තුන් බැ ජටිල දමනය

තුන් ලොව අඳුරු දුරු කළ බුදු හිමි    වසන
කුළුදුල්  වස්සානේ  කරලිය සිරි   ගෙනෙන
නව උණුහුමේ  පිපි වන මල්  සුවඳ   ගෙන
දඹදිව් තලය නව  පුහුඹෙන්  එකලු    විණ

අළුයම පිබිද තුන්ලොව නෙත යොමන කල
අතුරිත‍ වැඩුම කට  බුදු සිත  පහන්    විය
නිල්තලා නදී තෙර  ජල මන් මත්      වීය
උරුවෙල්  දනව්වට හිමි සඳ වැඩි    සේ ය

වියළුණු උරුවෙලයට දම්වැසි      හැලුණා
ගයා නදියටත්   සම්බුදු සුව       හැමුණා
දහසක් තෙර පා පහසින් පුද     කෙරුණා
සදහම් ඔසුවෙන් මගධය එකලු      වුණා

ගිණි දෙව් පිදීමේ නිස්සර බව      දැනිණි
රා දෝ මෝහ දැවෙනා ගිණිදැල්    නිවිණි
දිවියක අරුත සදහම් බව පසක්      විණි
නිර්මල සදහම් ගඟුලැල් ඇද       හැලිණි



R.A.J.C. රණසිංහ,
වෛද්‍ය පීඨය,
නැගෙනහිර විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment