අනේක විද දුක් සයුරේ කිමිදෙමින් සංසාර සාගරය සමග පොර බදනා ලෝක සත්වයා කෙරෙහි දයානුකම්පාවෙන්, දහසකුත් එකක් බාධක මැඩලා සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා ඒ උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මඩ ගොහොරින් පිරි පියුම් විලක් බදු වූ විෂම සමාජය තුළ අප තථාගතයාණන් වහන්සේ සමාජය නම් පියුම් විලෙහි ඉපිද, එම දිය තුළම හැදී වැඩී එම දියෙහි ජලමට්ටම පරයමින් පිපුනාවූ සියපත් පියුමක් තම ගුණ සුවද වාතලයට එක් කරන්නා සේ අප තථාගතයාණෝ ද, තමන් වහන්සේ අවබෝධය කරගත්තා වූ ඒ උතුම් ගැඹුරු ,ශාන්ත , ප්‍රණීත , සියුම් ධර්මය ලොක වාසි ජනයා කෙරෙහු හුදෙක් අනුකම්පාවෙන් යුතුව ප්‍රචාරය කිරීමට අරමුණු කරගත් සේක. සැබැවින්ම අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරා වූ ඒ උතුම් ධර්මය තුළ ධර්ම කරුණු පමණක් නොව මනෝවිද්‍යාත්මක පදනමක්ද පැවතුණි. එහිදී අප තථාගතයාණන් වහන්සේ ධර්මය දේශණා කිරීමට යොදා ගත්තා වූ ක්‍රමෝපායන් හේතුවෙන් රටරටවල් තුල බෞද්ධ ධර්මය පැතිරීමට මහත් රුකුලක් විය. ඒ අතර ශ්‍රව්‍ය හා දෘෂ්‍ය කරුණු භාවිතා කරමින් ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය හා පරිසර අත්දැකීම් ඇසුරෙන් ඒ ඒ පුද්ගලයාට ගැලපෙන ලෙස, වර්ගීකරණයක කලා වූ ධර්ම කරුණු දේශණා කිරීම හා උන්වහන්සේ ප්‍රශ්න නිරාකරණයේදී ක්‍රම හතරක් ලෙස ඒකංස ව්‍යාකරණිය, විභජ්ජ ව්‍යාකරණිය , පටිපූච්චා ව්‍යාකරණිය හා ඨපනීට ව්‍යාකරණිය යන ක්‍රම භාවිතා කිරීම ප්‍රධාන වේ.
ධර්ම දූත ප්‍රචාරණය හා සම්බන්ධව ඉන්දියාවේ භූගෝලීය පසුබිමට සලකන විට ඉන්දියාවේ උතුරින් ඇෆ්ගනිස්තානයේ සිට සැතපුම් එක්දහස් හයසියයක් දුරට විහිදෙන හිමාල කදුවැටිට දකුණින් වයඹට හා බටහිරට බරව සිංදු නදී මිටියාවතත් නැගෙනහිර දෙසට බරව ගංගා මිටියාවතත් පිහිටන අතර ස්වභාවිකව හේතුන් මත ඉන්දියාවට පැමිණි ආර්යයන් මෙම මිටියාවත් ප්‍රදේශ වල පදිංචි වූ අතර බුදුරදුන් පහල වූ සමය වන විට මෙම මිටියාවත් වල පහළ හා මධ්‍ය කොටස් ජනාකීර්ණ වීමත් සමගම අප තථාගතයාණෝ පුමුඛ මහා සංඝයා වහන්සේලා තම ධර්ම දූත ප්‍රචාරණය මෙම ප්‍රදේශ වලින් ආරම්භ කරන ලද අතර ඒ අනුව සොලොස් මහා ජනපද තුල ධර්මය ව්‍යාප්තිය ආරම්භ විය. අංග, මගධ, කාසි, කෝසල , වජ්ජි, මල්ල, වේති, වංඝ, කුරු, පංචාල, අස්සක, සුරසේන, අවන්ති, ගන්ධාර, හා අස්මක නම් වූ සොලොස් මහා ජනපද තුල මෙලෙස බුදු සසුනේ ව්‍යාප්තිය සනිටුහන් විය. මෙම සොලොස් මහා ජනපද අතරින් දොලොසක්ම සමූහාණ්ඩු වූ අතර හතරක්ම රාජාණ්ඩු විය. මෙම සමූහාණ්ඩු වලින් වඩි කොටසක් ලිඡ්ඡවී, මල්‍ය, ශාක්‍ය, භග්ග, පිප්ඵ්ලී වනයේ මෞර්‍යන් යන රජ පෙළපත් කිහිමපයජකට අයත් විය. මේ අනුව බුදුන් දවස රාජාණ්ඩු, සමූහාණ්ඩුදක්වා බුදුසසුන ව්‍යාප්ත වන්නට විය.
එකම සම්,මස්, ඇට, ලේ, නහර වලින් සැදුම්ලත් මනුෂ්‍ය සංහතිය චතූර්‍ය වර්ණය ස්ත්‍රී පුරුශ යනුවෙන් කොටස් කර, තමා භූසුර යැයි කියමින් තම ආර්ත්මාර්ත්‍ය තකා පමණක කටයුතු කල අදූරදර්ශී අඥාණ බ්‍රාහ්මණැයින්ගේ ඉහත කී බෙදුම්වාදය නිසා කාන්තාවට අන්ත දුහීන වූ ඇසුවන් හද කම්පිත කරවන තත්වයක් බුදුන් සමය එළඹීමට පෙර උදාවී තිබූ යුගයක බුදු දහමේ ව්‍යාප්තියත් සමගම සමාජය තුල ස්ත්‍රී පුරුෂ අසමානතාව වැලළී ස්ත්‍රී පුරුෂ සමනාත්මතාවය දලුලන්නට විය. එමෙන්ම බ්‍රාහ්මණ, ශස්ත්‍රීය , වෛශ්‍ය, ක්ශුද්‍ර ලෙස වර්ගීකරණය වී තිබූ සමාජය දෙස බලා අප තථාගතයාණෝ වදාළ සිටියේ " සතර දිශාවෙන් පැමිණෙන නේක වර්ණ දරණ පක්ෂීන් මගේ දෙපාමුල එකම පාටැති කුරුල්ලන්” වන බවයි" ඒ අයුරින් බුදු දහමේ ව්‍යාප්තියත් සමගම කුළ වාදය සමාජය තුලින් වැළලී යන්නට විය.
කරුණාව , දයාව , අනුකම්පාව නැමැති උතුම් මානුශික ගුණාංග මිනිස් හදවත් තුලින් ඈත්ව ඒ වෙනුවට කෝපය, ක්‍රෝධය , වෛරය නැමැති කුරිරු ගිනිසලු වලින් මිනිස් සන්තානයම දැවෙමින් පිලිස්සෙමින් පැවති යුගයක සැබැවින්ම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය මිනිස් වර්ගයා හට සැබැවින්ම සිසිල් දිය දහරක්ම වන්නට ඇත. දිසා නමස්කාරය, වර්ණ භේදය දුරලීම , බෞද්ධ දේශපාලන දර්ශනය, නිදහස් චින්තනය, කාන්තා විමුක්තිය යනාදිය සමාජය තුල බුදු දහමේ ව්‍යාප්තියත් සමගම රට රටවල් තුල පැතිර යන්නට විය.
බුදු දහම ප්‍රචාරණයේ එක් මහා යාත්‍රිකයකු ලෙස ධර්මාශෝක අධිරාජ්‍යයා හදුන්වා දියහැක. අධිරාජ්‍ය වාදයේ ප්‍රභලත්වය මෞර්‍ය වංශයේ බලවත්කම නිසාම දීර්ඝ කාලයක් දික් විජය ප්‍රතිපත්තිය තම රුහිරය සමග සංකලනය වී අනතුරුව ධර්ම විජය ප්‍රතිපත්තිය සමග තම ස්වකීය චින්තනය ගොඩනගාගත් දඹදිව විරාජමාන තාරකාවක් බදු වූ ධර්මාශෝක අධිරාජ්‍යාගේ තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන් වූ අප ගෞතම බුදුරජාණන් වහබන්සේගේ ඒ නිර්මල ධර්මයේ පහස ලැබීමට භාග්‍යවන්ත වූයේය. තෙරුවන් කෙරෙහි ගෞරවය දැක්වීම, වෙහෙර විහාර ඉදි කිරීම, ධර්ම ලිපි ඉදි කිරීම, ධර්ම මහාමාත්‍රවරු පත් කිරීම, ධර්ම ප්‍රදර්ශණ පැවැත්වීම, විදේශ ධර්ම ප්‍රචාර සිදු කිරීම මගින් ඔහු රට පුරා ධර්මය ප්‍රචාරය කරලීය. එහිදී ධර්මය පැතිර ගිය රටවල් වන්නේ ලෙස කාශ්මීර-ගන්ධාර ,මහීශ මණ්ඩල, යෝනක දේශය,අපරන්ත දේශය, වනවාසී ප්‍රදේශ, හිමාලය වනය, ස්වර්ණ භූමිය, මහාරට්ඨ හා තම්භපණ්නි දේශයයි. භාරත ලංකා සබදතාත් සමගම මහින්දාගමනය මගින් මුලු මහත් තම්භපණ්නි දේශය තුලම බුදු දගහම ව්‍යාප්ත වන්නට වූ අතර ඒ හරහා ශ්‍රී ලංකාව තුල භික්ෂු භික්ෂුණී ශාසන පිහිටවීම, දාගැබ් ඉදිකිරීම, බෝධීන් පූජනීය කොට සැලකීම හා බෝධි ශාකා ව්‍යාප්තිය,සංස්කෘතික ප්‍රබෝධය හා කලා ශිල්ප වල දියුණුව, දළදා වහන්සේ වැඩමවීම හා ඒ හා බැදුණු පූජා ක්‍රම බිහිවීම සිදුවිය.

ඒ.එම්. ධනංජනා මධුභාෂිණී අධිකාරි
17 වසර කණ්ඩායම
17 වසර කණ්ඩායම
No comments:
Post a Comment