භාග්‍යවත් ශ්‍රි සද්ධර්මටයට බොහෝ ප්‍රශංසා මෙන්ම විවිධ චෝදනාද ඇත්තේය. එයින් එක් මුලික චෝදනාවක් නම් සම්බුදු දහම අශුභවාදි දහමක් බවයි. ලෝකයේ දැනට පවතින බහුතරයක් පිළිගන්නා සදාකාලික අපාය මුලුමනින්ම ප්‍රතික්ශේප කරන සම්බුදු දහම අශුභවාදි වන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුම කරුණකි. තවත් එක් චොදනාවක් නම් සම්බුදු දහම මෙලොව දියුණුවට ලෞකික දිවියට වැඩි අවදානයක් යොමු නොකරන බවයි. දහමෙහි සදහන් ආර්ඨ් සහ දේශපාලනික විග්‍රහය විමසන කෙනෙකුට ඉහත කරුණ බොරුවක් බව වැටහෙනු නොඅනුමානයි.
දේශපාලනය වු කලී ලෝ වටා විවිධ අයුරින් විවිධ මට්ටමින් සෑම දෙනාම පාහේ කතා බහට ලක් වන අධ්‍යයන කරනු ලබන මාතෘකාවකි. අප රටේද කඩමණ්ඩියේ, නිවසේ පටන් විශ්ව ව්ද්‍යාලයේ සමාජ පර්‍යේෂණ මට්ටමි දක්වා විහිදි පැතිරි ඇති පුළුල් විෂයකි. මේ කොතරම් පුද්ගලයානුබද්ධ යත් මිනිසා යනු දේශපාලන සත්ත්වයෙකි යැයි ද කියමණක් පවතියි. එනමුත් දේශපාලනය ගැන දේශපාලකයන් ගැන නොහොදක් මිස හොදක් නම් අසන්නට නොලැබෙන්නේය. එසේ නම් මෙතරම් ජනප්‍රියත්වයේ ඇති දේශපාලනය පිළිබද භාග්‍යවතුන් වහන්සේ සද්ධර්මයේ කෙසේ දේශනා කළේ දැයි අප විමසා බලමු.
එකල රජවරුන්, අමාත්‍යන් වෙනත් දේශපාලන තන්ත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් භාග්‍යවතුන් වහන්සේ හමු වීමට පැමිණියහ. ඔවුනට වදාළ දෙසුම් වලත් වෙනත් අවස්තාවන්හි වදාළ දෙසුම් තුළත් රාජ්‍ය පාලනය පිළිබද විවිධ සිද්ධාන්ත අන්තර් ගත වේ. ඒ අතුරින් චක්කවත්ති සීහනාද සූත්‍රය අවධානයට ලක් වන දේශනාවකි. මෙම දේශනාව තුළ ඉතා උසස් මට්ටමින් භාග්‍යවතුන් වහන්සේ දේශපාලනය කෙසේ විය යුතුදැයි වදාරා ඇත. ධර්මයේ දේශපාලනය පිළිබද සූත්‍ර අතුරින් චක්කවත්තිසීහනාද සූත්‍රය ඉතා ප්‍රසිද්ධ දේශනාවකි. මෙහි විචාරයට බදුන් කල යුතු ඉතා වැදගත් දේශපාලනික සිද්ධාන්ත ඇතුළත් වෙයි. චක්කවත්තිසීහනාද සූත්‍රයේ සදහන් වන අන්දමට දල්හනේමි නම් දැහැමි සක්විති කෙනෙකුන් විසුවේය. එකල පැවැති සම්ප්‍රදායට අනුව එතුමාට මහලු වයස එළඹි කල රාජ්‍ය නිසි පරිදි තම වැඩිමහලු පුතුට පවරා එතුමා අධ්‍යත්මික සුවය සොයා තපසට වන ගත විය. වැඩිමහල් පුතු රාජ්‍ය භාර ගත් නමුත් එම රාජධානියේ රාජ්‍යත්වයේ උත්තුංග සංකේතවය වන චක්‍ර රත්නය නම් අලංකාර චක්‍රය අතුරුදහන් විය.
පිය තාපසතුමා වෙත එළඹි නව රජතුමාට තාපසතුමා පෙන්වා දෙන්නේ චක්‍ර රත්නය අතුරුදන් වීම අහඹු දෙයක් නොවන බවත් සැබෑම රාජ්‍යත්වය පිය උරුමයෙන් නොලැබෙන බවත් ය. සෑම රජ කෙනෙක් ම තම රාජ්‍යත්වය අතහැරිය විට මෙම චක්‍ර රත්නය අතුරුදන් වන බවත් නව රජතුමා නිසි පරිදි සක්විතිවත් අනුගමනය කළ හොත් පමණක් එය නැවත පහළවන බවත් තාපසතුමා නව රජතුමාට පෙන්වා දුන්නේ ය. ඉන් අනතුරුව සත්විති මොනවාදැයි පිය රජ තාපසතුමන්ගෙන් දැන ගත් රජතුමා එම නියමයන් හි පිහිටිකළ නැවත චක්‍රරත්නය පහළ විය.
මෙම පුවතෙන් අවධාරනය වන ප්‍රධානම සිද්ධාන්තය නම් නාමික රාජ්‍යත්වය උරුමයෙන් ලැබුණද සැබැ නායකත්වය උරුමයෙන් නොලැබෙන බවයි. දේශපාලකයෙකු වන්නේ උරුමයෙන් නොව තමාගේ ක්‍රියාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදීයැයි පවසන වත්මනහිද දේශපාලකයන් බිහිවන්නේ දේශපාලන පවුල්වලින් ම ය. එනමුත් වැදගත් කරුණ නම් දේශපාලකයෙකු සාර්තක වන්නේ තම ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් ගෙන් පමණක් බවයි. ජනහිතවාදි දේශපාලනයක් උදෙසා භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණකි මෙය.
දස සක්විති හි සදහන් වෙන්නේ ධර්මය ඇසුරු කරමින් ධර්යට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයට බුහුමන් කරමින් ධර්මය පුදමින් ධර්මය ට යටහත් පැවැත්ම දක්වමින් ධර්මය ධජයක් සේ පෙරටු කොට ධර්මය කුන්තයක් සේ ඔසවාගෙන ධර්මය ඔබගේ ස්වාමියා ලෙස ගෙන ඔබගේ අඹු දරුවන් ඇතුළු ඇ ජනයාට, බළ සෙනගට, සේවයෙහි නියුතු රජ දරුවන්ට බ්‍රාහ්මණ ගෘහපතීන්ට, ගම් වැසියන්ට ජනපද වැසියන්ට, ශ්‍රමණ බමුණන්ට, තිරිසනුන්ට පක්ෂීන්ට රැකවරණය සැළසීමත්, රාජධානියේ ආධාර්මික ක්‍රියා සිදුවීමට ඉඩ නො දීමත්, දිළින්දන්හට ධනය දීමත්, ශ්‍රමණ බමුණන් කරා එළඹ යහපත අයහපත විමසීමත් යන කරුණුය.
මෙහි මුල් කරුණු හතේදීම ධර්මයට මුල් තැන දිය යුතු බව අවධාරනය කරයි. ධර්මය යනු යහපතයි. පාලකයා මුලින්ම යහපතෙහි පිහිටිය යුතුය. එනම් ඔහු නීතිගරුක විය යුතුය. වර්තමානයේ යහපාලනය යන සංකලප වලින් අදහස් වන්නේ එයයි. එනමුත් මෙහි අරුතවත් දේශපාලකයින් දන්නවාදැයි කුකුසක් මතුවේ. පාලකයා නීතිගරුක, ප්‍රතිපත්තිගරුක නොවී රටක් දියුණු කළ නොහැක. මෙහි රටේ සිටින විවිධ ජන කණ්ඩායම් වෙන් වෙන් ව සදහන් වීමේන් අදහස් වන්නේ පාලකයා හෝ රාජ්‍යතන්ත්‍රය රටේහි වෙසෙන සියලූම දෙනා වෙත අවධානය යොමු කළ යුතු බවයි. එසේම පාලකයා විසින් මිනිසුන් මෙන්ම සතුන් ද සුරැකිය යුතු බව මෙහි සදහන් වේ. එනම් පාලකයා පරිසර හිතකාමි විය යුතු බවයි. පලකයන් රාජ්‍යයන් පරිසර හිතකාමී නොවිමේ අනිසි විපාක අප ඇස් ඉදිරියේදීම ව්ද්‍යාමාන වී ඇත. පාලකයා යනු රටේ ආරක්ෂකයා පමණක්ම නොව රට සමස්ත වශයෙන්ම (ආර්ථික, සමාජීය) දියුණු කිරීමේ පුරෝගාමීයා විය යුතු බව මෙහි සදහන් දිළින්දන්හට ධනය දිය යුතුයි යන කරුණින් අදහස් වේ. එකළ ශ්‍රමණ බමුණන් යනු දැන උගත් පිරිසයි. එනම් රටක් පාලනයේදි සහ රටක ප්‍රතිපත්ති සෑදීමේදි වියතුන්ගේ අදහස් ගත යුතුය යන්න පැහැදිළි වේ. තවද මෙම සුත්‍රයේ සදහන් අන්දමට නව රජතුමා චක්‍ර රත්නය පහළ වීමෙන් පසු චක්‍ර රත්නයද සමග තම අධිරාජ්‍ය යටතේ ඇති සෙසු රාජ්‍ය වෙත ගමන් කරයි. ඔවුන් යටත් වූවද මෙම රජතුමා පවසන්නේ පෙර පාලනය කල ලෙසම තව දුරටත් පාලනය කරන ලෙසත්ය. මෙයින් පෙනි යන්නේ මෙම රජතුමා සාමය පතන බවත් බල අරගලයක් වළකවන බවත් ය. මන්දයත් බල අරගල නිසා දුක් විදින්නේ ජනතාව වන නිසාය. මෙය පාලකයෙකු සතුවිය යුතු විශිෂ්ඨ ලක්ෂණයකි. තවද මෙම සූත්‍රය රජු නිසි කලට නිසි ලෙස තීරණ නොගැනීම කරණකොට ගෙන රටට සිදුවන විනාශය පෙන්වා දෙයි. පාලකයා රටෙහි ප්‍රතිපත්ති සම්පාදනය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතින් කොතැකුත් නිර්මාණශීලි වුවද එවා නිසි කලට කාර්‍යක්ෂමව නොකරන්නේ නම් එයිනුත් රටක සංවිධානය අඩාල වෙයි.
ධර්මය තුළ රාජ්‍ය පාලනය පිළිබ්ද විස්තර සදහන් තවත් සුත්‍රයක් වන්නේ කූටදන්ත සුත්‍රයයි. මෙහි මහා විජිත රජ කෙනෙකුන් පිළිබඳ ව සදහන් වෙයි. මෙම රජතුමාගේ පුරොහිත තැන රටෙහි අපරාධ මැඩලීම සදහා නිර්දේශ නිකුත් කරයි. අපරාධ මැඩලීමේදි අපරාධකරුවන්ට දඩුවම් දීමෙන් පමණක් අපරාධ ඇතිවීම වැළැක්වීම නොහැකි බවත් අපරාධ ඇතිවීම වැළැක්වීමට අපරාධ ඇතිවීමට හේතුවන මූලබිජය විනාශකල යුතුබවත් මෙම සුත්‍රයේ පෙන්වා දෙයි. බොහොවිට අද ලෝකයේ අපරාධ, පාතාලය වැනි දැ ඇතිවන්නේ ජීවත් වීම සදහා ඇති අඩුලුහුඬුකම් නිසාය. එම නිසා කළයුත්තේ දඩුවම් දීමෙන් නොනැවතී අපරාධ ඇති වන මූලබිජය සමනය කිරීමයි. එ මගින් අපරාධ මිලිනුපුටා දැමිය හැක. එසේම මෙහි රජු යාගයක් කිරිමට අදහස් කරයි(මෙහිදි සතුන් මැරීම නොකරයි) එ සදහා ඉහළ නිළධාරියාගේ පටන් ගම් ජනපද වැසියන් දක්වාම අදහස් විමසයි. මෙමගින් රට පුරා සිටින නිර්මාණශීලි පුරවැසියන්හට අවස්ථාව සැළසෙයි. එ තුළින් රටක් සංවර්ධනය කිරිමට නවොත්පාදන සදහා ඉඩහසර ලබාදීය යුතු බව පෙන්වා දෙයි. එසේම මෙම යාගයේ දි සතුන් නොමැරිය යුතු බවත්, ගස්වැල් නොකැපිය යුතු බවත් පුරොහිත නිර්දේශ කරයි. මෙයින් රටක ප්‍රතිපත්ති පරිසර හිතකාමි විය යුතු බවත්, තිරසර සංවර්ධනයෙදි පරිසර ආරක්ෂණය කෙතරම් වටිනා අංගයක් දැයි පෙන්වා දෙයි.
එසේම පාලකයෙකු සතුවිය යුතු ගුණාංග හෙවත් චරිත ලක්ෂණ ලෙස දසරාජ ධර්මය දේශනා කොට ඇත. එවා නම් දානය, ශිලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස (සංවරය) , ක්‍රෝධයෙන් තොර ස්වභාවය, හිංසාවෙන් තොර ස්වභාවය, ඉවසීම, නොගැටීම යන දසය දස රාජ ධර්මය යි. නූතයේ සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව පුද්ගල සංවර්ධන න්‍යායන් සදහන් කරන නායකත්ව ලක්ෂණ මෙහි අඩංගු නොවේද? එසේම වජ්ජීන් අනුගමනය කළ සප්ත අපරිහානිය ධර්ම නිසා කිසි විටෙකත් වජ්ජී ජනපදය ආක්‍රමණය කළ නොහැකි බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. මෙම සප්ත අපරිහානිය ධර්ම ඉතා උසස් ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ පෙන්නුම් කරයි. ඉහත සදහන් සියල්ල ගෙන්ම සිදුවන්නේ රටක දියුණුවත්, සංවර්ධනයත් ය.
භාග්‍යවතුන් වහන්සේ බොහෝ දේශනා සිදු කොට ඇත්තේ එ කල පැවැති පරිසරයට සමාජයට අනුරූපවය. නමුත් මෙම සිද්ධාන්ත වර්තමානයටද ඉතාමත් උචිතය. එබැවින් මෙම සිද්ධාන්ත එලෙස පවත්වා ගනිමින් වත්මන් පරිසරයට සමාජයට ගලපා ගැනීම අප කළ යුතුය. පිය උරුමයෙන් රාජ්‍යත්වය හිමිවන අසීමිත බලයක් රජුට හිමිව තිබු වකවානුවක සමාජ සුභසාධනය පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කරුණු ඇතැම් විට දේශපාලකයන්ට දැඩි බලපෑමක් කලායැයි කිව හැක.මේ සියලු දේශනාවන් සිදු කරනු ලැබුවේ පොදු මහජනතාවගේ සුභසිද්ධිය උදෙසාය. භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවන් දෙස සමස්තයක් ලෙස බැලීමේදි භාග්‍යවතුන් වහන්සේ සැබෑම විප්ලවවාදියෙකු බව පසක් වෙයි.

සාහිත කරපිටිය
16 වසර කණ්ඩායම
16 වසර කණ්ඩායම
No comments:
Post a Comment