අභිනික්මනේ සිට බුද්ධත්වය යශෝධරා නෙතින්.......

කිසි දිනෙක නුඹේ ගමන නොනවතන්නට
දීපංකර බුදු සමයෙහි සපත වූ නියාවෙන්
වසන් කළෙමි නෙතරැදි කදුලත් - රහල් පුතුගෙ සුවදත්
ඇසළ අහසේ ඉකිබිදි තරු කැන් අතර.......

දැනගතමි පසුවට ඡන්නගෙන්
ඔබ වහන්සේගේ සියලු ගිහි බැදීම් ,
නේරංජනාවේ ගංදිය සමග පහලට ගලා ගිය වග
අදිටනත් , නුඹවත් පමණක් එතෙර කොට......

අසූ කළ නික්මනේ තතු
හිතේ දුක් කද දිය කෙරූවෙමි, කදුලැලි සමග
නුඹෙන් උගත් ඛණ්තී පාරමිතාවෙ මහිමයෙන්
පැලී යන්නට නොදී කන්ථකගේ මෙන් මගේ ළය......

මිරිවැඩි පැළැදි සුමුදු දෙපතුල්, මහ පොළොවට නිරුවත් ව
අවු රස්නයෙන් දැවෙමින් විඩාබරව සැරිසරන වග
සැලවූයෙන් දසතින් , වැළපෙමින් අයැදියෙමි නුබගැබින්
ගිනිගෙන දැවෙන මධ්ධනෙ අව් රැස්වැල් අඩුවන්නට....

නොගනිමින් කිසිදු අහරක් සමවැදී අත්ථකිලමතානයට
ගයාවේ බෝ මැඩ දුෂ්කර ක්‍රියා වඩන බැව්
රැව් නැගුණයෙන් දඹදිව් දනව්වේ සතරකොන,
කැපකළෙමි සියලු යසසුරු බුද්ධ පතිවෘතතාවයේ නාමයට....

ගැඹුරු ළිදක උදක මෙන් අක්ෂි කුප මත්තේ ඇස් ගිලී ගිය වගත්
ආසීතියි කළුවැල් පුරුක් මෙන් ශ්‍රී දේහය වැගිරී ගිය වගත්
සැලවූයෙන් මාලිගයට, හඩ හඩා ඇයදියෙමි ලෝකයෙන්
කස්සප බුදුන් කළ ජෝතිපල් මානවක කල වරද කමා කරන්නට....

ගෙවී ගොස් සය වසක්,  වෙසක් සද නැගෙද්දී නුබගැබට
සියලු කෙලෙසුන් අතහැර අරහතුන් ලොව්තුරා බුදු වූ වග
පතල වූයෙන් දෙව්, බඹු , මිනිස් තුන් ලොව
සුපහන් වීමි හදවතින් - ලෙහෙණ කුලයේ සිට ආ සසර මග මෙනෙහි ව....


ඩිලූෂා එරන්දි
17වසර කණ්ඩායම

No comments:

Post a Comment