යශෝදරාවත

    ගැඹුරු දහමක් වටහාගත නොහැකි ඇතැම් ගැමි ජනතාව පුණ්‍ය සංකල්ප දෙසට යොමු කරවමින් ජනතාවගේ ජීවන ගතිපැවතුම් දිගුකලක් තිස්සේ සදාචාරවත් බව තුළ රැඳවීමට බෞද්ධ කතා සාහිත්‍ය විශිෂ්ට මෙහෙවරක් ඉටුකර ඇත. අතීත ශ්‍රී ලංකාවේ ජන සමාජය යහමගට යොමුකරවන ලද්දේ බෞද්ධ කථා සාහිත්‍ය මගිනි.එවන් පද්‍ය කෘතියක් ලෙස යශෝදරාවත හැදින්විය හැක.
    මහනුවර යුගයේ ලියවුණ කෘතියක් බවට බෝහෝ දෙනා විශ්වාස කරන යශෝධරාවත කාව්‍ය බොහෝ සේ වටිනා කෘතියක් වේ. චූල සම්ප්‍රදායට අයත් ජන කාව්‍යයකි. එනම් කාලීන කෘතියකි. යම් කිසිම සමාජ ආර්ථික තත්ත්වය යටතේ බිහිවන කෘතියකි . මෙහි කතෘ අඣාතය. එසේ වුව්ත් ඔහු අව්‍යාජ සිංහල ගැමියෙකු බව නම් සහතික කර ඇත. එය කාව්‍යයන් අධ්‍යයනය කිරීමේදි තහවුරු කරගත හැක.සමස්ත කවි 130 ක් ඇසුරෙන් සිදුහත් කුමරුන් මව්කුස පිළිසිද ගැනීමේ සිට මහා අභිනිෂ්ක්‍රමණය හරහා සිය පුරයට වැඩමවීම තෙක් සිදුවීම් මාලාව මෙහි වස්තු විෂය වී ඇත . සමුද්‍රඝෝෂ විරිත එනම් පදමාලාවන් හතරක් සහිතව ලියවී ඇත.
    යශෝදරාවත හි ඇත්තේ උගතුන් විසින් භාවිතාකල විදග්ධ භාෂාවක් නොවේ.
වියරණ දෝෂ රිද්මය බිදීයාම,ඌනතා ආදී කොතෙකුත් දුර්වලතා දක්නට ඇත. ජනකවියෙකුගේ නිර්මාණයක් නිසා විදග්ධ කවීන් විසින් රචිත කෘතීන් සමග සැබවින්ම සන්සන්දනය නොකල යුතුය . නමුත් කවි පන්ති 130 කින් සියළු සිදුවීම් මාලාව විස්තර කිරීමට තරම් විස්මිත හැකියාවක් කතෘ සතුව ඇත .

මුල් කවිවලින් බුද්ධත්වය , එය ලැබීමට විදින වීර්යයත් , යශෝදරා දේවියත් දීපංකර බුදුන් සමයේ සිට සිදුහත් කුමරුගේ මෙහෙසිය වීමට පෙරුම්පුරා ඇති අයුරුත් සංක්ෂිප්තව දක්වා ඇත.

සිරි හස්තෙන් මල් පූජා කළ          තැන දී
දෙසිතක් නැතුව නියම යි එක සිත්   පැහැ දී
දෝත පුරා වැද පිදු රඹගම්             පුර දී
නියත විවරණය විවරණ ලැබුණේ එතැන්හි දී

එසේම මහාමායා දේවිය දුටු සිහින පිලිබඳ
කවි කිහිපයකින් විස්තර කරනුයේ කවියා ගේ ප්‍රතිභාපූර්ණත්ව මැනවින් සනාථ කරමිනි.

රන් යහනේ සැතපෙන කල       බිසවුන්ට
පුන් සඳ මඬල අහසින්              ඒ පිට
රන්කඳ කලසින් වැඩියා සුදොවුන්    ළඟට
තුන් ජාමෙට පෙනුනා සඳ මඬල       මට

මහමායා සැතපෙන කල මල් යහ නේ අහසින් රිදී පරුවතයක් එම යහ නේ දහසක් බිසෝවරු වට කර මුර සිටි නේ
මහ රජු හට සැලකෙරුවා මේ සිහි නේ

ගැහැනියක දුකකදී හඩන් අයුරුත් ඇය අනෙක් අය සමගින් බෙදා ගන්නා අයුරුත් , දේවිය එම අවස්ථාවට මුහුණ දෙන අයුරුත් ,ඇයගේ උණුවන හිතත් පිලිබඳව යශෝදරාවතහි දේවියගේ වැලපිල්ල දක්වන කොටසේ මැනවින් විදහා දක්වයි .

_රෑන එරන් කෙදි සේරන් කෙදි     පීරා
_පීන පයෝදර ගනරන් කරඩු       යුරා
_වහම මොක් නිවන සාදන මුනිදු   පුරා
යහන පිට වැටී අඩතෙයි යසෝ     දරා
_
යශෝදරාවතහි 118 -122 දක්වා කවි කිහිපයෙන් ඇය තෙරණියක් ලෙස ගතකර ජීවිතයත් , පෙලහර පෑමත් ,පිරිනිවන් පෑමත් චිත්‍රණය කරයි . එතනින යශෝදරාවත අවසන් වුවද අවසාන කවි කිහිපය මගින් ,ජීවිතයෙහි ඇති අනිත්‍ය බවත්, ස්ත්‍රීනට තම ගිහි ජීවිතය ගතකරනට ඔවදනක්ද , ධර්මයේ ඇති අගයත් පාඨකයාට කියා දෙයි .

ඉන් නිසා ලියනි හිමි හට          යටහතින
දොම් නසා නොවී ලෙඩ දුකෙහි     සතතින
අන් දෙසාඔ නොලා සිතූ යසෝදරා    මෙන
පින් රැසා කරව් සග මොක් ලබන     මෙන

මෙම කෘතිය තුළින් ආගමික වශයෙනුත්, සාහිත්‍ය වශයෙනුත් වටිනා කාරණා රැසක් පිළිඹිබු කෙරේ. බෞද්ධයන්ට පමණක් සීමා නොවන යශෝධරාවත කෘතිය අන්‍යාගමිකයන්ට පවා වටිනා කෘතියක් ලෙස සදහන් කළ හැකි ය. එම කෘතියෙහි සඳහන්ව පවතින පතිභක්තියෙහි ඇති වටිනාකම සමස්ත කාන්තා පරපුරටම ආදර්ශවත් බවක් එක් කරයි.
ඒ අනුව බලන කල යශෝදරාවත යනු ඉතා සංවේදී මිනිස් කල්පනාවන් ගැඹුරු ලෙස විදාරණය කොට ඇති රසිකයාගේ ජීවිත දැක්ම ත්‍රීවුර කරන මහා ජන කාව්‍යයකි .



P.H අනුෂ්ක
15 වසර කණ්ඩායම

No comments:

Post a Comment