කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේදී කැපකිරීම්

දිනේශා කුමාරවංශ 17 වසර කණ්ඩායම
සකල ලෝ සත්ත්වයා ගිනිගෙන දැවෙන
ඝෝර කටුක සසර සයුරේ
එතෙර යන එකම මහා නෞකාව
අති භයානක වූ එම නරා වළෙන්
ගැලවීම තවත් එක් මිරිගුවක් නොවන්නා වූ ලෙස පසක් කරවීමට සමත් සත්‍යයේ ධර්මය නම් අමෘතයේ ගවේෂණාරම්භය....

දීපංකර බුදු සමයෙහි සුමේද නම් තවුසාණන් සේ ඉපිද
බුදුරදුන්ගේ චාරිකාවට බාධා කරවූ මඩ ගොහොරු බාධකය වසා තම සිරුර තවරා
එමතින් ගමන් කරනු මැනැවැයි පුද කල වීර්යය..
එමොහොතෙහි දීපංකර බුදු මුව කමලෙන් මෙතෙම අනාගත ගෞතම බුදු නැයි විවරණ ලද මොහොතේ පටන්..
මෙලොව පෘතග්ජන මානවයෙකුට කිරීමට තබා සිතීමට වත් නොහැකි
දස පාරමිතා,දස උප පාරමිතා,දස පරමත්ථ පාරමිතා පිරූ ඒ මහා වීරයාණන්...
දාන පාරමිතා සපුරන වෙස්සන්තර
කෙතරම් වික්ෂෝපයක් දැනුනු ඇතිද

සංඛපාල ජාතකයෙහි සීල පාරමිතා
ක්ෂාන්තිවාදී තවුස් දමේ අගපසග සිදලන විට දැනුනු වේදනා
සියල්ල උපේක්ෂාවෙන් දරා ගත්තේ අප මහා බෝසතාණන්මය
සත්‍ය නෛෂ්ක්‍රම්‍ය මෛත්‍රී පිරුවේද
අප්‍රමාණ වූ අනන්ත වූ ව්‍යායාමය  අවසන් පරමාර්ථය මුදුන් පත් කිරීමට පමණමය
කුමක්ද?
සෙවීමට ඒ මහා සුඛිත මග නිවීමෙහි...

අහෝ මාගේ බුදුරදුන්ගේ අසීමිත වූ කරුණා දහරෙන් නැහැවීමට
මා ඔබ කල කුසල් පමණ වී ඇත

ලොව්තුරු බුදුරදුන්ගේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක මහා පරිත්‍යාගයෙන් ගොඩනැගුන
මේ අමිල ධර්ම මාර්ගයෙහි ගමනාරම්භයට තවත් අටුවා ටීකා කුමටද
විය සිදුරෙන් අහස බලන කැස්බෑවා ට සම
කළාතුරකින් ලද මිනිස් දිවියෙහි සැබෑ අරුත පසක් කර ගැනීමෙහි ලා
තවමත් ප්‍රමාද නොමැත..
අකාලික සද්ධර්මයෙහි
ඒහිපස්සිකය අර්ථ ගැන්වීම හුදෙක්
තම වීර්යයෙන්ම කල යුතු වේ.......
 
 
රෝෂාන් මාලින්ද දිසානායක
17 වසර කණ්ඩායම


No comments:

Post a Comment