අනුරුවක් අභියස

විස්මයකි හුදු ශෛලමය පර්වතයක පරිවර්තනය බවට,
දියතක් අමා දම් සිසිලෙන් නිවා සනහා මෝහාන්දකාරයේ තිමිර පට ඉරා ලූ, ලොව්තුරා සම්‍යක් සම්බුදු අමාමෑණියන් වහන්සේගේ අනුරුවක්....
ලත් පමණකින් දැකුම් මාත්‍රයකුදු.......
අවිද්‍යාවෙන් කිළිටි ගත් තුන් සිත වෙඩරු පිඩක් ද්‍රවණය වන්නා සේම මෘදුව,
අසුරු ගසන ක්ෂණයකින් එක්තැන් වී ඒකාලෝක කරන්නට සමත් ඒ මහා බුද්ධ පෞරුෂය විදහා පානා ප්‍රතිමා වහන්සේ...

ඉදින් නොවේද පරම සැපයක් බවුන් වඩන්නට බුද්ධානුස්සතියෙන් ඉදිරිපිට සිද,
නෙත් යොමමින් වුවන දෙස,
ගලා යන මෙත් මුදිතා කරුණා ධාරාදියෙන් තෙමෙන්නට....
දසත කාන්තිය විහිදුවනා වූ ඉන්ද්‍ර නීල මාණික්‍යය බදු නේත්‍ර යුගලේ අනුහසෙහි ගිලී යන්නට....
ක්ෂාන්ති සමුද්‍රයක හා සදාකල්හිම නිවීමේ අනුභූතිය නිරූපිත දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ ආශ්චර්‍යය දැක ගන්නට...
ආමිසයෙන් පුදන්නට සුදුසු මෙවන් භෞතීය ගුණකදකින් සපිරුණ ඔබ වහන්සේගේ ආධ්‍යාත්මීය ප්‍රතිපත්තිය...
අහෝ කෙතරම් නම් ගැඹුරුද, මනස්කාන්තද,
අර්ථාන්විත බවේ හිණි පෙත්තෙහිම "ඒහිපස්සිකෝ" ඇසුරෙන් හඩ ගසන "අකාලික" ධර්ම පුෂ්පයෙහි
සුගන්දය තේරැම් ගත නොහී අප දුවනා සසර චක්‍රය....
නවතාලිය යුතුමය. එය....
සාධු....
තෙරුවන් සරණ මය පිහිට මේ අනේක ජාති සංසාරයේ කෙළවර දක්නට....
















රොෂාන් දිසානායක
17 වසර කණ්ඩායම

No comments:

Post a Comment