වා ආරාධනා කිරීමේ සිරිතක් ඇත. මෙහිදී වැසි සළුවක්ද භික්ෂූන් වහන්සේට පූජා කිරීම, සිදු කරනු ලැබේ. මෙය විශාඛාවන් බුදුරදුන්ගෙන් කළ ඉල්ලීමක ප්‍ර‍්‍රතිඵලයකි.
ශාක්‍ය මුනීන්ද්‍ර වූ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම වස් කාලය සඳහා තෝරාගනු ලැබුවේ,බරණැස ඉසිපතානාරාමයයි. දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කිරීමෙන් පසුව එළැඹුණු වස් සමය තුළ බුදු සසුනෙහි මුල්ම භික්ෂු පිරිස සම්පාදනය කරගැනීම සිදුවිය. අනාත්ම ලක්ඛණ සූත්‍රය දේශනා කිරීම සිදු වූයේ, ප්‍රථම වස් සමයේ දී ය.
ශාසන ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව ලෙස සැළකෙන, බිම්සර මහ රජු විසින් පුජා කරන ලද රජගහනුවර වේළුවනාරාමයෙහි බුදුරදුන්ගේ දෙවන වස් කාලය ගත විය. තෙවන, සිවුවන වස් විසීම් සඳහා තෝරාගනු ලැබුවේ ද වේළුවනාරාමයයි.
විශාල මහනුවර කූටාගාර ශාලාවේ පස්වැනි වස ගත කළ බුදු පියාණෝ එහි දී මංගල, පරාභව ආදී සුත්‍ර ධර්ම දේශනා කළහ. අෂ්ට ගරුධර්ම පිළිගැනීමෙන් අනතුරුව කාන්තා විමුක්තිය උදෙසා බුදු සසුනේ රුවන් දොර විවර වූයේ ද පස්වන වස් සමයේ දී ය.
සවන වස සඳහා තෝරා ගනු ලැබුවේ මකුල පර්වතයයි. පුණ්න හිමියන් සුනාපරන්තයට යැවීම හා ඛේමා බිසව ප්‍රවෘජ්‍යාවට පත්වීම වැනි සිදුවීම් එම සමයේ සිදු වූ බව ශාසන ඉතිහාසය සනාථ කරයි. අභාවයට පත් සිය මෑණියන්ගේ සංසාර විමුක්තිය වෙනුවෙන් තව්තිසාවට වැඩම කළ බුදුපියාණෝ සත් වන වස එහි ගත කළහ. මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනය පවත්වා ඔහුට සෝවාන් ඵලයට පත්වීමට සැලැස්වූහ. අට වන වස් කාලය සඳහා භග්ග දේශයේ සුංසුමාරගිර භේසකලා වනය තෝරා ගත්හ.
නව වන වස සඳහා තෝරාගනු ලැබුවේ කොසඹෑවනුවර ඝෝෂිතාරාමය යි. ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේ අතර ඇතිවූ විනය ගැටලු විසැඳීම සදහා දීඝීතිකෝසල ,ලටුකික වට්ටක ආදී ජාතක කථාද ධර්මෝපදේශ දේශනා කළහ. දස වන වස විසූයේ පාරිලෙය්‍ය වනයේ ය.සත් පුරුෂයන් සමග විසීමේ අගයත්, බාලයන් ඇසුරු නොකිරීමේ අගයත් පෙන්වා වදාළේ පාරිලෙය්‍ය ඇත් රජුගේ ක්‍රියාදාමය උපමා කොට ගෙන ය.
එකොළොස් වන වස සඳහා ඒකනාළ බමුණුගම තෝරා ගත් බුදුපියාණන් විසින් එහි දී කසී භාරද්වාජ බමුණා දමනය කරන ලදී. ‘පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති’ යනුවෙන් දැක්වෙන පරිදි අටලෝ දහමින් කම්පා නොවිය යුතු බව මනාව සනාථ කළ වස් සමයකි. දොළොස් වන වස් සමය. උදය ග්‍රාමයෙහි දුර්භික්ෂ සමයකට මුහුණ පෑ සේක. ලාභාලාභාදියෙන් කම්පා නොවූ සර්වඥයන් වහන්සේ, ආදර්ශයෙන් හා අනුකම්පාවෙන් මඟ පෙන්වූහ. භාග්‍යවතුන් වහන්සේ දහ තුන්වන වස, වාලුකා පර්වතයෙහි වස් විසූහ.
දාහතර වන වස් කාලය ඉතා වැදගත් වූවකි. රහල් හිමියන්ගේ උපසම්පදාව සිදු වූයේ, මේ කාල සීමාවේදී ය. සැවැත්නුවර දෙව්රම එදා බුදු හිමියෝ වස් වාසය කළහ.
සුප්‍රබුද්ද රජ පොළොව පලා නිරයට පත් වූයේ ද, නන්දිය ශාක්‍ය රජු පැවිදි වූයේ ද බුදුරදුන් පසළොස් වැනි වස කිඹුල්වත් නුවර, නිග්‍රෝධාරාමයේ වාසය කරන සමය තුළදී ය.
දහසය වන වස, ආලවක ජනපදයේ වස්සාවාසිකව විසූ සේක.
රජගහ නුවර වේළුවනාරාමය දහහත් වන වස සඳහා අභිමත ස්ථානය විය. සිරිමා නම් ගණිකාවගේ මෘත දේහය සම්බන්ධ කර ගනිමින් සිරුරෙහි අනිත්‍ය ලක්‍ෂණ පෙන්වා, අසූ දහසක් පිරිසට ධර්මාවබෝධය ලබා දෙන ලද්දේ මෙහිදී ය. දහ අට හා දහ නව වන වස, මාලිය පර්වතයෙහි වාසය කරන ලදී.
විසි වන වස සඳහා රජගහ නුවර වේළුවනාරාමයට වැඩමවා වදාළ සේක. මේ වන විට සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා විසි වසරක් ඉක්මගොස් තිබිණි. උපතින් පනස් පස් වසරකි. එබැවින් ස්ථිර උපස්ථායකයකු පත් කර ගැනීමේ කාලය එළැඹිණි. අනේපිඬු මහ සිටුතුමන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයේ විසි එක් වන වස් සමයේ සිටම කාලය ගත කළහ. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තම වස් සමයෙන් දහ නව වසක් ජේතවනාරාමයෙහි ගත කළ අතර, අග්‍ර දායිකා විශාඛා මහ උවැසිය විසින් කරවන ලද පූර්වාරාමයෙහි සවසක් ගත කළ සේක.
හතළිස් තුන්වන හා හතළිස් හතර වන වස් සමය පිළිබඳ පැහැදිලි විස්තර සොයා ගැනීම උගහට ය.
සව් ලෝ සතුන් වෙත අමිල සේවාවක් සිදු කළා වූ බුදු රජාණන් වහන්සේ, අවසන් වස් තෙමස ගත කොට වදාළේ බේළුව ග්‍රාමයෙහි ය. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව සනාථ කරමින් පිරිනිවන්පෑමට ඉටා ගත්තේ (ආයු සංස්කාරය අතහළේ) මෙම වස් සමය තුළදී ය. චුන්ද කර්මාර දිව්‍ය ප්‍රත්‍යයාගේ සූකර මද්දවයෙන් වැළඳුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය උත්සන්න වූයේ ද මේ වස් සමයෙහිදී ය.

අරුණ ප්‍රියදර්ශන ප්‍රනාන්දු
16වසර කණ්ඩායම
16වසර කණ්ඩායම
No comments:
Post a Comment