පොසොන් සදේ සද කිරණින්
පෝදා රැය බිද ගනදුර
මෙත් සිසිලෙන් දම් ගගුලෙන්
නහවා සිත පිරිසිදු කර
වදිමි පුදමි අපි තෙරුවන්
පහදා සිත සන්සුන් කර
Showing posts with label නිසඳැස්. Show all posts
Showing posts with label නිසඳැස්. Show all posts
පොසොන් පොහොය
පුන් සදෙහි සුමුදු කැළුම් දහරෙන් නැහැවී ගත් මහී කාන්තාවගේ හද සනසන නිහඩබව..
දන් සිල් බවුන් වඩනා සුචරිතවත් දනන්ගේ ශාන්ත මුව මඩලයන්..
කුඩා ළපැටියන් එක්වී ගයනා මධු ස්වරයෙන් ආලේපිත බැති ගායනා..
සිහි කරනුයේ නැවතත් එම අති උතුම් දිනයෙහි අසිරිය මිස අන් කවරක්ද...
දන් සිල් බවුන් වඩනා සුචරිතවත් දනන්ගේ ශාන්ත මුව මඩලයන්..
කුඩා ළපැටියන් එක්වී ගයනා මධු ස්වරයෙන් ආලේපිත බැති ගායනා..
සිහි කරනුයේ නැවතත් එම අති උතුම් දිනයෙහි අසිරිය මිස අන් කවරක්ද...
අභිනික්මනේ සිට බුද්ධත්වය යශෝධරා නෙතින්.......
කිසි දිනෙක නුඹේ ගමන නොනවතන්නට
දීපංකර බුදු සමයෙහි සපත වූ නියාවෙන්
වසන් කළෙමි නෙතරැදි කදුලත් - රහල් පුතුගෙ සුවදත්
ඇසළ අහසේ ඉකිබිදි තරු කැන් අතර.......
දීපංකර බුදු සමයෙහි සපත වූ නියාවෙන්
වසන් කළෙමි නෙතරැදි කදුලත් - රහල් පුතුගෙ සුවදත්
ඇසළ අහසේ ඉකිබිදි තරු කැන් අතර.......
අවසර දෙනවාද අම්මේ
සසරෙහි බව ගැඹුර
දැනුණා අම්මේ කලක සිට
ඔබට පවුලට ගැති සිත
බැදී තිබුණි යදමක් ලෙසට...
ඇතිවන නැතිවන බැදීම් මැද
දැනෙනා සිත් තැවුල් වේදනාවන් නොමද
ගිලන් වූ කල ගත සිත
ගෙනදෙයි පීඩා නිරන්තර...
නසන්නට සසර දුක
පුරනා පාරමී දමක් ලෙස
දරන්නට කසාවතදෙනවාද අම්මේ අවසර...
දැනුණා අම්මේ කලක සිට
ඔබට පවුලට ගැති සිත
බැදී තිබුණි යදමක් ලෙසට...
ඇතිවන නැතිවන බැදීම් මැද
දැනෙනා සිත් තැවුල් වේදනාවන් නොමද
ගිලන් වූ කල ගත සිත
ගෙනදෙයි පීඩා නිරන්තර...
නසන්නට සසර දුක
පුරනා පාරමී දමක් ලෙස
දරන්නට කසාවතදෙනවාද අම්මේ අවසර...
සසර අපි....
බව කතර
බොහෝ දුර
පැමිණි මග බලන කල....
සසර මග සැරිසරන
අපි තාම අසරණය..
උතුම් වූ නිවන් මග
දකින්නට මතු සසර
පින් වඩමු හැකි පමණ
එය වේවි සැනසුමම.......
බොහෝ දුර
පැමිණි මග බලන කල....
සසර මග සැරිසරන
අපි තාම අසරණය..
උතුම් වූ නිවන් මග
දකින්නට මතු සසර
පින් වඩමු හැකි පමණ
එය වේවි සැනසුමම.......
ඉතින් අවසර....
වෙඬරු පිඩ සේ හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
මිහිකත ද සේ හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
වෙහෙර පරදන හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
බෝ සෙවණ සේ හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
ඒ නුඹේ හද ම විය.
මිහිකත ද සේ හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
වෙහෙර පරදන හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
බෝ සෙවණ සේ හදක් දුටි නම්,
ඒ නුඹේ හද ම විය.
Subscribe to:
Posts (Atom)