Showing posts with label කතුවැකිය. Show all posts
Showing posts with label කතුවැකිය. Show all posts

කතුවැකිය

    මේ ගතවන නිමේෂය මුදලත්, බලයත්, සමාජීය හා ආර්ථික සාධකයත් මත ජීවිතයේ අවසන් හුස්ම පොද වෙනුවෙන් වාට්ටුවෙ ඇදන් වලට ඉහළ ලන්සු වැටෙන මොහොතකි. තම මොළය හා මාංශය කෙතරම් ඉහල ලන්සුවකට තැබූවත්, ආත්මය කිසිවිටෙක නොවිකුණන්නට මගේ පුතුට උගන්වන්නැයි කියමින්, එදා ලින්කන් තම පුතාගේ ගුරුවරයාට යැවූ ලිපියෙහි වටිනා සන්දර්භය පසු පරම්පරාවට නිවැරදිව සම්ප්‍රේෂණය වී නැති සෙයිකි. සැබැවින්ම එහි හරය නිසියාකාරයෙන් පසු පරම්පරාවට දායාද වී නම්, බලයත්, මුදලත්, සමේ වර්ණයත් මත ජීවිත අයිතීන් මෙලෙසින් අවලංගු කාසි නොවන්නට ඉඩ තිබිණි.

කතුවැකිය

    මා ජීවත් වන්නේ කදුකරයේ ය. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන්ගෙන් වෙනස් වූ දේශගුණයකට උරුමකම් කියන සුන්දර මල්, සශ්‍රික තේ වතු, රිදී සේල වන් දිය ඇලි වලින් ගහනය. සිතන්න ඔබ කිසිවෙක් අකමැති  වනවාද සුන්දර කන්දක් පාමුල සියලු පහසුමක් වලින් අනුන සුඛෝපභෝගී නිවසක් හිමිවනවට. නිසැකවම ඔබ කිසිවෙක් අකමැති නොවනු ඇත.

කතුවැකිය

ඔබේ පරම ලාභය, ඔබේ දෑත මතයි.
කොවිඩ්-19, ඔබටත් මටත් ලෝකයේ රටවල් දෙසිය ගණනක වෙසෙන මිනිසුන්ටත්, මේ වචනය අළුත් නැතැයි සිතමි. එය ශ්‍රීඝ්‍රයෙන් ලෝක ජනගහනය ගිල ගනිමින් පවතී. මිනිසා වරින් වර සොබාදහමට සිදු කල හානි වල සමස්තය, පාරාවළල්ලක් ලෙස ප්‍රතිප්‍රහාරයේ යෙදී සිටියි. ලොව 88,505 කට ආසන්න පිරිසකට මේ වන විට ජීවිත අහිමි වී ඇති ප්‍රස්තුතයක මේ ලිපිය ලියන අවස්ථාවේදී, හත්වන කොවිඩ් මරණය අප රටින් වාර්තා විය.