භික්ෂුනී සමාජය පිහිටවීම

    බුද්ධ සමාජය තුළ භික්ෂුනී සමාජය ආරම්භ වීම මුළු මහත් කාන්තා සමාජයම විමුක්තිය සොයා යන ගමන් මගෙහි හැරවුම් ලක්ෂයක් විය.බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී බුදුරදුන් විසින් භාරතයේ ප්‍රථම වතාවට භික්ෂුනී ශාසනය පිහිටවූ සේක.මෙහෙණි සාසනය එසේ ආරම්භ වී සියවස් තුනකට පසුව එනම් ක්‍රි.පූ. තුන්වන ශතකයේ(ක්‍රි.ව.237)ලංකාද්වීපයේ_ මෙහෙණි සසුන ආරම්භ විය.ඊට ප්‍රධානතම සාධකය වූයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම විජය ප්‍රතිපත්තියයි.ඊට හේතු_ වූ කතාව සැකෙවින් මෙසේය.
    මහින්දාගමනයෙන් පසුවූ දෙවැනි දිනයේදිම මිහිදු මා හිමියෝ රජ මාලිගාවේ පිරිසට ධර්මය දේශනා කල අතර එතැන සිටි පිරිසෙන් බහුතරයක්ම කාන්තාවන් විය.ධර්මය ශ්‍රවනය කර පැහැදීමට පත් අනුලා දේවිය ඇතුලු කාන්තාවෝ බුදු සසුනෙහි පැවිදි_ වීමට කැමැත්ත පළ කලහ. මේ බව රජතුමන් විසින් මිහිඳු මා හිමියන්ට දැන්වීය.නමුත් බුද්ධ නියමයට අනුව භික්ෂුන්ට කාන්තාවන් පැවිදි කිරීිම කල නොහැකි බව මිහිඳු_ මාහිමියෝ රජුට පැවසූහ.ඉදින් උන්වහන්සේගේ මග පෙන්වීම අනුව නැවත අරිට්ඨ කුමරු_ ඇතුළු දූත පිරිසක් ධර්මාශෝක රජතුමන් වෙත යැවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සංඝමිත්තා තෙරණියගේ ආගමනයට මං පෑදුනි.
   

සංඝමිත්තා තෙරණියගේ පැමිණීම අපේක්ෂාවෙන් අනුලා දේවිය ඇතුලු බොහෝ කල ස්ත්‍ර්‍රීහු දශ ශීලය රකිමින් උපාසිකාරාමයක දවස් ගෙවුහ.බුද්ධ වර්ෂ_ දෙසිය තිස් හතෙහි උදුවප් මස පුර පක්ෂයෙහි පෑළවිය දවස්හි ඉන්දියන් තාමුලිප්තයෙන් නැව් නැගුනු සගමිත් තෙරණිය ප්‍රමුඛ පිරිස සත් දිනයකින් ලංකාවේ දඹකොළ පටුනට ගොඩ බටහ.උත්තරා, හේමා,පසාදපාල,අග්නිමිත්තා, දාසිකා ,_ ඓග්ගු, පබ්බතා,මත්තා,ධම්මදියා,මහාදේවි,පදුමා,
හෙමාසා, උන්නලා,අංජලී හා සුමා එම පරිවාර තෙරණියන් බව දීපවංසය සාක්ෂි දරයි.
    උපාසිකා නම් මෙහෙණි වරෙහි ලැගුමි ගෙන සිටි අනුලා දේවිය ඇතුලු කාන්තා පිරිස පැවිදි කොට ලංකාවේ භික්ෂුනී සමාජය පිහිටවූවෝය.දීපවංසයට අනුව සද්ධම්ම නන්දි, සෝමා ගිරිද්දී, දාසියා, ධම්ම, ධම්මපාල, මහීලා, සෝභානා, ධම්ම තාපසා, හරමිත්තා, සානා, කාලි සහ උත්තරා යන භික්ෂුනීන් වහන්සේලා උපසම්පදාව ලැබූ බව සදහන්ය .
    දෙවන පෑතිස් රජතුමා මෙහෙණින් සදහා චූලංගන,මහාංගන,සිරිවඩ්ඪ යන මන්දිර තුන ඇතුළුව ආරාම දොලොසක් කරවූ බව මහාවංසය පවසයි.එසේම හත්ථාල්හක මෙහෙණවර කරවා දෙවන පෑතිස් රජු සංඝමිත්තා තෙරණියට පූජා කර ඇත. නොබෝ කලකින්__ බොහෝ මෙහෙණින් වහන්සේලා ධර්ම විනය හදාරා,ධර්ම විනයධර භික්ෂුනීන් බවට පත්වූහ.
    නමුත් උත්තිය රජු රජ වීමෙන් නව වන වසරේදී සංඝමිත්තා තෙරණියගේ පරිනිර්වාණයත් සමඟ_ ලංකාවේ මෙහෙණි සසුන පරිහානියට පත් වූ අතර නැවත දුටුගැමුණු_ රජ සමයේ නවෝදයක් ඇතිවිය . නැවත වළගම්භා රජ_ අවධිය භික්ෂුනී සමාජය_ අදුරු යුගයක උදාවීය.මහානාම රජ දවස (ක්‍රි.ව 412-434) ලංකාවේ දේවසාරා නැමැති භික්ෂුනිය (තෙසේරා) ප්‍ර්‍රමුඛ_ පිරිසක්__ චීනයට වැඩම කර චීනයේද භික්ෂුනී සමාජය පිපිහිටුවා ඇති බව සදහන්ය .
    මෙසේ ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින්_ නැවත නගා සිටුවෙමින් විකාශනය වූ භික්ෂුනී සමාජය සිව්වන මිහිඳු රජුගෙන් පසුව ලංකාවේ සිංහල බෞද්ධ ආධිපත්‍යය ගිලීහීමත් සමගම වාගේ පරිහානියට පත් වී ඇත.භික්ෂුන් වහන්සේ අතර නිකාය භේදය ඇතිවීම ,විදේශීය ආක්‍රමණ,දේශිය අර්බුද නිසා පරිහානියට_ පත්වූ ලක්දිව භික්ෂුනී සාසනය සියවස් දොළහක් තරම් දීර්ඝ කාලයක් පුරා කාන්තා පරපුරට ඉමහත් සේවාවක් ඉටු කලේය.
    මේ අයුරින් විමසන කල ලාංකීය භික්ෂුනී සමාජයේ මූල බීජය වැපීරීම සිදුවූයේ_ මහින්දාගමනයෙන් පසුව_ වුන_ අතර දුමින්දාගමනයෙන් අනතුරුව_ කාන්තා සමාජීය විමුක්තිය උදෙසා භික්ෂුනී ශාසනය ලංකාද්වීපයේ ස්ථාපනය වූ_ බව_ මොනවට පැහැදිලි වේ.මෙහෙණි සසුන ආරම්භ වීම කාන්තාවන් බුදු දහම අනුව මොක් මග යාමට පොලඹවනු ලැබූ ප්‍රධානතම සාධකයක් බවටද පත් වනු ලැබුවේ බුද්ධත්වයෙන් පස් වසරක් ඉක්මවූ_ තැන පටන්ය.


තමෝදා දිල්හාරි
17 වසර කණ්ඩායම

No comments:

Post a Comment