යමා මහා පෙළහර හෙවත් යමකපාටිහාරී ඤාණය

    සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත් අවස්ථාවේදී ඤාණයන් වශයෙන් පුබ්බේනිවාසානුස්සති ඤාණයත්, ආසවක්ඛ්‍ය ඤාණයත්, චතූපපාත ඤාණ තුන අවබෝධ කරගත් බව අපි හොදින්ම දනිමු. මීට අමතරව තවත් ඤාණයන් කිහිපයක් ද උන්වහන්සේ විසින් අවබෝධ කරගත් සේක. එනම්,  ෂඩ්අසාධාරණ ඤාණ, දසබල ඤාණ, චුද්දස ඤාණ, තෙසැත්තෑ ඤාණ, ආදී අනේක විධ ඤාණයන් අතර යමකපටිහාරිය ඤාණයද වි‍‌‌භේද වූවකි.
_එනම් කුමක්ද යමකපටිහාරිය යන්නෙන් අදහස් වන්නේ ?
    එය සැබවින්ම ආශ්චර්යජනක සිදුවීමකි.එය ඛුද්දක නිකායේ පටිසම්භිදා මග්ග පොත් වහන්සේගේ සඳහන් වන්නේ මෙලෙසිනි.
(කතමං තථාගතස්ස යමක පාටිහීරේ ඤාණං?) තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්යය ඤාණය කුමක්ද ? (ඉධ තථාගතෝ යමකපාටිහීරං කරෝති අසාධාරණං සාවකේහි) මෙහිලා තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් හා සාධාරණ නොවූ යමක ප්‍රාතිහාර්යය කරන සේක. එය දීර්ඝ විස්තරකි. සැකවින් විග්‍රහයක් කලහොත් යමා_ මහා පෙළහර පෑම සම්මා සම්බුදුවරයකුටම පමණක් කළ හැකි ප්‍රාතිහාර්යකි. එහිදී සිදු කෙරෙනුයේ ශරීරයෙන් එකවර ගින්දර හා ජලය පිටවන ආකාරය දැක්වීමයි. ශරීරයෙහි එක කනකින් ගින්දරත් අනෙක් කනෙන් ජලයත් නිකුත් කරන අයුරු දිස්වෙයි. එසේ ඒ ඒ ඉන්ද්‍රියන් එලෙස ජලයත් ගින්දරත් පිට වන අයුරු දක්වයි. එම කාර්ය සිදුකරනු ලබන්නේ එක් වරක් ආපෝ කසිණයට සමවැදී ජලය පිටවන අයුරු දක්වන අතර දෙවනුව තේජෝ කසිණයට සමවැදී ගින්දර පිටවන අයුරු දක්වයි. එම කාර්ය අවස්ථා දෙකකදී සිදුකළත් ඉතා වේගයෙන් එම සමාපත්තීන්ට සමවැදීමෙහි ඇති හැකියාව නිසාම බලා සිටින්නන්ට පෙනෙනුයේ එකම මොහොතේ ජලය හා ගින්දර ශරීරයෙන් නිකුත් වන බවකි.

යමක මහා ප්‍රාතිහාර්ය පෑ ප්‍රධාන අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වේ.
    පළමුවැන්න බුද්ධත්වයෙන් පළමු සතියෙහි සිදුවූවකි. බුදුවීමෙන් පසු බුදුරජාණන්වහන්සේ සත්සතිය ගතකළ බව ප්‍රකට කරුණකි. ඉන් පළමු සතිය ගත කළේ බුදුවූ බුද්ධගයාවෙහි ශ්‍රී මහා බෝධීන්වහන්සේ මුල සතියක් සමාපත්ති සුවයෙන් වැඩ සිටීමයි. නිරෝධ සමාපත්තියට සමවැදී ඇති අවස්ථාවේදී ඇතැම් දේවතාවන් තුළ සැකයක් ඇති විය. බෝසතාණන්වහන්සේ තවමත් බුද්ධත්වයට පැමිණ නැති බවත් නැසීමට කෙලෙස් තව ඉතිරිව ඇතිබවත් එනිසාම තවම පළගින් නොනැගිටින බවත් සිතූහ. මෙම සංසිද්ධිය දිවැසින් දුටු සර්වඥයන්වහන්සේ දෙවියන්ගේ සැකය දුරුකරනුවස් අහසට පැනනැග යමා මහා පෙළහර පා වදාළහ. එම පෙළහරින් පසු දෙවියන් තුළ පැවති සැකය දුරුවිය.

    බුදුපියාණන් වහන්සේ කළුදායි ඇමතිවරයා ගේ ඉල්ලීම පරිදි පිය රජතුමා දක්නට යාමට අදහස් කර එම විසිදහසක් භික්ෂූන් පිරිවරා තරු ගණ පරිවරා ගත් සදමඬලසේ පා ගමනෙන් ම මැදින් පුරපසළොස්වක පෝදා ජන්ම භූමිය වෙත ගමන් ආරම්භ කළහ.

    දවසකට යොදුන බැගින් ගමන් කර ඒ ඒ තැන්හි ධර්ම දේශනා පවත්වමින් අනුගාමින් පිරිස වැඩිකරමින් දෙමසකින් කිඹුල්වත් පුරයට සැපත් වූහ. මෙම මැදින් පුර පසළොස්වක පෝදා ඇරඹූ ධර්මධූත කාර්ය ඉතා සඵලවත් විය. ශාක්‍යන් විසින් බුදුරජාණන් වහන්සේට වැඩ සිටීම සඳහා නිග්‍රෝධ නම්  ශාක්‍යාගේ උයනෙහි ගොඩනගන ලද නිග්‍රෝධාරාමය පූජා කෙරුණේ එම දහම් චාරිකාවෙහි ප්‍රතිඵලයක් ලෙසය. එම ආරාම පූජා අවස්ථාවට පැමිණි ශාක්‍යයන් ළමා ළපටින් ලවා බුදුරජාණන්වහන්සේ වන්දවාලු නමුත් වැඩිහිටි පිරිස බුදුරදුන් තමන්ට වඩා වයසින් අඩු බැවින් වැඳීමට අකැමැති වූහ. එම අස්ථාවේදී එම ශාක්‍යයන්ගේ මානය බිඳීම සඳහා යමා මහ පෙළහර පෑ සේක. එය දෙවන වරට පැවැත්වූ යමා මහා පෙළහර පෑමයි._

_    බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට යමා මහා පෙළහර පෑම සිදුකරන ලද්දේ තීර්ථකයන් දමනය කිරීම පිණිස සැවැත් නුවර ගණ්ඩම්බ රුක සමීපයේ ආකාශයේදී ය. එයට හේතුව වූයේ රජගහ නුවර සිටුතුමාට රත්සඳුන් ගැටයක් ලැබී එයින් පාත්‍රයක් කරවන ලදී. එය යොදා ගෙන තම ප්‍රදේශයෙහි සිටින ආගමික පූජ්‍ය පක්ෂයෙහි ඍද්ධිමත් භාවය පරීක්ෂාවට ලක් කිරීමට සිතිය. එයට තීර්තකයින් වැනි අන්‍ය ආගමකියන් කොපමණ උත්සාහ දැරුවත් අවසානයේ දී පිණ්ඩෝල භාරද්වාජ හිමියන් අහසට නැග විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය නැග විවිධ ප්‍රාතිහාර්ය පෑමත් ඉන්පසු එය දැනගත් බුදුරජාණන් වහන්සේ මින් ඉදිරියට භික්ෂූන්වහන්සේලා විකුර්වර්ණ ඍද්ධි නොපැය යුතු යැයි නීතියක් පැන වූහ. මෙය ඇසූ අන්‍ය තීර්ථකයන් මින්පසු බුදුන්වහන්සේ ද ඍද්ධි ප්‍රාතිහාර්ය නොපාතියි තීරණය කොට අපි ඉදිරියේදී බුදුහිමියන් සමඟ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්නෙමියි ප්‍රචාරයක් කළේය.මෙම කරුණ සැලවූ වහාම බුදුහිමියන් මුණ ගැසුණු බිම්බිසාර රජතුමා මින් ඉදිරියට ඍද්ධි ප්‍රාතිහාර්ය නොපාන්නේදැයි අසා සිටියේය._ ඉන්පසු බුදුරජාණන් වහන්සේ එය විනය නීතියක් බැව් අවබෝධ කරදීමෙන් පසු සාරමසකින් සැවැත් නුවර ගණ්ඩම්බ රුක සමීපයේ ආකාශයේදී තීර්තකයින් ඉදිරියෙදි යමා මහ පෙළහර පෑ සේක.
    එම අවස්ථා තුනෙන් පසු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධය ලබාගැනීමට සුවහසක් ජනතාව සසුනේ පැවිදි විය.


හිරෝෂන් අනුශ්ක
15 වසර කණ්ඩායම

No comments:

Post a Comment