සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේ බුදුවීම, සහ බුදුන් වහන්සේ ගේ පරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසක් සිදුවූ මෙම වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෝවාසී බෞද්ධයන් අතර පූජනීයත්වයටත් පත් වූ දිනයක් ලෙස සැලකනු ලබයි.
මෙම පින්බර පොහෝ දිනයේ සකල වාසී බෞද්ධයන් හට වැදගත් වන තවත් කාරණා කිහිපයකි. ඒවානම් දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීමත්
කිසාගෝතමී දේවිය විසින් "නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත පද පැවසීමත්
බුදුවීමෙන් පසු ප්රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම සහ
බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම වේ.
එමෙන්ම මෙවැනි උතුම් පොහෝ දිනයක සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කළ බුදුරජාණන් වහන්සේ බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්ය භූමියක් බවට පත් කිරීමද ඉතාමත් සුවිශේෂී කාරණයකි. විජය කුමරු ඇතුළු කණ්ඩායම ලංකාවට පැමිනීමත්
පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් හට ලක් බිම ආරක්ෂා කිරීමට පැවරීමත් මේ වෙසක් පොහෝ දිනයේ සිදුවූ ඉතා වැදගත් සිදුවීම් ලෙස සැලකිය හැක.

එපමණක් නොව ආනන්ද හිමියන් පිරිනිවන් පෑමද සිදුවී ඇත්තේ මෙවැනි පොහොය දිනයකය. එමෙන්ම එකළ පුරාණ රජ දවස දෙවනපෑතිස් රජු විසින් අධිරජ ධර්මාශෝක විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීමත් අනුරාධපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට , නැකතින් වැඩ ඇරඹීමත් ශ්රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීමත් ,මහා විහාරවංශික භික්ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්රථමවරට පැවැත්වීමත් සිදුවූයේ මෙම උතුම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේය.
හසිනි දිලිනිකා
16 වසර කණ්ඩායම
16 වසර කණ්ඩායම
No comments:
Post a Comment