"බුද්ධත්වය" වූ කලී සැකෙවින් බෝධිය අත් පත් කර ගැනීම වේ. නිර්වාණ පදප්‍රාප්ත විය හැක්කේ ආර්‍ය මාර්ග ඥාණයෙන් චතුරාර්‍ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමෙනි. මෙකල බෞද්ධ පින්වතුන් බොහෝමයකගේ පැතුම " තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට" වේ. මෙම බෝධීන් කරා ළඟා විය හැක්කේ චතුරාර්‍ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමෙන්ම පමණි. .ලෝකෝත්තර මාර්ග ඥාණයට "බෝධි" යැයි කියනු ලැබේ. එය සම්‍යක් සම්බෝධියප්‍රත්‍යයික සම්බෝධිය ,ශ්‍රාවක සම්බෝධිය ලෙස තෙවැදෑරුම් වේ. ඉන් ලොවුතුරා බුදුවරයන් විසින් ලබන්නා වූ සර්වඥවාදී අනේක ගුණයන්ට ආධාර වන ලෝකෝත්තර ඟදාණය සම්‍යක් සම්බෝධි ලෙසද, පසේ බුදු වරයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥාණය ප්‍රත්‍යේක සම්බෝධිය ලෙසද ,ශ්‍රාවකයන් විසින් ලබන්නා වු ලෝකෝත්තර මාර්ග ඥාණය ශ්‍රාවක සම්බෝධිය නම් වේ.
සම්බෝධියට පැමිණිමට පිළිවෙත් පුරන්නාහු "බෝධිසත්ව" නම් වෙති .බෝධිය තෙවැදෑරුම් වෙන නිසාවෙන්ම බෝධි සත්වයෝද තෙවැදෑරුම් වන්නාහ. එනම් ලොවුතුරා බුදු බව සඳහා පෙරුම් දම් පුරන තැනැත්තේ මහා බෝධි සත්ත්වද ,පසේ බුදු බව පිණිස පෙරුම් පුරන තැනැත්තේ ප්‍රත්‍යෙක බෝධිසත්ත්ව ලෙසද, ශ්‍රාවක බෝධිය සඳහා පෙරුම් පුරණ තැනැත්තේ ශ්‍රාවක බෝධි සත්ත්ව ද නම්වේ. බුද්ධත්වය අපේක්ෂිත බෝධි සත්වයෝ වනාහි ප්‍රඥාධික ,ශ්‍රද්ධාධික හා වීර්‍යාධික වශයෙන් තුන් කොටසෙකි.
මෙම උතුමෝ වෙන් වෙන් වශයෙන් සාරාසංඛ්‍ය කප් ලක්ශයක්,- ප්‍රඥාධික වශයෙන්ද
, අෂ්ඨාසංඛ්‍ය කප් ලක්ෂයක්- ශ්‍රද්ධාධික ලෙසද
, සොළොස්අසංඛ්‍ය කප් ලක්ෂයක් - වීර්‍යාධික ලෙස
තෙවැදෑරුම් මහාබෝධි සත්වයෝ අදාල පෙරුම් දම් පූරණය කෙණෙහි සම්මා සම්බුද්ධත්වයට පැමිණෙති.
පසේ බුදුහුද, මහ රහතන් වහන්සේලාහුද ඒ ඒ වශයෙන්,වෙන් වෙන් වූ කාල වකවානු අදාල පාරමී පූරණය කොට පච්චේක( ප්‍රත්‍යේක) බෝධිය සහ, රහත් ( ශ්‍රාවක බෝධිය ) කරා ළඟා පිළිවෙලින් ළඟා වෙති .
ඉහත සඳහන් කරන ලද බෝධී කරා ලඟා වනු පිණිස සම්පූර්ණ කළයුතු පාරම්තා ප්‍රමාණ තරමක් වෙනස් වෙති.
සම්බුද්ධත්වය සඳහා පාරමී ,උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් පාරමිතා තිහක්ද ,පසේ බුදු වීමට පාරමිතා විස්සක් ද, මහරහත් වනු පිණිස පාරමිතා දහයක් ද පූරණය කලයුතු වෙයි .මෙම පාරමිතා වුවද පිරිය යුතු අවම කාල වකවානු ප්‍රමාණ එකිනෙකට වෙනස් වෙයි.
බුද්ධත්වයේ අසිරිය පිළිබඳව සාකච්ඡාව පූර්වයේ බෝධිසත්ව සංකල්පය පිළිබඳ කතිකාවතක් නිර්මාණය කල යුතුය. මන්ද යත් බෝධිය අත් පත් කරගනු පිණිස බෝධිය අත් පත් කර ගැනීමට පෙරුම් දම් පුරන්නාගේ වීර්‍යය, ප්‍රඥාව ,අධිෂ්ඨානය මාහානර්ඝ වන බැවිනි. පශ්චිම දෙසට ගලා බස්නා නදිය උඩු ගං බලා හැරවීමට දරන ප්‍රයත්නයක පුනරාගමනය බෝධි සත්ව චරිත තුලින් හෙලි වේ. එහි අසිරි වැනීම සම්බෝධිය ලබා ගැනීම තරම්ම ආශ්චර්යයමත් වෙයි.බෝධි සත්ව යන පදය ගත් විට බෝධි + සත්ව ලෙස භේදනය කළ හැක ."බෝධි " යනු ධර්මාවබෝධය ලෙස අරුත් ගැන්වේ. සත්ත්ව යන්නෙන් ධර්මාවබෝධයෙහි ඇළුණු තැනැත්තා යන්න කියැවේ. ඒ අනුව බුදු බව පතා ගුණ දම් පුරණ බුද්ධාංකුරයා ලෙස ථේරවාද පාලි ත්‍රිපිටකයෙහි "බෝධිසත්ත" යන්න යෙදී ඇත්තේ මේ අයුරිනි.බෝධි සත්ත්ව සංකල්පය හා පැවිද්ද අතර සම්බන්ධය තරමක් දුරස්ථය. සාමාන්‍යයෙන් ගිහි ජීවිතයෙන් ඇරඹෙන බෝධි සත්ත්ව ජීවිතය අනුක්‍රමයෙන් ප්‍රවෘජ්‍යා ජීවිතයට සේන්දු වෙයි. මහායානික බෝධිසත්ත්ව චර්‍යාව පරිපූර්ණ වශයෙන් විස්තර කරන බෝධිචර්‍යාවතාරයෙහි ද මෙය මෙලෙසම විස්තර කොට ඇත. සම්මාසම්බුද්ධත්වය වෙනුවෙන් පාරමී දම් පුරණ බෝධි සත්ව උතුමෙක් තම මවගෙන්, බුදුවරයකුගෙන් නියත විවරණ ලබා ගත යුත්තේ වෙයි. නියත වශයෙන්ම බුදුවන බවට විවරණ ලැබුවෝ සිය පෙරුම් දම් පුරා අන්තයෙහි තව්තිසාවෙන් සර්වඥ කේන්ද්‍රය සහිත මංගල සක්වලට බසිති. ගෝතම සෑසි පියාණෝද බෝධි සත්ව ආත්ම පන්සිය සතලිස් සතක් ගත කර මතුයෙහි බුදු බවට පත් වූහ. සපුරණ ගුණ දහම් අනුව බෝසතුන් තුළ පවත්නා සද්ගුණ වු කලී රහත් නමක් තුළ ඇත්තාවූ සද්ගුණයහුම ය. ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය ප්‍රබලය. දාන ,ශීල ,ක්ෂාන්ති, වීර්‍ය, ධ්‍යාන භාවනාව සහ ප්‍රඥාව යන ගුණාංග ඔහු විසින් ඉතා නිවැරදිව වගා කල යුත්තේ වෙයි. අතීත අනාගත වර්තමාන බුදුවරුන්ට එතුමෝ ගරු කල යුතු වෙයි. බුද්ධත්වය ලැබීමට පළමුව බෝධිසත්ත්ව වරයෙකු පත්විය යුතු "භූමි " හෙවත් අවස්ථා දසයෙකි. මෙම සංකල්පය මහායානික පොත් පත්හි අඩංගු කරුණු වන අතර මෙම "භූමි"ථේරවාද බුදු සමයෙහි සෝවාන් ආදි වශයෙන් දැක්වෙන අවස්ථා හෙවත් තත්වයන්ට සදිසි වේ. දශ භූමි සුතුරෙහි දක්වන අන්දමට ප්‍රමුදිතා,විමලා, ප්‍රභාකරී , අර්ච්ස්මතී, සුදුර්ජයා, අභිමුඛී, දුරංගමා, අචලා, සාධුමතී, ධර්මමේඝා යනු මෙම දසය වෙයි.
මෙලෙස පෙරුම් දම් පුරණ ලද බෝධි සත්වයෝ , ලොව පහල වීම මහත් ආශ්චර්යකි ,එය වචනයෙන් පවසන තරම් පහසු හෝ සුළු කොට තැකිය නොහැක්කකි. මහත් භාග්‍යවන්ත යුගයක සක්වලක ඇරඹීම සිදු වනුයේ බුද්ධාන්තරික කල්පයේය. මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශය දුර්ලභ ආශ්චර්යකි
අප දැනට ගත කරනුයේ මහා භඳ්‍රකල්පයකි ,මහා භද්‍රකල්පයක් යනු එහි බුදුවරුන් පස් දෙනෙකු පහල වන බවය. දැනට අප අයත් භද්‍රකල්පයේ බුදුවරු සිව් දෙනෙකු පහල වී ඇත. (කකුසඳ ,කෝණාගමන ,කාශ්‍යප, ගෞතම ) යනු එම බුදුවරු වෙති. මේ භද්‍රකල්පය නිමාවට පෙර තවත් බුදුවරයෙක් පහල විය යුත්තේ වෙයි. ඒ ,සියල්ලන් බලාපොරොත්තු ව සිටින මෛත්‍රී බුදුරජාණන්වහන්සේය. උන්වහන්සේත් ලොව පහල වූ පසු කල්ප විනාශය සිදුවන්නේය. එතෙක් කල්ප විනාශය සිදු නොවේ. නමුත් මෙතේ බහදුරු ලොව පහල වන්නට පෙර ලෝකය විනාශ වේ. දැනට පවතින ගෝතම බුදු සසුන තවත් වසර දෙදහස් ගනනකට පසු ලෝකයේ නොමැතිව යන අතර බණ පදයක් හෝ නොඇසෙන කාලයක් ලොවෙහි ඇතිවේ. ලෝකයේ විවිධ ස්ථාන වල පවතින ගොයුම්ගොත් ධාතු සියල්ල රන්මාලි සෑය ඉදිරිපිට බුදුරුවක් මැවී යමාමහපෙළහර පෑමෙන් පසු .ධාතු කිසිවක් ලොව ඉතිරි නොවේ. ඉන්පසු ලෝකයෙන් ත්‍රිවිධ රත්නය අතුරුදන් වන අතර ,කාසාවකණ්ඨික නම් භික්ෂූන් පිරිසක් ඇති වේ. ලෝකයේ බොහෝ කාලයකට බණ පදයක් නොඇසේ. එය අබුද්ධස්ස කාලය නම් වේ. මෙලෙස මිනිසුන්ගේ සදාචාරය පිරිහෙමින් යන අතර ඔවුන්ගේ පව් නිසාවෙන් ආයුශය කෙටි වේ.ජනිතයන්ගේ ශරීර ඉතා කුඩා වන අතර ඉතා අඩු වයසින් ,ජීවිතයේ සියලු කටයුතු සම්පූර්ණ කරගෙන වසර දහයක් වැනි කාලයකින් මරණයට පත් වෙයි. එවිට මිනිසාගේ පරමායුශය වසර 10 කට සීමා වෙයි ,කුඩා ශරීර නිසා මිනිසාගේ ප්‍රතිශක්තිය දුර්වල වේ. මිනිසාගේ ආකල්ප වෙනස් වීම් නිසා සොබාදහම වෙනස් වෙයි.මහ පොළව ගිනියම් වෙයි. බීමට ජල බිඳුවක් නොමැති වන තරමට පත් වෙයි. සූර්‍යයාගේ රශ්මිය සූර්‍යයන් සත් දෙනෙකු එකවර උදාවූ ලෙස රශ්මිය වැඩි වෙයි.ලෝකය භෞතිකව විනාශ වෙයි ,ගහකොලක් නොමැති තරම් වෙයි ,බොහෝ දෙනා මරණයට පත් වෙයි.මෙය ලෝක විනාශය නම් වේ මෙලෙස අවසනට ඉතිරි වන ස්වල්ප දෙනෙක් නරක ක්‍රියා වලින් මිදී ආකල්පමය වශයෙන් යහපත් වීමට පටන් ගනී. ඉන් පසු මිනිසාගේ පරමායුශය අවුරුදු අසූ දහසට ඉහල නැග නැවත පරමායුශය වසර 120 ට අඩු වු පසු (නැවත පිරිහෙන්නට පටන් ගත් විට) බුදු කෙනෙක් ලොව පහල වෙයි. නමුත් කල්ප විනාශය මෙසේ නොවේ එය තරමක් භයංකාරය.
කල්ප විනාශය යනු සියලුම මිනිස් ලෝකයත් , දිව්‍ය ලෝකත් සියල්ල යන තිස් එක් තලයම ජලයෙන් ,ගින්නෙන්,වාතයෙන් භෞතික ලෝකයේ කොටසක් වත් ,දුහුවිල්ලක් වත් ඉතිරි නොවන තරමට ,විනාශ වී යයි බ්‍රහ්ම ලෝකත් ,අපායත් විනාශ වෙයි. නමුත් එක් ආශ්චර්යමත් දෙයක් වෙයි. එය නම් ඕනෑම බෝසතානණ් වහන්සේ නමක් බුදු වන ස්ථානය ,සර්වඟ්ද කේන්ද්‍රය ලෙස අවකාශයේ පාවෙමින් පවතී. සාමාන්‍යයෙන් ඕනෑම බුදු කෙනෙක් බෝසත් අවධියේ ලොව පහල වන ස්ථාන,බුදුවන ස්ථාන වෙනස් නොවේ. ඒවා සදාකාලික නියම වේ. මේ සර්වඟ්ද කේන්ද්‍ය ,විශ්වයේ සමතුලිතතාව ඇති කරන ස්ථානය ලෙස හැඳින්වේ. මේ වටා ඊළග ලෝක තලය පහල වේ. විනාශ වූ සියල්ල නැවත ප්‍රසම්පාදනය වන අතර තුර මනුලොව පෘථිවිය පහල වෙයි. පළමුව බුද්ධගයා ශුද්ධ භූමිය පහළ වීම සිදුවන අතර එම ස්ථානය පොලෝ තලයේ නාභි මණ්ඩලය ලෙස ( ඉහත කී පරිදි ගුරුත්ව කේන්ද්‍රය )හඳුන්වනු ලබයි.මෙම ප්‍රදේශය ජම්බුද්වීපයේ බුද්ධ ගයාව පිහිටි ශුද්ධ භූමියයි. රස පොලොව පහල වන්නට ප්‍රථම මෙම ස්ථානය ජලයෙන් වැසී පවතින අතර එම ස්ථානයේ උතු සමුට්ඨානිකව සියපත් පදුරක් හටගනු ලබයි. මෙය බීජ වැපිරීමකින් තොරව ධාතු සංයෝගයෙන් හට ගැනෙන අතර අදාල කල්පයේ එක් බුදුවරයෙක් පහල වන්නේ නම් එක නෙළුමක් පිපී ඒ මත ඍද්ධිමය අෂ්ඨපරිශ්කාරයක් පහල වන අතර එය බ්‍රහ්මයන් විසින් සුද්ධාවාස බඹු ලොවට රැගෙන යන ලදුව ලොව්තුරා බුදුහු බුදුවන තැන එය පිළිගන්වනු ලබයි. එසේ නම් දැනට ගෙවී යන මහා භද්‍ර කල්පය තුල තඹරු පංචමයක් ,සමග අෂ්ඨපරිශ්කාර පංචමයක්ද පහල විය යුතුය. එසේ නම් බ්‍රහ්මයින් පස් දෙනෙකු පැමිණ එම අටපිරිකර පංචමයද සුද්ධාවාසයෙහි තැන්පත් කරනු ලදුව සිව්වන අෂ්ඨපරිශ්කාරය ගෝතම බුදු හුට පිරිනමන ලද්දේ පෙර කසුප් බුදු සසුනේ හිතෛෂී මිත්‍ර ඝටීකාර බ්‍රහ්ම රාජයාණන් විසිනි. බුදුවරයෙකු ලොව පහල වීම හා බුද්ධත්වය ආශ්චර්‍යක් වන්නේ කෙසේද යන්න මීළඟ ගැටලුවයි. බෝධි සත්වයෝ ලොව පහල වීම මහත් පුදුමාකාර සංසිද්ධියකි. පරමායුශය වසර එකසිය විසි වසක් වු තැන කාලය ,දීපය ,දේශය ,කුළය ,මව යන්න නිර්ණය කොට බෝධිසත්වයෝ මෙලොව පහල වෙති. බෝධි සත්වයන්ගේ ලොව පහල වීමත් සමග, පාරිභෝගික චෛත්‍ය, අග්‍ර උපස්ථායක ,ඇතුලු පංචම මංගල සිද්ධීන් පහලවෙයි. මහ පොළොව කම්පාවන අතර ,මාර පරාජය සිදු වෙයි. සොබාදහම මෙර මා සාන්තියෙන් සලිත වෙයි. සාමාන්‍යයෙන් බෝධිසත්වයෝ උපත ලද මව් කුසයක තවත් ගැබක් දැරීමට ඉඩක් ලබා නොදෙමින් මව දින සතකින් කළුරිය කරන අතර මේවා ධර්මතා මත සිදු වෙයි. මංගල සක්වලෙහි බුදුවරයෙක් පහල වන කල ,විශ්වයෙහි අනෙකුත් කිසිදු සක්වලක බුදුවරයෙක් පහල නොවන අතර මංගල දම් දෙසුම ත්‍රිසහස්සිකාලෝක ධාතුවදක්වා පැතිරේ. බුදු රජාණන් වහන්සේගේ බුද්ධත්වය මගින් මාර පරාජය වන බව කියැවේ. බොහෝ දෙනෙකු මාරයා ලෙස සලකනුයේ වසවර්ති මාරයාය. නමුත් බුදුරද මාරයා නම් කළ අයුරු ඊට හාත්පසින් වෙනස් වෙති. රාධ සංයුත්තයෙහි දක්වන අයුරු "රූපං ඛො රාධ මාරො; වේදනා මාරො; සඤ්ඤා මාරො ; විඤ්ඤාණ මාරො" ලෙස රාධ තෙරුන්ට දේශනා කොට ඇත්තාහ.එනම් පංචස්කන්ධය මාරයා බව දේශනා කරන ලදහ. මෙම ස්කන්ධ පංචකය භංග වන තැන මාරයා පරාජය වන බව ඉන් පැහැදිලිය. තෙසැත්තෑ ඤාණයන්ගෙන් යුත් බුදු රදහු බුදුවන කෙණෙහි ත්‍රිවිද්‍යා උපදවා ලොව ඇති සියලු දෑ අතෙහි දැරූ නෙල්ලි ඵලයක් සේ අත්දුටහ. එසේ සත්වයන්ගෙ පෙර ආත්ම භාවයන් විනිවිද දකින සෑසි පියාණෝ තම සසුනේ අධිගමයට පත්වන පුද්ගලයන් දිවැසින් දකිති. ඔවුන්ගේ විමුක්තිය පිණිස යොදුන් ගව් ගනන් දුර ඇදෙති. ගෝතම ගොයුම් ගොත් සසුනෙහි අගුල් මල් සොයා වැඩීම,සෝපාක සොයා වැඩීම යනු උදාහරණ වේ. පරාර්ථ සාධනය පිණිස ශ්‍රාවක පිරිසට ඔවා දුන් උන්වහන්සේ තමා අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කිරීමට සිතු තන්හි සමාජය පියුම් විලක් සේ දුටු බවත් එම විලෙහි මඩෙහි ගැටුණු පියුම්, දියෙන් උඩට මතුවන පියුම් ,හා ආසන්න පියුම් සේම සමාජ ස්තරායණයේදී විවිධ මට්ටමින් පින් මේරු පුද්ගලයන් සිටින බවත් බුදුහු දුටු බව පෙළෙහි සඳහන් ය.පින් මුහුකුරා ගිය පුද්ගලයෝ "වෙනෛය ජන" යනුවෙන් හැඳින්වෙති. බුදුවරයකු ලොව පහළ විමම මංගල්‍යකි .එය බොහෝ දෙනාගේ මෙරමා සාන්තියට ,විමුක්තියටහේතු වෙයි.
සුඛා බුද්ධානං උප්පාදෝ- සුඛා සද්ධම්ම දේසනා "බුදු වරයකුගේ පහල වීමම සැපයකි,සද්ධර්ම දේශනයද සැපයකි"යන්න ඉන් කියැවේ.බුදුවරයෙකු පිළිබඳව පවතිනතවත් පුදුම එලවන ආශ්චර්යයමත් සිදුවීම් පවතී එනම් අවශ්‍ය නම් කප් ලක්ශයක් ආයු වැලදීමට ඇති හැකියාවයි නමුත් ගෝතම බුදු හිමි ආයුශය වැලදුවේ වසර අසූවක් පමණය. මීළඟට බුද්ධත්වයට පත්වීමට යෙදී සිටින මෙතේ බුදුන්ගේ ආයුශය වසර ලක්ෂයක් පමණ වේ. බුදු වරයෙකු පිරිනිවන් පානුයේ තමාගේ ධර්මය සියල්ල දේශනාකොට සාසනය මුල් බැස ගෙන, ත්‍රිවිධ රත්නය ලොව පිහිටවු පසුවය. බොහෝ බුදු වරයන් වහන්සේලා පිරිනිවන් පෑමේදී බුද්ධ ශරීරය රන්පිළිමයක් ලෙස අවශේෂ වන අතර ,ගෝතම බුදු රජාණන් වහන්සේගේ ධාතු විසිරිණ. මෙයට හේතුව ධර්මය ලොව පුරා ව්‍යාප්තියට ඉඩ ලබා දීමය. අනෙක් කරුණ නම් ගෝතම බුදු හිමි සාපේක්ෂව ප්‍රඟ්දාධික වීමත් මේ නිසා ධර්මය බෙහෙවින් ,ශ්‍රී මුඛයෙන් පිට වීමත් ය. නමුත් මෛත්‍රී බුදු හිමියන්ගේ ශ්‍රී මුඛයෙන් ධර්මය දේශනා කරනුයේ අවුරුදු සතකට වරක් බව " කේතුමතී රාජධානිය " යන මැයෙන් මෛත්‍රී බුදු රදුන් ගැන කියවෙන පොත පතෙහි සඳහන් ය.මේ නිසා ගෝතම බුදු රජාණන්වහන්සේගේ වසර අසූවක ආයු කාලයත් ,මෙතේ බුදුන්ගේ ආයු වසර ලක්ෂයත් යන්නෙහි වෙනසක් නොවන්නේය.මන්ද යත් බුදුහු නික්මෙනුයේ ත්‍රිවිධ රත්නයත් ,ශ්‍රාවක පිරිසත් බුදු සසුනේ ඇති වූ පශ්චිමයේය.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන්ද,අසූ අනුව්‍යංජන ලක්ෂණයෙන් කේතුමාලාවෙන් ,ව්‍යාමප්‍රභාවෙන් , ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් බබලන උන්වහන්සේ රූප සෞන්දර්යයෙන් ද ලෝකයෙහි ආශ්චර්යය වන සේක. අෂ්ඨාංගසමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දහම්දෙසන්නාවූ උන්වහන්සේ වචන විලාසයෙන්ද ලෝකයේ අග්‍ර වු සේක. උන්වහන්සේගේ අචින්තනීය අනුපමේය ගුණ ස්කන්ධයට ,මහා කරුණා ගුණයට මහමෙර මිටිය,මහපොළොව කුඩාය.,පොලොවේ වැලි කැට මදය. බුද්ධත්වයේ ආශ්චර්යය මෙතකින් වර්ණය කර අවසන් කල නොහැක්කේ වෙයි .එය වසර ගණනාවක වුවද කතිකාවතක් ගොඩ නගා අවසන් කල නොහැක්කකි. මෙම ලිපිය කියවන ඔබ යම්කිසි අමූලිකා සද්ධාවක් උපදවා සිටියෙහි නම්.., මෙය කියවා අවෙච්චප්පසාදය කරුණු දැන පහන් සංවේගය උපදාවා ගනු ඇතැයි සාසනාලීය චින්තනයෙන් දැකීමට කැමැත්තෙමි .ලිපිය තරමක් දිගු වී නම් ඔබගේ ක්ෂමාව අයදිනු අතර එය අතිශය පුළුල් මාතෘකාවක් වන බැවින් ලඝු කොට දැක්විය නොහැකි වු බව සාසනාලයෙන් දන්වා සිටිමි. ධර්මය නැසී යන ප්‍රස්තුතයක මෙසේ අකුරු කරමින් අවේදයිතික සැපය කවදා හෝ සාක්ශාත් කරගනු වස් ,අවස්ථාව ලබාදුන් කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමයට නිරාමිස ප්‍රීතියෙන් ස්තුතිය පුද කරමි.
සබ්බපාපස්ස අකරණං- කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධානසාසනං
සියලු පව් වලින් මිදීමද ,කුසල් උපදවා ගැනීමද ,එළඹ සිටි සිහියෙන්යුතුව තම සිත පිරිසිදු කර ගැනීම....,මෙය වූ කලී සද්ධර්ම ඝෝෂාව තවමත් ඇසෙන කාලයක සියලු බුදුවරුන්ගේ අනුශාසනය වෙයි.ප්‍රමාදවිය යුතු නැත.අප තවමත් ආරක්ෂිතය.මීළඟ බුදුහු පහළ වීමට තව බොහෝ කලෙකි.වාසනාව නම් ධර්මයත් සංඝයාත් තවමත් ආරක්ෂිත වීමත් ය.
තෙරුවන් සරණයි !!!
උරේෂා රවිහාරි වීරක්කොඩි
16 වසර කණ්ඩායම
16 වසර කණ්ඩායම
No comments:
Post a Comment