බුදු හිමිගේ පුරිසදම්ම සාරථී ගුණය

දුනුවායන් බෝ              එවා
අසමත් වූ කල               පවා
බුදු රදුන්ට ගල්            පෙරලා
දෙව්දත් තෙර වින           කළා

සොළොසක් රා කළ       පොවා
මත් වූ නාලාගිරි             එවා
සඟ නායක වනු            සිතා
පව් තව තව රැස්           කලා    

මත් වූ නාලාගිරි            පවා
බුදු හිමි ළඟ දණ        හොවා
දමනය වී බුදු හිමි          හට
දෙව්දත් තෙර          පැරදුනා
පුදනු රිසියෙන් ගුරු     පඬුරු
 බස් අසමින් තම        ඇදුරු
තනමින් ඇඟිලි මාලය  මෙයුරු
වුනා අඟුල් මල් නමින්   රුදුරු

කරමින් දහස් මනු        ඝාතනය
සපුරන්නට ඇඟිලි          මාලය
පෙරාතුව මව් නසන        පාපය
බුදු හිමි කලා අඟුල්මල්    දමනය

අඟුල්මල් ආලවක          දමනය
නාලාගිරි,රාහු අසුරේන්ද්‍ර    දමනය
හෙළිකලා ලෝ දනන්          හට
පුරිසදම්ම සාරථී            ගුණය


ජී යූ කල්පනී
17 වසර කණ්ඩායම


නිලාන් රාජකරුණා 17 වසර කණ්ඩායම


No comments:

Post a Comment