සිත්මංසල සඟරාවේ පොසොන් කලාපය

e-සඟරාව ලබාගන්න (PDF)

ඇස රවටන මායාව පිළිබඳ අභිධර්මයෙන්

    අප ශරීරය ගත් විට එය රූප,වේදානා,සඤ්ඤා, සංඛාර ,විඤ්ඤාණ යන පංචස්කන්ධයෙන් සෑදී ඇත.මෙම පංචස්කන්ධයෙන් පලමු වැන්න වන රූප පිළිබඳ සාකච්ඡා කිරීමේදී, රූප 28 ක් පවතී.ඒවා මහා භූත රූප, උපාදය රූප, ලක්ඛණ රූප, ලෙස ප්‍රධාන කොටස් වලට ඛණ්ඩනය කර රූප 28 සාදාගෙන ඇත. රූපය ගත් විට එය පංචස්කන්ධයට අයත් අනෙකුත් කොටස් මෙන්ම, උප්පාද, ඨිති, භංග යන ලක්ෂණත්‍රයෙන් යුතු වෙයි. එනම් ඉපදීම, පැවතීම, නැතිවීම යන ලක්ෂණයන්ගෙන් සමන්විතය. පංචස්කන්ධයේ සඳහන් වන රූපයත්, පටිච්චසමුප්පාදයේ එන රුපයත් යන දෙකම එක වේ.

භික්ෂුනී සමාජය පිහිටවීම

    බුද්ධ සමාජය තුළ භික්ෂුනී සමාජය ආරම්භ වීම මුළු මහත් කාන්තා සමාජයම විමුක්තිය සොයා යන ගමන් මගෙහි හැරවුම් ලක්ෂයක් විය.බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී බුදුරදුන් විසින් භාරතයේ ප්‍රථම වතාවට භික්ෂුනී ශාසනය පිහිටවූ සේක.මෙහෙණි සාසනය එසේ ආරම්භ වී සියවස් තුනකට පසුව එනම් ක්‍රි.පූ. තුන්වන ශතකයේ(ක්‍රි.ව.237)ලංකාද්වීපයේ_ මෙහෙණි සසුන ආරම්භ විය.ඊට ප්‍රධානතම සාධකය වූයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම විජය ප්‍රතිපත්තියයි.ඊට හේතු_ වූ කතාව සැකෙවින් මෙසේය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සම්බන්ධ ඓතිහාසික පසුබිම

    මහින්දාගමනයත් සමඟ ලක්දිව ධර්මද්වීපයක් බවට පත්ව සද්ධර්මයෙන් ඒකාලෝක විය. මිහිඳු මා හිමියන්ගෙන් ධර්මය ශ්‍රවණය කළ ලක්වැසියන් බෞද්ධයන් බවට පත්විය. බුදු සසුන කෙරෙහි පැහැදුන ඇතැම් පිරිස් සසුන්ගතව ධර්ම ප්‍රචාරණය ඉදිරියට ගෙන ගියහ. සදහම් අසා මග ඵලලාභීන් බවට පත්වූ අනුලා බිසව ඇතුළු පන්සියයක් කාන්තාවෝද පැවිදි වීමේ කැමැත්තෙන් පසු වූහ. නමුත් භික්ෂූන් කාන්තා පක්ෂය පැවිදි_ කරවීම බුදුරදුන් අනුදැන වදාරා නොමැති බැවින් ඒ සඳහා වරම් නොලැබීය. එහෙයින් මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම මත එවකට ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජු මෙරට භික්ෂුණී ශාසනය පිහිටු වීම සඳහා සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේද ඒ සමඟ ශ්‍රී මහාබෝධි ශඛාවක්ද වැඩම කරවන මෙන් ඉල්ලා අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිසක් දඹදිව ධර්මශෝක රජු වෙත පිටත්කර හරින ලදී.

යශෝදරාවත

    ගැඹුරු දහමක් වටහාගත නොහැකි ඇතැම් ගැමි ජනතාව පුණ්‍ය සංකල්ප දෙසට යොමු කරවමින් ජනතාවගේ ජීවන ගතිපැවතුම් දිගුකලක් තිස්සේ සදාචාරවත් බව තුළ රැඳවීමට බෞද්ධ කතා සාහිත්‍ය විශිෂ්ට මෙහෙවරක් ඉටුකර ඇත. අතීත ශ්‍රී ලංකාවේ ජන සමාජය යහමගට යොමුකරවන ලද්දේ බෞද්ධ කථා සාහිත්‍ය මගිනි.එවන් පද්‍ය කෘතියක් ලෙස යශෝදරාවත හැදින්විය හැක.

මහින්දාගමනයෙන් පසුව ඇතිවූ සංස්කෘතික ප්‍රබෝධය

 “අහං බුද්ධං ච ධම්මං ච
සංඝං ච සරණං ගතො
උපාසකත්තං දේසේසිං
සක්‍යපුත්තස්ස සාසනේ”

“මම බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගොස් උපාසකයෙකු බවට පත් වූයෙමි.ඔබ ද සැදැහැ සිතින් එම උතුම් තෙරුවන් සරණ යන්න.”

ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන

කැලණිය රජ මහා විහාරය

මහින්දාගමනය සහ එහි පසුබිම

“සමනාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉදාගතා “

“ශ්‍රමණයෙනි, අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු.”

මහින්දාගමනයට පෙර භාරතය හා ලංකාව අතර සම්බන්ධතා

  බෞද්ධ ඉතිහාසය සලකා බැලීමේදී ලෝ වැසි සියලු බෞද්ධ ජනයාගේ පිනට පහල වූ ශ්‍රේෂ්ඨ නිරිදෙකු ලෙස ධර්මාශෝක රජතුමා සැලකිය හැක. එතුමා සිදුකල මාහැගි ශාසනික මෙහෙවර දෙස බැලීමේ දී තුන්වන ධර්ම සංගායනාවට දායකත්වය දැක්වීමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 256 ගෙවුනු තැන පැළලොප් නුවර අශෝකාරාමයේදී තුන්වන ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණි. එහි ප්‍රතිඵලයක් ලෙස භාරතය පුරා බුද්ධ ශාසනයේ නැවුම් ප්‍රබෝධයක් ඇතිවුණි. එයින් නොනැවතුනු ධර්මාශෝක රජතුමා උතුම් වූ බුද්ධ දර්ශනයේ චිරස්ථිති පැවැත්ම උදෙසාත්, සකල ලෝ වැසි ජනයාගේ යහපත උදෙසාත් භාරත දේශයෙන් පිටතට ධර්ම දූත සේවාව ව්‍යාප්ත කරලීමට අඩිතාලම තැබුවේය.

පොසොන් පොහොය

පොසොන් සදේ සද කිරණින්
පෝදා රැය බිද ගනදුර
මෙත් සිසිලෙන් දම් ගගුලෙන්
නහවා සිත පිරිසිදු කර
වදිමි පුදමි අපි තෙරුවන්
පහදා සිත සන්සුන් කර

පොසොන් පොහොය

පුන් සදෙහි සුමුදු කැළුම් දහරෙන් නැහැවී ගත් මහී කාන්තාවගේ හද සනසන නිහඩබව..
දන් සිල් බවුන් වඩනා සුචරිතවත් දනන්ගේ ශාන්ත මුව මඩලයන්..
කුඩා ළපැටියන් එක්වී ගයනා මධු ස්වරයෙන් ආලේපිත බැති ගායනා..
සිහි කරනුයේ නැවතත් එම අති උතුම් දිනයෙහි අසිරිය මිස අන් කවරක්ද...

කතුවැකිය

    මේ ගතවන නිමේෂය මුදලත්, බලයත්, සමාජීය හා ආර්ථික සාධකයත් මත ජීවිතයේ අවසන් හුස්ම පොද වෙනුවෙන් වාට්ටුවෙ ඇදන් වලට ඉහළ ලන්සු වැටෙන මොහොතකි. තම මොළය හා මාංශය කෙතරම් ඉහල ලන්සුවකට තැබූවත්, ආත්මය කිසිවිටෙක නොවිකුණන්නට මගේ පුතුට උගන්වන්නැයි කියමින්, එදා ලින්කන් තම පුතාගේ ගුරුවරයාට යැවූ ලිපියෙහි වටිනා සන්දර්භය පසු පරම්පරාවට නිවැරදිව සම්ප්‍රේෂණය වී නැති සෙයිකි. සැබැවින්ම එහි හරය නිසියාකාරයෙන් පසු පරම්පරාවට දායාද වී නම්, බලයත්, මුදලත්, සමේ වර්ණයත් මත ජීවිත අයිතීන් මෙලෙසින් අවලංගු කාසි නොවන්නට ඉඩ තිබිණි.