පෝදා රැය බිද ගනදුර
මෙත් සිසිලෙන් දම් ගගුලෙන්
නහවා සිත පිරිසිදු කර
වදිමි පුදමි අපි තෙරුවන්
පහදා සිත සන්සුන් කර
මෙයයි පොහොය හිමි මිහිදුන්
වැඩි ලක්දිව පින්බර කර
ගස් ගල් වැද සිත සන්සුන්
කරගත් අපෙ මුතුන් මිත්තො
වෙහෙර බෝධි වහන්සේ හා
බුදුන් පුදන්නට සැරසුණු
මිහිඳු හිමිදු ලක්දිව බුදු
සසුන ඇති කරන්න වැඩපු
පොසොන් පොහොය අති උතුම්ය
පුදමු බැතින සැම සතුටින
W.G.S.P. මධුෂිකා
17 වසර කණ්ඩායම
17 වසර කණ්ඩායම
පොසොන් සද කිරණින් අහස් කුස
බැබලුණා දුරු කොට අදුරු රැය
වැටුනු පුන්සද කිරණ පැහැයෙන
කිරි වෙහෙර දිදුලුවා එම රැය
සිසිල් සුළගින් සැලෙන බෝපත්
හඩින් ගෙනදෙයි සිතේ සැනසුම්
දැල්වෙනා සැම පහන් දැල්ලෙන්
නිවයි තණ්හා මෝහ ගනදුරු
මිහිඳු මහ තෙර මෙරට වැඩමෙව්
අසිරිමත් පුන් පොහෝ සද රෑ
තිදොර සංවර කරන් සැවොමා
වදිමු තෙරුවන් පොසොන් පෝදා
බැබලුණා දුරු කොට අදුරු රැය
වැටුනු පුන්සද කිරණ පැහැයෙන
කිරි වෙහෙර දිදුලුවා එම රැය
සිසිල් සුළගින් සැලෙන බෝපත්
හඩින් ගෙනදෙයි සිතේ සැනසුම්
දැල්වෙනා සැම පහන් දැල්ලෙන්
නිවයි තණ්හා මෝහ ගනදුරු
මිහිඳු මහ තෙර මෙරට වැඩමෙව්
අසිරිමත් පුන් පොහෝ සද රෑ
තිදොර සංවර කරන් සැවොමා
වදිමු තෙරුවන් පොසොන් පෝදා
W.G.S.P. මධුෂිකා
17 වසර කණ්ඩායම
17 වසර කණ්ඩායම
තිස්ස රජු දඩයමේ ගිය දා
දුන්න හා ඊ සුරතෙ රදවා
වනේ දුටු ඒ මුවා අල්ලා
ගන්න රජු ඊ තලේ විද්දා
මරණයේ ඊතලෙන් බේරී
මුවා පැන ගෙන ගියේ හනිකා
දුටු රජුන් දුනු ඊ තලත් ගෙන
ගියේ පසුපස වනය තුළටම
තිස්ස තිස්ස යන්න අමතන
හඩක් ඇසුනිය රජුට එමදින
සොයා බැලුවා කාගෙ ඒ හඩ
රුවක් දිස් විය මිහින්තලා ගල
හැදිනගත් පසු මිහිඳු රහතුන්
සාධු සාධු මුවින් පිට විය
දුන්න හා ඊ පසෙක තබලා
රජුන් තෙරුවන් සරණෙ බැදුනා
සංඝමිත්තා තෙරණි වැඩමෙව්
බෝධි ශාඛා රෝපණය කොට
ලංකා දීපය බුදුන් සරණට
පත් වීය ඒ පොසොන් පොහො දින
දුන්න හා ඊ සුරතෙ රදවා
වනේ දුටු ඒ මුවා අල්ලා
ගන්න රජු ඊ තලේ විද්දා
මරණයේ ඊතලෙන් බේරී
මුවා පැන ගෙන ගියේ හනිකා
දුටු රජුන් දුනු ඊ තලත් ගෙන
ගියේ පසුපස වනය තුළටම
තිස්ස තිස්ස යන්න අමතන
හඩක් ඇසුනිය රජුට එමදින
සොයා බැලුවා කාගෙ ඒ හඩ
රුවක් දිස් විය මිහින්තලා ගල
හැදිනගත් පසු මිහිඳු රහතුන්
සාධු සාධු මුවින් පිට විය
දුන්න හා ඊ පසෙක තබලා
රජුන් තෙරුවන් සරණෙ බැදුනා
සංඝමිත්තා තෙරණි වැඩමෙව්
බෝධි ශාඛා රෝපණය කොට
ලංකා දීපය බුදුන් සරණට
පත් වීය ඒ පොසොන් පොහො දින
W.G.S.P. මධුෂිකා
17 වසර කණ්ඩායම
17 වසර කණ්ඩායම
No comments:
Post a Comment