ඇස රවටන මායාව පිළිබඳ අභිධර්මයෙන්

    අප ශරීරය ගත් විට එය රූප,වේදානා,සඤ්ඤා, සංඛාර ,විඤ්ඤාණ යන පංචස්කන්ධයෙන් සෑදී ඇත.මෙම පංචස්කන්ධයෙන් පලමු වැන්න වන රූප පිළිබඳ සාකච්ඡා කිරීමේදී, රූප 28 ක් පවතී.ඒවා මහා භූත රූප, උපාදය රූප, ලක්ඛණ රූප, ලෙස ප්‍රධාන කොටස් වලට ඛණ්ඩනය කර රූප 28 සාදාගෙන ඇත. රූපය ගත් විට එය පංචස්කන්ධයට අයත් අනෙකුත් කොටස් මෙන්ම, උප්පාද, ඨිති, භංග යන ලක්ෂණත්‍රයෙන් යුතු වෙයි. එනම් ඉපදීම, පැවතීම, නැතිවීම යන ලක්ෂණයන්ගෙන් සමන්විතය. පංචස්කන්ධයේ සඳහන් වන රූපයත්, පටිච්චසමුප්පාදයේ එන රුපයත් යන දෙකම එක වේ. බොහෝ දෙනෙක් බුදු දහමේ එක් තැනක සඳහන් වන දේ තවත් තැනෙක විස්තර වන විදිය වෙනස් යැයි සිතා සිටී.බුද්ධ ධර්මය වූ කලී සාන්දිෂ්ඨික රසයෙන් යුක්තය. එක් බණ පදයක් ලිහා ගත හැකි නුවණ අපට තිබේ නම්, අප එම බණ පදයේම එල්බ ගෙන කමටහන් වඩා රහත් වීමට තරම් හැකියාවක් ඇත.පටිච්චසමුප්පාදය ගත්තද, සප්ත බොජ්ඣංග ගත්තද, දස සංයෝජන ගත්තද, පංච නීවරණ ගත්තද, මෙහි එක් කොනක් ලිහ මින් ආ කළ අනෙක් කෙළවර ගැටලුවේ රැහැන් බිඳී යන්නේය. ඒ තරම් එය සත්‍යය.

අප දැන් රූපය මායාවක් වන්නේ කෙසේදැයි බලමු.

    අප ඇස ,කන,නාසය ,දිව ,ශරීරය යන පංචේන්දියයන්ගෙන් සෑදී ඇත.මෙයට අමතරව මනස යනුවෙන් තවත් දොරටුවක් පවතී.මේවාට වෙන වෙනම දොරටු පවතී ඒවා නම් චක්ඛුද්වාර,සෝතද්වාර,ඝාණ ද්වාර, ජිව්හා ද්වාර හා මනෝ ද්වාර ලෙස පවතී.නමුත් මෙහිලා කිවයුතු විශේෂ කරුණකි. එනම් චක්ඛුද්වාර යනු මතුපිටින් පෙනෙන ඇස නොවන බවත්, සෝතද්වාර යනු කනේ පිටතින් පෙනෙන මාංසල කොටස නොවන බවත්, ජිව්හා ද්වාරය යනු දිවේ පිටතින් පෙනෙන දෘශ්‍යමාන කොටස ලෙස වරදවා තේරුම් නොගත යුතුය. ඇසෙහි චක්ඛුද්වාරය පවතී. මෙම චක්ඛුද්වාරයේ චක්ඛු විඤ්ඤාණය ඇති වේ. රුපය උපදින්නේ ඇසෙහි නොව , චක්ඛුද්වාරයේය. පිටතින් පෙනෙන ඇසෙහි රූපය ඉපදුණේ නම් , අන්ධ සමහරුන්ගේ පිටතින් ඇස හොඳින් ඇත.නමුත් ඇස් නොපෙනෙනේ.පිටතින් මාංසල පිරි කන ඇති නමුදු කන් නොඇසෙන අයටත් පිටතින් පිහිටි කන පවතී..එසේ නම් රූපයක් පෙනීමට ඇස ඉපදිය යුතුය. ශබ්දයක් ඇසිමට කන ඉපදිය යුතුය. රස දැනිමට දිව ඉපදිය යුතුය.ඇස ඉපදීමට චක්ඛුවිඤ්ඤාණය ඇති විය යුතු සේම කන ඉපදීමට සෝත විඤ්ඤාණය ඇති විය යුතුය.

රුපය ඉපදෙන අයුරු බලමු ,

    රතු පැහැති මලක් දෙස බලන්න., රතු මල මතට ආලෝකය වැටිය යුතුය.එය ඇස හරහා චක්ඛුද්වාරයේ ගැටී චක්ඛුවිඤ්ඤාණය හට ගනී .එවිට ඇස උපදී. රතු මලෙහි රූප සටහන වර්ණ සටහන මනෝද්වාරයේ තැන්පත් වේ. ඒ මලෙහි නැවුම් බව දැක එහා ස්පර්ශ වූ චක්ඛු විඤ්ඤාණයේ ඵ්ස්සය ඇති කොට ගනි. මලෙහි අලංකාරය දැක සැප වේදානා උපදවා ගනී.,එම මල අයත් කරගැනිමට තෘෂ්ණා පහල කරගනී. එය නැසී යා දැයි බිය උපදවා ගනී.මෙලෙස එය රැක ගැනිමට නොයෙක් ආයාස දරයි. ඒ කෙරෙහි දුක් වෙයි, පරිදේව වෙයි. මෙලෙස හිතේ හටගත් මලක් මායාවක් ,රූපයක් නිසා අවිද්‍යාවට පත්ව කෙලෙස් ගගුලේ ගිලෙති.මල සතර මහා භූතරූපයෙන් සෑදී ජරාවට ,මරණයට දිරිමට ලක්ව වෙනස් වෙයි.,මල නැසී ගියද සිතේ උපදාවා ගත් මලක් වෙනුවෙන් වැලපෙයි. ශෝක කරයි.,මේ ඉහත කී කරුණු නැවත නුවණින් සිතා බලන්න.අයත් නොවන වෙනස් වන සුළු බවින් යිතු භුත රූප ගොඩක් වෙනුවෙන් අප ජීවිත කාලයම ශෝක කරමු වැලපෙමු.සිතා බලන්න.,මේ සරල උදාහරණයෙන්ම පංචස්කන්ධයම මායවක් නොවේද කියා.


උරේෂා රවිහාරි වීරක්කොඩි
16 වසර කණ්ඩායම

No comments:

Post a Comment