සිත්මංසල සඟරාවේ පොසොන් කලාපය

e-සඟරාව ලබාගන්න (PDF)

ඇස රවටන මායාව පිළිබඳ අභිධර්මයෙන්

    අප ශරීරය ගත් විට එය රූප,වේදානා,සඤ්ඤා, සංඛාර ,විඤ්ඤාණ යන පංචස්කන්ධයෙන් සෑදී ඇත.මෙම පංචස්කන්ධයෙන් පලමු වැන්න වන රූප පිළිබඳ සාකච්ඡා කිරීමේදී, රූප 28 ක් පවතී.ඒවා මහා භූත රූප, උපාදය රූප, ලක්ඛණ රූප, ලෙස ප්‍රධාන කොටස් වලට ඛණ්ඩනය කර රූප 28 සාදාගෙන ඇත. රූපය ගත් විට එය පංචස්කන්ධයට අයත් අනෙකුත් කොටස් මෙන්ම, උප්පාද, ඨිති, භංග යන ලක්ෂණත්‍රයෙන් යුතු වෙයි. එනම් ඉපදීම, පැවතීම, නැතිවීම යන ලක්ෂණයන්ගෙන් සමන්විතය. පංචස්කන්ධයේ සඳහන් වන රූපයත්, පටිච්චසමුප්පාදයේ එන රුපයත් යන දෙකම එක වේ.

භික්ෂුනී සමාජය පිහිටවීම

    බුද්ධ සමාජය තුළ භික්ෂුනී සමාජය ආරම්භ වීම මුළු මහත් කාන්තා සමාජයම විමුක්තිය සොයා යන ගමන් මගෙහි හැරවුම් ලක්ෂයක් විය.බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී බුදුරදුන් විසින් භාරතයේ ප්‍රථම වතාවට භික්ෂුනී ශාසනය පිහිටවූ සේක.මෙහෙණි සාසනය එසේ ආරම්භ වී සියවස් තුනකට පසුව එනම් ක්‍රි.පූ. තුන්වන ශතකයේ(ක්‍රි.ව.237)ලංකාද්වීපයේ_ මෙහෙණි සසුන ආරම්භ විය.ඊට ප්‍රධානතම සාධකය වූයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම විජය ප්‍රතිපත්තියයි.ඊට හේතු_ වූ කතාව සැකෙවින් මෙසේය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සම්බන්ධ ඓතිහාසික පසුබිම

    මහින්දාගමනයත් සමඟ ලක්දිව ධර්මද්වීපයක් බවට පත්ව සද්ධර්මයෙන් ඒකාලෝක විය. මිහිඳු මා හිමියන්ගෙන් ධර්මය ශ්‍රවණය කළ ලක්වැසියන් බෞද්ධයන් බවට පත්විය. බුදු සසුන කෙරෙහි පැහැදුන ඇතැම් පිරිස් සසුන්ගතව ධර්ම ප්‍රචාරණය ඉදිරියට ගෙන ගියහ. සදහම් අසා මග ඵලලාභීන් බවට පත්වූ අනුලා බිසව ඇතුළු පන්සියයක් කාන්තාවෝද පැවිදි වීමේ කැමැත්තෙන් පසු වූහ. නමුත් භික්ෂූන් කාන්තා පක්ෂය පැවිදි_ කරවීම බුදුරදුන් අනුදැන වදාරා නොමැති බැවින් ඒ සඳහා වරම් නොලැබීය. එහෙයින් මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම මත එවකට ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජු මෙරට භික්ෂුණී ශාසනය පිහිටු වීම සඳහා සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේද ඒ සමඟ ශ්‍රී මහාබෝධි ශඛාවක්ද වැඩම කරවන මෙන් ඉල්ලා අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිසක් දඹදිව ධර්මශෝක රජු වෙත පිටත්කර හරින ලදී.

යශෝදරාවත

    ගැඹුරු දහමක් වටහාගත නොහැකි ඇතැම් ගැමි ජනතාව පුණ්‍ය සංකල්ප දෙසට යොමු කරවමින් ජනතාවගේ ජීවන ගතිපැවතුම් දිගුකලක් තිස්සේ සදාචාරවත් බව තුළ රැඳවීමට බෞද්ධ කතා සාහිත්‍ය විශිෂ්ට මෙහෙවරක් ඉටුකර ඇත. අතීත ශ්‍රී ලංකාවේ ජන සමාජය යහමගට යොමුකරවන ලද්දේ බෞද්ධ කථා සාහිත්‍ය මගිනි.එවන් පද්‍ය කෘතියක් ලෙස යශෝදරාවත හැදින්විය හැක.

මහින්දාගමනයෙන් පසුව ඇතිවූ සංස්කෘතික ප්‍රබෝධය

 “අහං බුද්ධං ච ධම්මං ච
සංඝං ච සරණං ගතො
උපාසකත්තං දේසේසිං
සක්‍යපුත්තස්ස සාසනේ”

“මම බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගොස් උපාසකයෙකු බවට පත් වූයෙමි.ඔබ ද සැදැහැ සිතින් එම උතුම් තෙරුවන් සරණ යන්න.”

ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන

කැලණිය රජ මහා විහාරය

මහින්දාගමනය සහ එහි පසුබිම

“සමනාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉදාගතා “

“ශ්‍රමණයෙනි, අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු.”

මහින්දාගමනයට පෙර භාරතය හා ලංකාව අතර සම්බන්ධතා

  බෞද්ධ ඉතිහාසය සලකා බැලීමේදී ලෝ වැසි සියලු බෞද්ධ ජනයාගේ පිනට පහල වූ ශ්‍රේෂ්ඨ නිරිදෙකු ලෙස ධර්මාශෝක රජතුමා සැලකිය හැක. එතුමා සිදුකල මාහැගි ශාසනික මෙහෙවර දෙස බැලීමේ දී තුන්වන ධර්ම සංගායනාවට දායකත්වය දැක්වීමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 256 ගෙවුනු තැන පැළලොප් නුවර අශෝකාරාමයේදී තුන්වන ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණි. එහි ප්‍රතිඵලයක් ලෙස භාරතය පුරා බුද්ධ ශාසනයේ නැවුම් ප්‍රබෝධයක් ඇතිවුණි. එයින් නොනැවතුනු ධර්මාශෝක රජතුමා උතුම් වූ බුද්ධ දර්ශනයේ චිරස්ථිති පැවැත්ම උදෙසාත්, සකල ලෝ වැසි ජනයාගේ යහපත උදෙසාත් භාරත දේශයෙන් පිටතට ධර්ම දූත සේවාව ව්‍යාප්ත කරලීමට අඩිතාලම තැබුවේය.

පොසොන් පොහොය

පොසොන් සදේ සද කිරණින්
පෝදා රැය බිද ගනදුර
මෙත් සිසිලෙන් දම් ගගුලෙන්
නහවා සිත පිරිසිදු කර
වදිමි පුදමි අපි තෙරුවන්
පහදා සිත සන්සුන් කර

පොසොන් පොහොය

පුන් සදෙහි සුමුදු කැළුම් දහරෙන් නැහැවී ගත් මහී කාන්තාවගේ හද සනසන නිහඩබව..
දන් සිල් බවුන් වඩනා සුචරිතවත් දනන්ගේ ශාන්ත මුව මඩලයන්..
කුඩා ළපැටියන් එක්වී ගයනා මධු ස්වරයෙන් ආලේපිත බැති ගායනා..
සිහි කරනුයේ නැවතත් එම අති උතුම් දිනයෙහි අසිරිය මිස අන් කවරක්ද...

කතුවැකිය

    මේ ගතවන නිමේෂය මුදලත්, බලයත්, සමාජීය හා ආර්ථික සාධකයත් මත ජීවිතයේ අවසන් හුස්ම පොද වෙනුවෙන් වාට්ටුවෙ ඇදන් වලට ඉහළ ලන්සු වැටෙන මොහොතකි. තම මොළය හා මාංශය කෙතරම් ඉහල ලන්සුවකට තැබූවත්, ආත්මය කිසිවිටෙක නොවිකුණන්නට මගේ පුතුට උගන්වන්නැයි කියමින්, එදා ලින්කන් තම පුතාගේ ගුරුවරයාට යැවූ ලිපියෙහි වටිනා සන්දර්භය පසු පරම්පරාවට නිවැරදිව සම්ප්‍රේෂණය වී නැති සෙයිකි. සැබැවින්ම එහි හරය නිසියාකාරයෙන් පසු පරම්පරාවට දායාද වී නම්, බලයත්, මුදලත්, සමේ වර්ණයත් මත ජීවිත අයිතීන් මෙලෙසින් අවලංගු කාසි නොවන්නට ඉඩ තිබිණි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

    සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේ බුදුවීම, සහ බුදුන් වහන්සේ ගේ පරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසක් සිදුවූ මෙම වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෝවාසී  බෞද්ධයන් අතර පූජනීයත්වයටත්  පත් වූ දිනයක් ලෙස සැලකනු ලබයි.

මහා පරිනිර්වාණය

    බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පුරා වසර 45ක කාලයක් මුළුල්ලේ ලෝ සතුන්ගේ හිත සුව පිණිස තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් ධර්මය ලෝ සතුන්ට දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය නිසි අයුරින්ම ඉෂ්ට කල සේක. තථාගතයානන් වහන්සේ වයස අවුරුදු 80දී ආනන්ද ස්වාමින් වහන්සේ අමතා “පින්වත් ආනන්දය , මගේ ශරීරය දැන් දිරාගිය කරත්තයක් වැනිය” ලෙස පැවසු බව ධර්මයේ සදහන් වේ.

බුදු දහම හා ආර්ථික දර්ශනය

    පින් කරන්නත් සල්ලි තියෙන්න ඔනෙයැයි කියනව මට ඇසී තිබේ. එය මුළුමනින්ම සත්‍ය නොනොවුනත් එහිදු සත්‍ය ඇතෙයි මට හැගේ. තමන්ට ඇති තරම් ආහාර නොමැති කළ දානයක් දීමට පෙළබෙන්නේ ඉතාමත් අතලොස්සකි. භාග්‍යවතුන් වහන්සේ අත්ථි සුඛය, භෝග සුඛ්‍ය, අනණ සුඛය, අනවජ්ජ සුඛය යැයි ගිහියෙකුට ලැබිය හැකි සැප සතරක් පිළිබදව දේශනා කොට ඇත. අත්ථි සූඛය නම් ධනය තිබීම නිසා ඇතිවන සතුටයි , භෝග සුඛය යනු ධනය පරිභෝජනය නිසා ඇති සතුටයි, අණන සුඛය යනු ණය නැති බව නිසා ඇතිවන සතුටයි. අනවජ්ජ සුඛය යනු නිවැරදි අයුරින් ධනය ඉපයීම ඇති වන සතුටයි.

බුදු දහම හා දේශපාලන දර්ශනය

    භාග්‍යවත් ශ්‍රි සද්ධර්මටයට බොහෝ ප්‍රශංසා මෙන්ම විවිධ චෝදනාද ඇත්තේය. එයින් එක් මුලික චෝදනාවක් නම් සම්බුදු දහම අශුභවාදි දහමක් බවයි. ලෝකයේ දැනට පවතින බහුතරයක් පිළිගන්නා සදාකාලික අපාය මුලුමනින්ම ප්‍රතික්ශේප කරන සම්බුදු දහම අශුභවාදි වන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුම කරුණකි. තවත් එක් චොදනාවක් නම් සම්බුදු දහම මෙලොව දියුණුවට ලෞකික දිවියට වැඩි අවදානයක් යොමු නොකරන බවයි. දහමෙහි සදහන් ආර්ඨ් සහ දේශපාලනික විග්‍රහය විමසන කෙනෙකුට ඉහත කරුණ බොරුවක් බව වැටහෙනු නොඅනුමානයි.

ගිහි ජීවිතය සාර්ථක කරන සුත්‍ර දේශනා - කරණිය මෙත්ත සුත්‍රය

නිධාන කතාව:
    ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ වැඩසිටි සමයේ භික්‍ෂූන් වහන්සේ 500 නමක්‌ භාවනානුයෝගීව වැඩ සිටීමට සුදුසු තැනක්‌ බුදුරදුන්ගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ අරඤaඤ ගතෝවා, (ආරාම තූළ) රුක්‌ක මූල ගතෝවා, (රුක්‌ සෙවනේ) සුඤ්ඤාගාර ගතෝවා (ජන ශුන්‍ය) පෙදෙස්‌ යන ස්‌ථානවලින් එක්‌ ස්‌ථානයකට යන මෙන් කියා සිටියා.ඒ අනුව උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ.

බුදු දහමේ ව්‍යාප්තිය

    අනේක විද දුක් සයුරේ කිමිදෙමින් සංසාර සාගරය සමග පොර බදනා ලෝක සත්වයා කෙරෙහි දයානුකම්පාවෙන්, දහසකුත් එකක් බාධක මැඩලා සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා ඒ උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මඩ ගොහොරින් පිරි පියුම් විලක් බදු වූ විෂම සමාජය තුළ අප තථාගතයාණන් වහන්සේ සමාජය නම් පියුම් විලෙහි ඉපිද, එම දිය තුළම හැදී වැඩී එම දියෙහි ජලමට්ටම පරයමින් පිපුනාවූ සියපත් පියුමක් තම ගුණ සුවද වාතලයට එක් කරන්නා සේ අප තථාගතයාණෝ ද, තමන් වහන්සේ අවබෝධය කරගත්තා වූ ඒ උතුම් ගැඹුරු ,ශාන්ත , ප්‍රණීත , සියුම් ධර්මය ලොක වාසි ජනයා කෙරෙහු හුදෙක් අනුකම්පාවෙන් යුතුව ප්‍රචාරය කිරීමට අරමුණු කරගත් සේක.

අග්‍ර ශාවක තනතුරු පිරිනැමීම හා සම්බන්ද කතා වස්තු හා උන්වහන්සේලාගෙන් ගත හැකි ආදර්ශ

    පන්සලේ බුදු කුටිය වෙත පිය නගන්නවු අපට බුදුන් වහන්සේ දෙපසින් වැඩ සිටින අග්‍රශ්‍රාවක දෙනම වෙත නෙත් ගමන් කරන්නේ  නිතැතින්මය. එක් නමක් නීල වර්ණයෙන්ද අනෙක් නම සාමාන්‍ය වර්ණයෙන්ද පැහැ ගන්නවා ඇති අයුරු කුඩා කල සිට අපගේ මනස තුල කුකුසක් ඇති කිරීමට සමත් විය. කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා ලබාගත්තා වූ මේ තනතුර තුල බොහෝ පුරාවෘතයන් ගැබ් වී ඇති ආකාරය පුරාණ ග්‍රන්ථ පරිශීලනය කිරීමේදී පෙනී යයි. ගෞතම බුදුරදුන් හමුවේ මේ මහා භාග්‍ය අත් කරගත්තේ සැරියුත් මුගලන් දෙනම විසිනි. ගිහි කල උපතිස්ස කෝලිත නම් ගත්තාහූය.

ප්‍රථම ආරාම පුජාව

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනින් පසුව මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ඇරැයුමකින් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ හා රජගහ නුවරට වැඩම කළේද දුරුතු මසදීයි. බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලදී. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව එදා දවස ඒ අයුරින් සිදුවුනා. මෙතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළා.බුදුරජාණන් වහන්සේ දෙවන, තෙවන, සිව්වන, දාහත්වන හා විසිවන වස් කාලයන් වේළුවනාරාමයේ වැඩ විසූ සේක.

වස් විසීමේ ආරම්භය හා විකාශනය

    බුද්ධ නියමය අනුව වැසි සමයෙහි ද බෞද්ධ භික්ෂූන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන නිසා ඇතැම් අය ශ්‍රමණ භවත් ගෞතම ශ්‍රාවකයන් තණ පැලෑටි නසමින් කුඩා සතුන් මරමින් තැන තැන ඇවිදිතියි උන්වහන්සේට දෝෂාරෝපණය කිරීමට පටන් ගත්හ.
දිනක් බිම්බිසාර රජතුමා බුදුරදුන් බැහැදැකීමට ගොස් මෙසේ ප්‍රකාශ කළේය.

සම කාලීන කාන්තා සමාජයේ නිදහස පිළිබඳ සුවිශේෂී ජයග්‍රහණයක් වූ භික්ෂූණි සමාජය පිහිටුවීම.

    බුද්ධ ශාසනයේ කාන්තා පැවිද්ද ආරම්භ වීමත් සමගම සමකාලීන භාරතීය ජන සමාජයේ සුවිශාල සමාජ පරිවර්තනයක මුල පිරීමක් සිදුවිය. පුරුෂ පක්ෂයේ දාසියක ලෙස ගෘහ ජීවිතයට පමණක් සීමා කර තිබූ කාන්තාවගේ බුද්ධිය හා සේවය එතැන් සිට පුරුෂයා හා සමාන අයිතිවාසිකම් ලබමින් සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර  කරා විහිද යන්නට විය. මෙහිලා පූර්ණ ගෞරවය හිමිවන්නේ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියටය.එහිදී ආනන්ද තෙරුන්ගෙන් ලැබුණු අනුග්‍රහය ප්‍රශංසාර්භය.

තුන් බැ ජටිල දමනය

තුන් ලොව අඳුරු දුරු කළ බුදු හිමි    වසන
කුළුදුල්  වස්සානේ  කරලිය සිරි   ගෙනෙන
නව උණුහුමේ  පිපි වන මල්  සුවඳ   ගෙන
දඹදිව් තලය නව  පුහුඹෙන්  එකලු    විණ

බුද්ධිමතුන් බුදුරදුන් වටා එක් වීම

    බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරමින් අවිදු අදුරෙන් වැසී තිබූ ලොව ආලෝකවත් කළ සේක. බුදුදහම බුද්ධියට ගෝචර වන්නා වූ දහමකි. එම නිසා දහම් රසයට සිත් ඇතිව බුදුරදුන් වටා එක් වූයේද, ධර්මය තුළින් තම තෙවැනි ඇස වූ බුද්ධි ඇස අවදි කර ගන්නා ලද වුවන්ය. බුද්ධත්වයෙන්  පසුව  තමන් වහන්සේ වටහා ගත් ගැඹුරුතම දහම දේශනා කිරීමට සුදුස්සෙකු විමසන බුදුරදුන් තමන්  වහන්සේට කලක් උපස්ථාන කල පස්වග මහණුන් ඒ සදහා සුදුසු බව තීරණය කල සේක.

ශ්‍රී ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවට පදනම් වූ දර්ශනය

    දින එළිය කරනු වස්  උදාහිරින් හිරු නැග එද්දී වෘක්ෂලතාවෝ ඒ හිරු කිරණින් නැහැවිනි. නේක විද පුෂ්පයෝ තුරුවියන් වර්ණවත් කරයි. විහගුන් ගී ගයමින් ගුවන අරා ඒ මේ අත ඔබ මොබ සැරිසරයි. භූමි තලය අලංකාර කරනු වස් පිණි බිදිති මුතු කැට මෙන් දිලිසුණි. ජල ධාරාවෝ තාලයට ගලා බසී. මද සුළග ගත දැවටී යම් රහසක් කීමට සැරසෙයි.  ඒ රූ අසිරි සිරි ඔප්නංවාලන්නට දේදුන්නක් පායන්නාක් මෙන් කසාවතින් සැරසුනු අප මහා තිලෝගුරු අමාමෑණී ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ඇසළ පුර පසළොස්වක පොහෝ දින මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් බරණැස ඉසිපතන මිගදායට වැඩම කළ සේක.

යමා මහා පෙළහර හෙවත් යමකපාටිහාරී ඤාණය

    සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත් අවස්ථාවේදී ඤාණයන් වශයෙන් පුබ්බේනිවාසානුස්සති ඤාණයත්, ආසවක්ඛ්‍ය ඤාණයත්, චතූපපාත ඤාණ තුන අවබෝධ කරගත් බව අපි හොදින්ම දනිමු. මීට අමතරව තවත් ඤාණයන් කිහිපයක් ද උන්වහන්සේ විසින් අවබෝධ කරගත් සේක. එනම්,  ෂඩ්අසාධාරණ ඤාණ, දසබල ඤාණ, චුද්දස ඤාණ, තෙසැත්තෑ ඤාණ, ආදී අනේක විධ ඤාණයන් අතර යමකපටිහාරිය ඤාණයද වි‍‌‌භේද වූවකි.

බුද්ධ චරිතයෙන් පෘතග්ජන අපට ගත හැකි ආදර්ශ

    වෙසක් සමයේ වෙනදා විදි සිසිලස, මිහිර අද අපෙන් තරමක් ඈත්ව ගොසිනි. එවන් සමයක තරුණ අපට තථාගත සම්බුදු පියාණන්ගේ ගුණ සිහි කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන්නට නවමු පිළිවෙත් සොයා යන්නට සිදුව ඇති පසුබිමක උන් වහන්සේගේ සම්බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ සිහි කොට ඒවාට අනුගත වීම පෘතග්ජන අපගේ මෙලොව  පරලොව ජීවිතය සුගතිගාමී කරනු වස් වැදගත් වනු ඇත. එනිසා ම එවන් ගුණ කෙරෙහි වඩ වඩාත් ඔබ අපේ සිහි යොමු කිරීම මේ වෙසක් සමයේ උන්වහන්සේට කරනා මහත් පුණ්‍ය කර්මය ම වනු ඇත. ශ්‍රේෂ්ඨ චරිතයක් පිළිබඳ උගැනීමේ අරමුණ එතුළින් අප දිවිය ද ආලෝකමත් කර ගැනීමයි. ඒවායින් ද අපට ඉතාම වැදගත් පහත චරිත ලක්ෂණ කෙරේ අප අවධානය යොමු කරමු.

සුනීත සෝපාක වැනි අයට දැක්වූ සමානාත්මතාව

    ලොව්තුරා බුදු රජාණන් වහන්සේ යනු මේ ලෝකධාතුව තුළ පහළ වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වේ. උන්වහන්සේ සතු වූ මහා ගුණ සමුදාය මෙතැක් යැයි කියා නිම කළ නොහැක.බුදු රදුන් සතු වූ දයාව, කරුණාව, අනුකම්පාව, පරාර්ථ සේවාව, ඉවසීම ආදී මාහැ ගුණ සමුදාය අතුරින් සමානාත්මතාවද එවැනි එක් ගුණයකි.

බුදු හිමිගේ පුරිසදම්ම සාරථී ගුණය

දුනුවායන් බෝ              එවා
අසමත් වූ කල               පවා
බුදු රදුන්ට ගල්            පෙරලා
දෙව්දත් තෙර වින           කළා

නව අරහාදී බුදුගුණ වැයුම

පුරා කප් ලක්ෂයක් පාරමි උතුම් බුද්ධත්වය             පතා
ලෝසතුන් සැම එතෙර කරවා අමා නිවනට පෑ         නිසා
නොහැක වයනට උතුම් ගුණ කඳ උන්වහන්සේ පෑ          එදා
ගෙනැර පෑමට ඉතින් අවසර ගුණය නව අරහදි    කුලුනිනා

බුද්ධත්වයේ ආශ්චර්යය

    ශ්‍රී බුද්ධ වර්ෂ 2663 ක් වන තැන්හි, සද්ධර්ම ඝෝෂාව ,ආඟදාව තවමත් ක්‍රියා කරන කාලයක මහා භද්‍රකල්පයක ඔබත් මමත් දිවි ගෙවමින් සිටිමු. වහ වහා අප්‍රමාදී විය යුතු ප්‍රස්තුතයක ,මෙවැන් ලිපියක් සකසන්නට ලැබීම පෙර පිනක වේදයිතක සැපයක් ලෙස නමස්කාර පූර්වකව , වන්දනීයව සළකමි. ගොයුම් ගොත් දහම සසුන, දැන් දැන් තන්හි තන්හි පිරිහෙමින් යන්නේය. එය ස්වාභාවිකය. නැවැත්විය හැක්කක් නොවේ. මන්ද යත් ධර්මය ද අනිත්‍යතාවයට යට වන බැවිනි. කෙසේ නමුත් හුදී සාධු ජනයාගේ පහන් සංවේගය උපදවා ගනු පිණිස , "බුද්ධත්වයේ ආශ්චර්යය " මෙසේ අකුරු කෙරෙමි.

අභිනික්මනේ සිට බුද්ධත්වය යශෝධරා නෙතින්.......

කිසි දිනෙක නුඹේ ගමන නොනවතන්නට
දීපංකර බුදු සමයෙහි සපත වූ නියාවෙන්
වසන් කළෙමි නෙතරැදි කදුලත් - රහල් පුතුගෙ සුවදත්
ඇසළ අහසේ ඉකිබිදි තරු කැන් අතර.......

බෝසතාණන් වහන්සේගේ උප්පත්තියේදී සිදුවූ ආශ්චර්යයන්

    බුදුන් වහන්සේ නමකගේ බුද්ධෝත්පත්තිය ඉතා දුර්ලභ සිදුවීමකි. එම බුද්ධෝත්පත්තියේදී අසිරිමත් කරුණු රැසක්ම සිදුවෙයි.
    බෝසතාණන් වහන්සේ මිනිස් මව් කුසින් ලෝකයට බිහිවී දින හතකින් බෝසත් මව කළුරිය කර තුසිත දෙව් ලොව උපත ලබයි.

පංච මහා විලෝකනය

    "දුල්ලභෝ බුද්දුප්පාදෝ ලෝක්ස්මිං" බුදු උපතක් සිදුවන්නේ කල්ප ගණනකිනි. දීපංකර බුදුන් වහන්සේගේ සිට කාෂ්‍යප බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිහතර නමකගෙන් සූවිසි විවරණ ලැබූ අප මහා බෝසතාණෝ සාර අසංඛ්‍ය  කප් ලක්ෂයක් දස පාරමිතා පුරමින් තම අවසන් ආත්ම භාවය වෙස්සන්තර නම් රජ කෙනෙකුව  උපන්නාහ. රජකම අතහැර තවුස් දිවියක් ගත කරමින් තමන් සතු සියලුම වස්තුව දන් දෙමින් අවසන පැවිදි දිවියකට පත් එතුමාණෝ දාන පාරමිතාව පුරමින් මියපරලොව ගොස් තුසිත දෙව් ලොව සන්තුසිත නම් දිව්‍යරාජයා  ලෙස උපන්නාහ.

කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේදී කැපකිරීම්

    තෘශ්ණාව , මානය , මිත්‍යා දෘශ්ඨිය යන තෙවැදැරුම් කෙලෙසුන් හා නොගැටුණු සිත් කිලිටි නොවූ , කරුණාවෙන් හා උපාය වූ නුවණින්  සිත මනාව රැක ගෙන දාන දී ගුණ ධර්මයන්හි නිරතවීම පාරමී නම් වේ. මෙම දස පාරමිතා;  පාරමිතා , උප පාරමිතා හා පරමත්ත පාරමිතා ලෙස ධර්ම ග්‍රන්ථයන්හි වර්ග කරයි. සම්මා සම්බුද්ධත්වය පතන මහ බෝසත්වරයෙකු එකී සමතිස් පෙරුම්දම් සපුරාලීම අත්‍යවශ්‍ය වෙයි.

කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේදී කැපකිරීම්

දිනේශා කුමාරවංශ 17 වසර කණ්ඩායම

කතුවැකිය

    මා ජීවත් වන්නේ කදුකරයේ ය. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන්ගෙන් වෙනස් වූ දේශගුණයකට උරුමකම් කියන සුන්දර මල්, සශ්‍රික තේ වතු, රිදී සේල වන් දිය ඇලි වලින් ගහනය. සිතන්න ඔබ කිසිවෙක් අකමැති  වනවාද සුන්දර කන්දක් පාමුල සියලු පහසුමක් වලින් අනුන සුඛෝපභෝගී නිවසක් හිමිවනවට. නිසැකවම ඔබ කිසිවෙක් අකමැති නොවනු ඇත.

සෞන්දර්ය හා බුදුදහම


    සුන්දරත්වය යනු සෞන්දර්යට කියන සමාන වචනයකි. සුන්දර දේවල් අගය කිරීම රසාස්වාදනයයි. මිනිසා රසාස්වාදනය ආරම්භකර ඇත්තේ

සාදු සාදු සමිදේ නුඹ වඳිනෙමි

සැලෙන බෝපත් කියයි නුඹෙ ගුණ අඩුවක් නැතිවම               සමිදුනේ
ගැටෙන සුදු වැලි සුපින්වත් බව හෙලි කරයි නුඹෙ දම්                  අගේ
මිලාන මල් පෙති නුඹෙ ලග වැතිරී අනියත කියනා බව               හැගේ
පහන් වැටක් සේ නුඹ අබියස හිත පිරී යයි බුදු                        සමිදුනේ

දළඳා සමිදු ඇයි තවමත් සසරේ අපි?

    අපි මනුෂ්‍යන් ලෙස මෙලොව පහළ වූවෝ වෙමු. පෙර සංස්කාර මත කුමක් හෝ සංඛත ධර්මයක් මත අප ලංකාව නැමති පින් බිමෙහි, සිංහල බෞද්ධයන් ලෙස මතු වීමු. බෞද්ධාගමට අනුව මිනිස් අත්බැව්හි වටිනාකම උදම් අනමු. අවසන දැනට පරමායුෂය වන වසර 65 කට ආසන්නව ආයු වලඳා මිහිදන් වෙමු.
බෞද්ධයකු වී ඔබ දැනට ලබාගෙන ඇති හරය කුමක්දැයි ඔබ සිතුවේද? මදක් හැරී බලන්න, දැනට පවතින තත්වය අනුව වසංගතයෙන් ඔබගේ මරණය සිදු වුවහොත්? ඔබ කුමක් කරන්නේද?

බක් පුන් පොහොය දිනය



මියන්මාරයේ චෛත්‍ය වනාන්තරය - බගාන්


     අග්නිදිග ආසියාතික රාජ්‍යයක් වන මියන්මාරය නොඑසේ නම් පැරණි බුරුමයද ශ්‍රී ලංකාව මෙන්ම ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිතව පවත්නා එක් කේන්ද්‍රස්ථානයක් ලෙස සුප්‍රසිද්ධියක් උසුලයි.

කොතනක සිටියද පවින් නොමිදිය හැකි බව

න අන්තලික්ඛෙ න සමුද්ද මජ්⁣⁣ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතො මුඤ්චෙය්‍ය පාපකම්මා

    අහසෙහි විසුයේ ද, සමුද්‍රමධ්‍යයට ගියේ ද, පර්වත විවරයකට පිවිසියේ ද, කර්මයෙන් නො මිදේ. යම් තැනක වෙසෙන තැනැත්තේ පාපකර්මයා ගේ විපාකය නො ලබා ඉන් මිදේ ද එබදු භුමි ප්‍රදේශයක් නැත.

අවසර දෙනවාද අම්මේ

සසරෙහි බව ගැඹුර
දැනුණා අම්මේ කලක සිට
ඔබට පවුලට ගැති සිත
බැදී තිබුණි යදමක් ලෙසට...
ඇතිවන නැතිවන බැදීම් මැද
දැනෙනා සිත් තැවුල් වේදනාවන් නොමද
ගිලන් වූ කල ගත සිත
ගෙනදෙයි පීඩා නිරන්තර...
නසන්නට සසර දුක
පුරනා පාරමී දමක් ලෙස
දරන්නට කසාවතදෙනවාද අම්මේ අවසර...

සසර අපි....

බව කතර
බොහෝ දුර
පැමිණි මග බලන කල....
සසර මග සැරිසරන
අපි තාම අසරණය..

උතුම් වූ නිවන් මග
දකින්නට මතු සසර
පින් වඩමු හැකි පමණ
එය වේවි සැනසුමම.......

ඉතින් අවසර....

වෙඬරු පිඩ සේ හදක් දුටි නම්,
    ඒ නුඹේ හද ම විය.
මිහිකත ද සේ හදක් දුටි නම්,
    ඒ නුඹේ හද ම විය.
වෙහෙර පරදන හදක් දුටි නම්,
    ඒ නුඹේ හද ම විය.
බෝ සෙවණ සේ හදක් දුටි නම්,
    ඒ නුඹේ හද ම විය.

අනුරුවක් අභියස

විස්මයකි හුදු ශෛලමය පර්වතයක පරිවර්තනය බවට,
දියතක් අමා දම් සිසිලෙන් නිවා සනහා මෝහාන්දකාරයේ තිමිර පට ඉරා ලූ, ලොව්තුරා සම්‍යක් සම්බුදු අමාමෑණියන් වහන්සේගේ අනුරුවක්....
ලත් පමණකින් දැකුම් මාත්‍රයකුදු.......
අවිද්‍යාවෙන් කිළිටි ගත් තුන් සිත වෙඩරු පිඩක් ද්‍රවණය වන්නා සේම මෘදුව,
අසුරු ගසන ක්ෂණයකින් එක්තැන් වී ඒකාලෝක කරන්නට සමත් ඒ මහා බුද්ධ පෞරුෂය විදහා පානා ප්‍රතිමා වහන්සේ...

කතුවැකිය

ඔබේ පරම ලාභය, ඔබේ දෑත මතයි.
කොවිඩ්-19, ඔබටත් මටත් ලෝකයේ රටවල් දෙසිය ගණනක වෙසෙන මිනිසුන්ටත්, මේ වචනය අළුත් නැතැයි සිතමි. එය ශ්‍රීඝ්‍රයෙන් ලෝක ජනගහනය ගිල ගනිමින් පවතී. මිනිසා වරින් වර සොබාදහමට සිදු කල හානි වල සමස්තය, පාරාවළල්ලක් ලෙස ප්‍රතිප්‍රහාරයේ යෙදී සිටියි. ලොව 88,505 කට ආසන්න පිරිසකට මේ වන විට ජීවිත අහිමි වී ඇති ප්‍රස්තුතයක මේ ලිපිය ලියන අවස්ථාවේදී, හත්වන කොවිඩ් මරණය අප රටින් වාර්තා විය.

යශෝදරා

දනිමි සොදලෙසමදිනොවූ මගේ ආලය
නමුදු පස් වී
අලු වී දැවී එය
ලෝ අමා කරුණා දයාවට