කතුවැකිය

    මා ජීවත් වන්නේ කදුකරයේ ය. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන්ගෙන් වෙනස් වූ දේශගුණයකට උරුමකම් කියන සුන්දර මල්, සශ්‍රික තේ වතු, රිදී සේල වන් දිය ඇලි වලින් ගහනය. සිතන්න ඔබ කිසිවෙක් අකමැති  වනවාද සුන්දර කන්දක් පාමුල සියලු පහසුමක් වලින් අනුන සුඛෝපභෝගී නිවසක් හිමිවනවට. නිසැකවම ඔබ කිසිවෙක් අකමැති නොවනු ඇත.

    මදකට ඔබ එවැන්නක හිමිකරුවෙකු වූවයි සිතන්න, අවස්ථා දෙකක් සලකමු,
පලමුවැන්න නම් දිනෙක ඔබ නිවෙසින් බැහැරව ගොස් නැවත පැමිණෙන විට ඔබේ අගනා සුඛෝපභෝගී  නිවාසය  මතට නිවස අසල තිබූ කන්ද කඩා වැටී තිබෙනු දක්නට ලැබීමයි.

    දෙවැන්න නම් ඔබ නිවසේ සිටින විට භූ ගර්භ විද්‍යාඥයෙකු පැමිණ ඔබගේ නිවස වටා භුමිය පරික්ෂා කොට, තව වසර තුනක් ඇතුලත මෙම නිවස මතට කන්ද කඩා වැටෙන්ව යැයි පැවසුවහොත් ඔබ එයට ප්‍රතිචාර දක්වන අයුරු වෙනස් විය හැක.  එනම් අකමැත්තෙන් හෝ සත්‍යට හිස නමා ඔහු ඔබට පෙන්වා දුන් අවස්ථාවට  මුහුණ  දීමට මානසිකව හා භෞතිකව සූදානම් වීමයි. නැත්නම් ඒ කිසිවක් නොපිළිගෙන ඔබේ යහපත උදෙසා අවවාද දුන් විද්‍යාඥවරයටද දොස් නගමින් මෙය කිසිදා සිදු නොවන්නකි සිතමින් එහිම වාසය කිරීමයි.

    කෙසේ හෝ කන්ද නායවිත් නිවස විනාශ වී යනු ඇත. ඉතින් ඉහත අවස්ථා වලදී ඔබේ සිතුවිලි පිළිබද අවංකවම විමසන්න . නොසිතු මොහොතක ඔබ කිසිවක් නොදැන නිවාස විනාශ වීමේදීත්, ඔබ වන්නට යන දෙය යතානුරූපිව දැන එයට මුහුණ දීමට ඔබ ශක්තිමත්ව සිටියදීත්, අනාවැකි දැන දැනත් ඔබ එයට සුදානම් නොවී සිටියදීත් ඔබ ඒ සදහා මුහුණ දෙන අයුරු සිතා බලන්න. 

    හිතවත් පාඨකයිනී, තථාගතයාණන්  වහන්සේ අපේ ජීවිතය, අප ප්‍රිය දේවල් පිළිබද දේශනා කොට ඇත්තේද එයමය. තථාගත ශ්‍රී සද්ධර්මය විරාජමාන මෙම සමයේදී අප සියල්ල සිටින්නේ දෙවන අවස්ථාවේය. ඔබගෙ අවබෝධය  අනුව සියල්ල විසදෙනු ඇත,

No comments:

Post a Comment