පොසොන් පොහොය

පුන් සදෙහි සුමුදු කැළුම් දහරෙන් නැහැවී ගත් මහී කාන්තාවගේ හද සනසන නිහඩබව..
දන් සිල් බවුන් වඩනා සුචරිතවත් දනන්ගේ ශාන්ත මුව මඩලයන්..
කුඩා ළපැටියන් එක්වී ගයනා මධු ස්වරයෙන් ආලේපිත බැති ගායනා..
සිහි කරනුයේ නැවතත් එම අති උතුම් දිනයෙහි අසිරිය මිස අන් කවරක්ද...
ලොව්තුරු සම්බුදු අමාමෑණියන්ගේ
සුවාසුදහසක්  ධර්මස්කන්ධයෙන්ද
සූ සැට කළා ශිල්පාදියෙන් සුසංගිත වූ ප්‍රෞඪත්වයකින්ද
මේ කුඩා තම්බපණ්ණිය දායාද ලැබුවා වූ
පින්බර දිනය අදම ය....

හුදෙක් භෞතික වස්තුන් වූ
වෘක්ෂ,නාග,පර්වත හා ඉර හදින්
නිශ්ඵල අභෞතික සරණක් සොයාලූ
අප මුතුන්මිත්තන්ගේ නුවණැස පාදාලන ලද හැරුම් ලක්ෂයයි මේ..

දෙවනපෑතිස් හා ධර්මාශෝක අධිරජුන්ගේ මිතුදමෙහි පිළිපනින්
මිහිදු මහ රහතුන් වහන්සේ විසින් ගෙන ආ
සකල ලෝ ධාතුවෙහි උතුම්ම පණිවුඩය
මේ ලක්දිව ඒකාලෝක කළ පිංවන්ත දිනයේ

සිහි කරමු පින් වඩමු පිළිපදිමු අමා සුවය
ගලා යන ඒහිපස්සිකය බුද්ධියෙන් ගෝචරව.....



රෝෂාන් දිසානායක
17 වසර කණ්ඩායම


No comments:

Post a Comment