දින එළිය කරනු වස් උදාහිරින් හිරු නැග එද්දී වෘක්ෂලතාවෝ ඒ හිරු කිරණින් නැහැවිනි. නේක විද පුෂ්පයෝ තුරුවියන් වර්ණවත් කරයි. විහගුන් ගී ගයමින් ගුවන අරා ඒ මේ අත ඔබ මොබ සැරිසරයි. භූමි තලය අලංකාර කරනු වස් පිණි බිදිති මුතු කැට මෙන් දිලිසුණි. ජල ධාරාවෝ තාලයට ගලා බසී. මද සුළග ගත දැවටී යම් රහසක් කීමට සැරසෙයි. ඒ රූ අසිරි සිරි ඔප්නංවාලන්නට දේදුන්නක් පායන්නාක් මෙන් කසාවතින් සැරසුනු අප මහා තිලෝගුරු අමාමෑණී ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ඇසළ පුර පසළොස්වක පොහෝ දින මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් බරණැස ඉසිපතන මිගදායට වැඩම කළ සේක.
සම්මා සම්බෝධිය අවබෝධ කරගත් තථාගතයාණන් වහන්සේ එදා බුද්ධත්වයෙන් දෙවන සතියේදී උන්වහන්සේට බුද්ධත්වය සදහා සෙවණ දුන් බෝ සමිදුන් හට අනිමිස ලෝචනයෙන් පුද ලද සේක. මෙතැනින් නොනැවතුණු තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බුද්ධත්වයෙන් සත් සතියකට පසු උද්දකරාමපුත්ත සහ ආලාරකාලාම යන ගුරුන් සොයා වැඩම කළ සේක. නමුදු එදා බුදුන් දවස බණ ඇසීමට ඔවුන් ජීවතුන් අතර නොසිටි බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන සතියේදී පස්වග මහණුන් අරභයා දම් දෙසීමට බරණැස ඉසිපතන මිගදායට වැඩම කළ සේක. පස්වග මහණුන් එදා සිදුහත් බෝසතාණන් වහන්සේට බුද්ධත්වය සදහා ඇප උපස්ථාන කලද ඔවුන් අවසන ඔවුන්ගේ ව්‍යායාමය අතැර දැමුවේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ ප්‍රයත්නය අසාර්ථක යැයි සිතූ සෙයිනි. ශ්‍රී ගෞතම සම්බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කරන බව දැනගත් පස්වග මහණුන් බුදුන්වහන්සේට සිව්පසයෙන් සංග්‍රහ නොකර සිටීමට කථිකා කරගෙන සිටියේ බෝසතාණන් වහන්සේ ඒ වන විටද බුදු බව ලබා නොගත් ලෙස සිතූ සෙයිනි. ඔවුන්ගේ චිත්ත අභිමානය බිදහෙලමින්, මිත්‍යා මත දුරු කරමින්, රශ්මිධාරා පතුරවමින් වැඩි බුදුරදුන් දුටු පස්වග මහණුන් උන්වහන්සේට ආසන පැනවූහ.
එදා බරණැස ඉසිපතන මිගදායට වැඩි තිලෝගුරු අප මහා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් අරඹයා දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කළ සේක. මෙය තථාගතයාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවයි. මෙම දම් දෙසුම දස දහසක් සක්වලින් පැමිණි දේව බ්‍රහ්ම සේනාවන්ද ශ්‍රවණය කළහ. පස්වග මහණුන් ඇතුළු අටලොස් කෝටියක් දේව බ්‍රහ්ම ආදී සියලු දෙනා බුදුන් සරණ ගියහ.
බුදුන් වහන්සේ එදා මංගල දම් දෙසුමෙන් ලෝක සත්වයා ඉදිරියේ ගෙනහැර තබන ලද්දේ උන්වහන්සේ ලෝක සත්ත්වයා සහ ලෝකය පිළිබඳව අවබෝධ කරගත් ශ්‍රේෂ්ඨතම සත්‍යය හා බුදු දහමෙහි මූලික හරය වන බුදු දහමෙහි හදවත බදු චතුරාර්ය සත්‍යයි. එසේ වන්නේ බෞද්ධයෙකුගේ මූලික පරමාර්ථය උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීම වන නිසාවෙනි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුකූලව නිර්වාණය අවබෝධ කර ගැනීමට නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත යුතුය. ආර්ය සත්‍යයන් සතරකි. එනම්, දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය හා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය වේ. දුක්ඛ ආර්ය සත්‍යයයෙන් දුක යනු කුමක්දැයි පැහැදිලි කරයි. දෙවන ආර්ය සත්‍යය වන දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයෙන් දුකෙහි හේතුව කුමක්දැයි පැහැදිලි කරයි. තෙවන ආර්ය සත්‍යයයෙන් දුක නැති කිරීම පිළිබඳවද, අවසාන ආර්ය සත්‍යය වන දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යයයෙන් දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව පැහැදිලි කරයි.
එමෙන්ම, නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය පිළිබඳවද සම්මා සම්බුදුවරයාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයෙහි සදහන් කර ඇත. මෙම ශ්‍රේෂ්ඨ වූ ධර්ම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙම මාර්ගයම මධ්‍යම ප්‍රතිපදාව හෙවත් අන්තවලින් බැහැර වූ මැදුම් පිළිවෙත ලෙසද හදුන්වනු ලැබේ.බැහැර කළ යුතු අන්ත කාමසුඛල්ලිකානුයෝගය (අධික කාම සම්පත් අනුභවය) සහ අත්තකිලමථානුයෝගය (ශරීරයට අධික දුක් සහිත තපස් කර්ම වල යෙදීම) වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අංග අටකින් සමන්විත වේ. එනම්, සම්මා දිට්ඨි (නිවැරදි දෘෂ්ටිය), සම්මා සංකප්ප (නිවැරදි අදහස්), සම්මා වාචා (නිවැරදි වචනය) , සම්මා කම්මන්ත (නිවැරදි ක්‍රියා), සම්මා ආජීව (නිවැරදි දිවි පැවැත්ම) , සම්මා වායාම (නිවැරදි උත්සාහය), සම්මා සති (නිවැරදි සිහිය) , සම්මා සමාධි (නිවැරදි සමාධිය). මෙම අංග අට සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවට අයත් අංගයන් වේ.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ඇති අංග අට පිළිවෙළින් සම්මා කිරීම ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම ලෙස හදුන්වයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්‍රිශික්ෂාවේ පිළිවෙළින් යුක්තව වැඩිය යුතුය. එනම්, මුලින්ම ශීල කොටසට අයත් වාචා, කම්මන්ත, ආජීව සම්මා කළ යුතුය. මෙය ශීල ශික්ෂාවයි.
දෙවනුව සමාධි කොටසට අයත් වායාම, සති, සමාධි අවබෝධයෙන් යුක්තව සම්මා කළ යුතුයි.මෙය සමාධි ශික්ෂාවයි. මෙම සමාධි කොටසේ ඇති වායාම සම්මා කිරීම "සමථ භාවනාව" ලෙස හදුන්වයි. සමාධි කොටසට අයත් වායාම සහ සතිය සම්මා කිරීම "විපස්සනා භාවනාව" ලෙස හදුන්වයි.
තෙවනුව ප්‍රඥා කොටසට අයත් සංකප්ප , දිට්ඨි අවබෝධයෙන් යුක්තව සම්මා කළ යුතුය. මෙය ප්‍රඥා ශික්ෂාවය.
බුද්ධ දර්ශනයට අනුව මෙම අංග අට නිවැරදිව අවබෝධයෙන් යුක්තව සම්මා කිරීමෙන් සියලු කෙලෙසුන් නසා දුක මුළුමනින්ම අවසන් කර අවසානයේ සංසාර ගමන නැවැත්විය හැකි වේ. මෙය නිවන් අවබෝධය හෙවත් තමා ගැන අවබෝධ වීම ලෙස හදුන්වයි .ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවෙහි අන්තර්ගත වන්නේ මෙම ධර්ම කරුණු වේ.
සකළ ලෝ සතුන්ට භව දුකින් එතෙර වීමට මහා කරුණාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ තිලෝගුරු අමා මෑණී ශාන්ති නායක සම්‍යයක් සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!

නිලූකා සංජීවනී
16 වසර කණ්ඩායම
16 වසර කණ්ඩායම
No comments:
Post a Comment